ගිරිමානන්ද සූත්‍ර
භාවිතයේ ප්‍රයෝජන
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය
රාජකීය පණ්ඩිත
ත්‍රිපිටකාචාර්ය විනයකීර්ති ශ්‍රී සුමංගල
අමුණුපුර පියරතන නා හිමි
සියලු සැපතින් සපිරුණු සැවැත්නුවර දෙව්රම්වෙහෙර තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ
සිටින සමයෙක ආයුෂ්මත් ගිරිමානන්ද හිමියන්ගේ රෝගාබාධයකට පිළියම් වශයෙන් ගිරිමානන්ද
සූත්‍රය දේශනකොට වදාළ සේක.
ගිරිමානන්ද හිමියන් හමුවීමට වැඩිය ආනන්ද හිමියන් එම රෝගාබාධය දැනගෙන බුදුරදුන්
හමුවට ගොස් දැන්වූයෙන් එම රෝගයට පිළියමක් වශයෙන් දේශිත මෙම උතුම් සූත්‍ර ධර්ම
දේශනාව කෙනකුගේ මානසික පරිවර්තනය මූලාධාර කරගෙන ශාරීරික වද වේදනා සමනය කර ගැනීමේ
මනෝවිද්‍යාත්මක උපාය මාර්ගයක් වේ.
සංජානාතීති සඤ්ඤා, යමක හැඩය හා වර්ණය හඳුනා ගැනීමේ මානසික ස්වරූපය සඤ්ඤාව නමින්
හඳුන්වන නමුත් යථාර්ථ වශයෙන් එබඳු දෙයක් ලොව නොමැත.
පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගේ සංකලනයෙන් ක්‍රියාත්මක වන ස්වභාවයන් හතර
ඒකකය වශයෙන් පවතින විට කාලය, දේශය, ස්ථානය, අනුව විවිධ ස්වරූප හා වර්ණ ඇතිවේ. එහෙත්
එය මූලාධාතු වශයෙන් හඳුනා ගැනීමට තරම් ක්ෂණික බුද්ධියක් නැති නිසා පරිවර්තනශීලි වන
විට දැඩි සේ අල්ලාගත් පුද්ගලයාට වේදනාවක් ඇතිවේ. මනස සමඟ සම්බන්ධ වීමේ කාලය අනුව
වේදනාවේ ස්වභාවය අඩු වැඩි වේ.
1. අනිච්ච සඤ්ඤා 2. අනත්ත සඤ්ඤා 3. අසුභ සඤ්ඤා 4. ආදීනව සඤ්ඤා 5. පහාන සඤ්ඤා 6.
විරාග සඤ්ඤා 7. නිරෝධ සඤ්ඤා 8. සබ්බලෝකේ අනභිරත සඤ්ඤා 9. සබ්බ සංඛාරේසු අනිච්ච
සඤ්ඤා 10. ආනාපානසති
සිතින් ඇල්ලීම
රූප,වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්ඛන්ධයන් කාම, දිට්ඨි, සීලබ්බත පරාමාස,
අත්තවාද යන උපාදාන ක්‍රමයෙන් සිතින් ග්‍රහණයකොට ක්ෂණ මාත්‍ර සංකල්පයක් ඇති කර ගැනීම
අනිත්‍ය සඤ්ඤාවයි. අතීත, වර්තමාන කර්ම හේතුවෙන් ශාරීරික පීඩාකර ධර්මයන්ගෙන් තෙරපීම
ඉතා සියුම් හෘදය වස්තුවට ඉවසීමට නොහැකි නිසා දුක් වේදනාවක් ඇතිවේ. සිහිබුද්ධියෙන්
අනිත්‍ය සඤ්ඤාව උපයෝගී කරගෙන එම දුක් වේදනාව සමනය කරගත හැක.
ඇසත් රූපයත් සත්‍ය
නොවේ නම් ...
ඇස,කන, නාසය, දිව, ශරීරය, මනස යන අභ්‍යන්තර ආයතනවලින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස,
ධර්ම යන බාහිර ආයතනවලින් ආශ්වාද ලැබීම නිසා යම් පීඩාකර ධර්මයක් ඇතිවුවොත් වේදනාව
ප්‍රවාහයක් සේ ගලායේ. මේ නිසා බාහිර අභ්‍යන්තර ආයතන අනාත්ම ලක්ෂණයෙන් බලන්නේ නම්,
දුක් වේදනාව සමනය වේ.
ඇසත්, රූපයත් අනිත්‍ය නම් මේ දෙකින් නිර්මාණය වන විඤ්ඤාණයත් අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂ
වේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙන් කෙරෙන චතුර්විධ කාර්යයන් නිසා
පෝෂණය වන ආයතන ආත්ම වශයෙන් ගත යුතු සාරයක් නැති බව මෙනෙහි කිරීමෙන් වේදනාව සමනය
වන්නේ ය.
මෙනෙහි කළහොත් ...
පාදන්තයේ පටන් කේශාන්තය දක්වා ශාරීරික අංගෝපාංග අසුබ වශයෙන් මෙනෙහි කිරීම අසුභ
සඤ්ඤාවයි. සර්වාංගය ඒකකයක් වශයෙන් ගත් විට උපදින තණ්හා, මාන, දිට්ඨි නිසා ඇතිවන
ආදීනව හා පීඩනය අපමණ ය. ප්‍රවාහයක් සේ අභ්‍යන්තරව වේදනාව ගලා යන්නේ ය. මේ නිසා වෙන්
වෙන්ව ශරීරාංග නිරීක්ෂණය කරන විට යථාර්ථය අවබෝධ වීමෙන් වේදනාව සමනය වන්නේ ය.
ආදීනව සඤ්ඤාව
ශරීරික රෝග පීඩා වෙන් වෙන් ව හඳුනා ගැනීමේ ශක්තිය ආදීනව සඤ්ඤා නම් වේ. සත්වයාට
වන්නා වූ දහස් ගණන් රෝග පීඩා අතරින් ඉතා ප්‍රකට ව, නිතර වැලඳෙන රෝග 49ක් මෙහි දක්වා
ඇතත් සම්පිණ්ඩනයක් වශයෙන් මෙම රෝග ආශි‍්‍රත වෙනත් විවිධ රෝග පීඩා වද වේදනා ඇති බව
ප්‍රකට වේ.
රෝගය නමැති ආදීනව ඇතිවන්නේ ශරීරය ආශි‍්‍රතව බැවින් සතර මහා භූතයන් පෝෂණය වන රෝගයන්ට
නිධානයක් වූ ශරීරයේ විද්‍යමාන ආදීනවය රෝග පීඩා වධ වේදනා ජනිත වීමට හේතුකාරක වේ. මෙය
නුවණින් මෙනෙහි කිරීමෙන් වේදනාව සමනය වේ.
අකුසල ධර්ම බැහැර කිරීම
සිතට ඇතිවන කාම විතර්කය,
ව්‍යාපාර විතර්කය, විහිංසා විතර්කය හා උපන් ළාමක අකුසල ධර්මයන් බැහැර කිරීම පහාන
සංඥාව නම් වේ.
සිත අරමුණ වටා හැසිරීම විතර්කයයි. පංචකාම පිළිබඳ සිත අරමුණෙන් අරමුණට හැසිරෙන විට
ආශ්‍රයට පෙර සිහිබුද්ධියෙන් බැහැර කර ගත යුතු වේ. ක්‍රෝධය, හිංසාව, ළාමක හැඟීම්
ජනිතවීම සජීවි පුහුදුන් ලෝකයේ ස්වභාවයයි.
කාම විතර්කාදී හැඟීම් නොපමාව හඳුනාගෙන පස් ආකාරයකට පහානය කරන්නේ නම්, ශරීරික දුක්
වේදනා සමනය වන්නේ ය. නොඉවසීම, අත්හැරීම, දුරු කිරීම, ගෙවීම, අභාවයට පැමිණවීම යන
සියල්ලගෙන් ම ප්‍රකාශ වන්නේ සිතත්, අරමුණත් අතර සම්බන්ධය ලිහිල් කිරීමයි. එයින්
වේදනාව සමනය වන්නේ ය.
අරමුණෙහි නොඇලෙන්න
සියලු සංස්කාරයන්ගේ සංසිඳීම කාමාදී උපධීන් බැහැර කිරීම, තෘෂ්ණාව නැති කිරීම,
නොඇලීම, නිර්වාණය යන මෙය විරාග සංඥාවයි.
සිතක චේතනා බලයෙන් රැස්වෙන කුසල් අකුසල් සංස්කාර නම් වේ. ඒවා ක්‍රමයෙන් සංසිඳීම
හෙවත් සමථ භාවනාවෙන් සංසිඳියාව කාම ගුණ, බන්ධ, කිලේශ, අභිසංඛාර යන උපධීන් බැහැර
කිරීම, තණ්හාව ගෙවීම, නොඇලීම හෙවත් අරමුණේ ඇලී ගැලී නොසිටීම, කෙලෙස් නිවීම විරාග
සඤ්ඤාව වන අතර, එයින් වේදනාව සමනය වේ.
පංච කාම ගුණ විපරිනාම දුකට ද, රූපාදී ස්ඛන්ධ බන්ධමූල දුකටද, කිලේශයන් අපා දුකට ද,
කුසල, අකුසල, අනෙඤ්ජය සංස්කාර භව දුකද මූලික හේතුවන බැවින් උපධීන් බැහැර කිරීම
වේදනාව සමනය වීමට හේතු වේ.
නිරෝධ සංඥාව
සියලු සංස්කාරයන් සමනය කිරීම, උපධීන් බැහැර කිරීම, තණ්හාව සමුච්ඡේදයෙන් පහානය
කිරීම, විරාගය, නිරුද්ධය යන මේ ස්වභාවය නිරෝධ සඤ්ඤා නම් වේ. එයින් ද වේදනාව සමනය
වේ.
සබ්බලෝකේ
අනභිරත සඤ්ඤා
තෘෂ්ණා, දෘෂ්ටි උපායන් හා උපාදාන ශාස්වත නම්වූ අභිනිවේසයන්, අනුසයන් පහකිරීම
නොඇලීම, නොගැනීම මේ ස්වභාවය සබ්බලෝකේ අනභිරත සඤ්ඤා නම් වේ.
සිත හා බැඳී පවත්නා අකුසල ධර්මයෝ සම්ච්ඡේද ප්‍රමාණයෙන් නැති වන තුරු සන්තානයේ රැඳී
පවත්නා බැවින් අනුසයෝ නම් වෙති.
1. කාමරාග 2.පටිඝ 3. මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග අවිජ්ජා යන අනුසයෝ අර්හත්
මාර්ගය ලබන තුරු චිත්ත සන්තානයේ තහවුරුව පවතිමින් කායික, මානසික පීඩා ඇති කරති.
නාම රූපධර්මයන් දැඩිව අල්ලා ගන්නා වූ මනසට ශක්තියක් ලබා දෙන උපාදනයෝ සතර දෙනෙක්
වෙති.
පංචකාම පිළිබඳ කාමුපාදානද, ආත්මය හා ලෝකය පිළිබඳ ශාස්වත දෘෂ්ටි සංඛ්‍යාත දිට්ඨි
උපාදානය ද, අසත්මාර්ග පිළිවෙත් නම් වූ සීලබ්බත උපාදානය ද,විසි වැදෑරුම් ආත්ම දෘෂ්ටි
අත්තවාද උපාදානය ද යන සිව් උපාදානයන් මනසින් බැහැර කිරීමේ ප්‍රඥා සහගත අභිලාෂය
සබ්බලෝකේ අනභිරත සංඥාව නම් වන්නේය.
සිහිබුද්ධිය වේ නම් ...
සියලු නාම රූප ධර්මයන් අනිත්‍ය වශයෙන් කල්පනා කිරීම සබ්බ සංඛාර අනිත්‍ය සංඥාවෙයි.
නාම වශයෙන් චිත්ත චෛතසික ධර්මයන්ද රූප වශයෙන් අටවිසි රූප ද එක්රැස් වන බැවින්
සංස්කාර නමින් හැඳින්වෙන අතර, චිත්තවිථි උප්පාද ඨිති භංග වශයෙන් මොහොතක් පාසා වෙනස්
වන අතර, රූප කලාප ද එසේම බිඳි බිඳී පවත්නා බැවින් අනිත්‍ය නම් වේ. එය සිහි
බුද්ධියෙන් කල්පනා කිරීමෙන් වේදනාව සමනය වේ.
ආනාපානසති සංඥාව
සිහිබුද්ධියෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම ආනාපාන සති සංඥාවයි. උපන්දා සිට ජීවිතාන්තය
දක්වා සත්වයාගේ මූලික ජීවන කාර්ය වන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමයි. එය අරමුණක්
වශයෙන් ගෙන සතිපට්ඨානය ඇති කර ගෙන නිර්වාණගාමි ප්‍රතිපදාවක් වශයෙන් තම පරමාර්ථයට
අනුව පිළිපැදීමෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත් අයුරු අප ගෞතම බුද්ධ චරිතයෙන්
ප්‍රකට වේ.
ගිරිමානන්ද සූත්‍රයෙන් ආනාපාන සතිය සොළසාකාරයට (16) දක්වා ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන්
දෙතිස් ආකාරයට විස්තර වේ.
1. දීර්ඝව ආශ්වාස ප්‍රාශ්වාස කරන බව හා එය දැනීම,
2. හුස්ම වශයෙන් ආශ්වාස ප්‍රාශ්වාස දැනීමෙන් කිරීම,
3. ආශ්වාස ප්‍රාශ්වාස කය දන්නෙමි යැයි හික්මීම,
4. කාය සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් හික්මීම,
5. පී‍්‍රතිය සමඟ ආශ්වාස ප්‍රාශ්වාස කරමින් හික්මීම
6. සුවය විඳිමින් ආශ්වාස කරන්නේ හික්මීම.
7. චිත්ත සංඛාර දැන ගනිමින් ආශ්වාස ප්‍රාශ්වාසයෙන් හික්මීම
8. චිත්ත සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ හික්මෙන්නේ ය.
9. සතර ධ්‍යාන චිත්තයෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් හික්මෙන්නේ ය.
10. සමාධි – විදර්ශනා දෙකින් සතුටුව ආශ්වාස ප්‍රාශ්වාස කරමින් හික්මෙන්නේ ය.
11. ධ්‍යානාදී අරමුණෙහි සිත පිහිටුවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරමින් හික්මෙන්නේ ය.
12. නීවරණයන්ගෙන් සිත මුදමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ හික්මෙන්නේ ය.
13. අනිත්‍ය ලක්ෂණ දකිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ හික්මෙන්නේ ය.
14. විරාගය දකිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ හික්මෙන්නේ ය.
15. නිරෝධය දක්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ හික්මෙන්නේ ය.
16. විදර්ශනා මාර්ගයෙන් ක්ලේශයන් හැරීම දක්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ හික්මෙන්නේ
ය.
අනිත්‍ය සංඥාව රූපාදී පංචස්කන්ධය කාමාදී උපාදාන හතරට වැඩිවීමෙන් 20කට ද අනන්ත සංඥාව
ඇස්, කන්, නාසාදී වශයෙන් අජ්ඣත්තික බාහිර ආයතන අනුව 12ට ද අසුභ සංඥාව ශරීරිකාංග
අනුව 32ට ද විස්තර වේ. ආදීනව සංඥාව රෝග පීඩාව අනුව 50ට ද පහාන සංඥාව කාම, ව්‍යාපාද,
විහිංසා, උපන් අකුසල් ධර්ම යන සතර පස් ආකාරයකට නැතිකිරීම නිසා 20ට ද විරාග සංඥාව,
සංඛාර 50 ද උපධී 4 වශයෙන් සකේෂපයෙන් 54ට ද නිරෝධ සංඥාව වේදනා සඤ්ඤා දෙක හැර 50ට ද
උපධි 4 ද වශයෙන් 54ට විස්තර වේ.
සබ්බලෝක අනභිරත සංඥාව අනුසය 7ද උපාදාන 4 වශයෙන් 11ටද සබ්බ සංඛාර අනිත්‍ය සංඥාව
වේදනා සඤ්ඤා හැර චෛතසික 50 පීඩාව ලජ්ජා පිළිකුල් අනුව 150ට ද විස්තර වශයෙන් දැක්වේ.
ආනාපානසති සංඥාව ක්‍රම 16 ආශ්වාස ප්‍රාශ්වාස වශයෙන් 32ට යන සංක්‍ෂේපයෙන් දෙතිස්
ක්‍රමයකට දක්වා ඇත.
මෙම ගිර්මානන්ද සූත්‍රය භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන
බුද්ධ ධර්මය පිළිබඳ දැනීමක් ලැබීම
නිරෝගි සම්පත්තිය ලැබීම
බුද්ධි වර්ධනය
සතුට සම්පත භාග්‍ය ඇතිවීම
මහඟු කුසලයක් ලැබීම
මරණාසන්නයේ සිහිවිකල් නොවීම
ආයති භවය සැපවත්වීම
නිර්වාණය අවබෝධය
පශ්චාත් ජනතාවට ආදර්ශයක් වීම |