[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අරුම පුදුම සංස්කාර

අරුම පුදුම සංස්කාර

කරුණාවයි මෛත්‍රියයි කුසල් වුණත් සංස්කාර
පින් කරන්න හිත නැමෙන්නෙ එතැනත් ඒ සංස්කාර
සමාධියේ සිත රැඳුනම අකම්පිතයි සංස්කාර
සසර සයුර තුළ ගිලෙන්නෙ හිතේ හදන සංස්කාර

දැක්ම තුළින් දෙයක් තනා මුළා කරන සංස්කාර
ඇසෙනාවිට අසන දෙයක් හිතේ හැදුවෙ සංස්කාර
අරමුණූ තුළ පැටලී ගෙන ලොවක් හදන සංස්කාර
නිවන් මඟින් ඉවත දමා සසර වඩන සංස්කාර

අනිත්‍ය දේ නිත්‍ය ලෙසට මුළා කරන සංස්කාර
අසුබ දේට සුබයි කියා හිත රවටන සංස්කාර
ආත්මයේ සිත බැසගෙන ගෙවා දමන සංස්කාර
ජීවිතය ම ගෙවී යන්නෙ නුඹ සමඟයි සංස්කාර

බුදු සමිඳුන් පහළ වෙලා කියා දුන්න සංස්කාර
ලොවින් එතෙර වූ අයමයි හඳුන ගත්තෙ සංස්කාර
කලකිරීම ඇති වුනොතින් හඳුනාගෙන සංස්කාර
විසංඛාර වේ ඒ සිත ගෙවා දමා සංස්කාර

දුරුතු පුර පසළොස්වක

ජනවාරි 24 බදාදා අ.භා. 09.54
පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11.27 ගෙවේ. 25 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 25

Second Quarterඅව අටවක

පෙබරවාරි 02

Full Moonඅමාවක

පෙබරවාරි 09

First Quarterපුර අටවක

පෙබරවාරි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]