සාමූහික සිතිවිලි සමාජයක ස්ථාවරය ගොඩනඟයි
මාබෝපිටිය අලව්ව
ශ්‍රී සුධර්මාරාම බෝධිඝර විහාරයේ
විහාරාධිපති ධර්මාචාර්ය
තෙලිකඩ ධම්මිස්සර හිමි
බුදු දහමෙහි ඉගැන්වෙන සුවිශේෂී ධර්ම සතරකි සතර සංග්‍රහ වස්තුව. දහමෙහි ඒවා
පෙන්වන්නේ දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව, සමානාත්මතාව ය යනුවෙනි. මේ ධර්මතා සතර
ධර්මානුකූල ව රටක් පාලනය කරන රජකුට, එසේම යම් ආයතනයක් මෙහෙයවන ප්‍රධානියකුට පමණක්
නොව ගම් ප්‍රධානියෙක් හට, නිවසක මූලිකයකුට ස්වකීය පාලනය නිසි ලෙස මෙහෙයවා ගැනීමට
අතිශයින් වැදගත් ය. ඕනෑම සමාජයක් සැකසෙන්නේ ඒ ඒ පුද්ගලයන් සාමූහික ව එක්වෙන විට ය.
මේ සංග්‍රහ වස්තූන් වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කරන විට ඒවා මුළු මහත් සමාජ තලයේම
ප්‍රගතියට හේතුවන බව මැනවින් පැහැදිලි වේ.
සංග්‍රහ වස්තු අතර මුලින්ම දක්වන්නේ දානයයි. එතැනින් අදහස් කරන්නේ තමන්ට අයිති
දෙයක් තවත් කෙනකුට ප්‍රදානය කිරීමයි. එය පූජා බුද්ධියෙන් හෝ අනුග්‍රහ බුද්ධියෙන් කළ
හැකි ය. ලොව පවතින උතුම් ක්‍රියාව ද, දුෂ්කරම ක්‍රියාව ද දානය යැයි කිවහොත් එය ඉතා
නිවැරැදි ය.
සම්මා සම්බෝධිය පතා පාරමී දම් සපුරන බෝසත් උතුමෙක් ඒ සඳහා මුලින් ම තෝරා ගන්නේ
දානයයි. ඒ ඇයි? දානය තුළින් ලෝභය දුරින් ම දුරු වී ගිය කල සත්‍යාවබෝධය ලැබෙන
බැවිනි.
ඒ වාගේම රටක් පාලනය කරන රජෙකුට සම්මත කළ රාජධර්ම දහයක් ඇත. ඒවා දස රාජ ධර්මයි. මේ
දසරාජ ධර්ම අතර ද දානය මුල්තැනට ගෙන ඇත. සෑම බෞද්ධයෙක් ම අනුගමනය කළ යුතු
ප්‍රතිපත්ති දහයක් ධර්මයේ ඉගැන්වේ. දස පුණ්‍ය ක්‍රියා යනුවෙන් පෙන්වන ඒ පුණ්‍ය
ක්‍රියා අතර පළමු වැන්න දානයයි.
අභය දානය, ආමිෂ දානය, ධර්ම දානය ආදී වහයෙන් දාන ප්‍රභේද දක්වා ඇත. විපතට පත්
සත්වයන් ඒවායින් මුදා ජීවිත දානය දීම අභය දානයයි. එසේම ආහාරපාන ගෘහ වස්ත්‍ර ඖෂධ ආදී
විවිධ දෑ අන් අයට ලබා දීම ආමිෂ දානයයි.
ශ්‍රේෂ්ඨතම දානය ලෙස සලකනු ලබන්නේ ධර්ම දානයයි. තථාගත ධර්ම ලාභාපේක්ෂාවෙන් තොරව
දේශනා කිරීම, එසේම ධර්ම ග්‍රන්ථ ජනී ජනයා අතරට පත්කිරීම ආදී සද්කාර්යයෝ ධර්ම දානය
ලෙස සැලකේ. පිළිසඳරෙහි යෙදෙන්නට බොහෝ දෙනා කැමැත්තක් දක්වති. එහෙත් උතුම් පිළිසඳර
තථාගත දහමෙහි පෙන්වා දී ඇත. ඒ මෙසේ ය.
ද්වෙ මෙ භික්ඛ වෙ පටිසත්ථාරා කතමෙ ද්වෙ ආමිස පටිසන්ථාරොච - දම්ම පටිසන්ථාරොච ඉමෙ ඛො
භික්ඛ වෙ ද්වෙ පටිසන්ථාරා එතදග්ගං භික්ඛවෙ ඉමෙසං ද්වින්නං පටිසන්තාරානං යද්දං ධම්ම
පටිසන්ථාරොති.
බුදුපියාණන් වහන්සේ එම දේශනා පාඨයෙන් මෙසේ වදාරා ඇත. මහණෙනි, ආමිස පිළිසඳර, ධර්ම
පිළිසඳර යැයි පිළිසඳර වශයෙන් දෙකකි. එයින් ධර්ම පිළිසඳර උතුම් යයි කියමි.
එයින් ධර්මයේ උදාරත්වය වටහා ගත හැකි ය. මුලින් පෙන්වූ ආමිෂ දානයෙන් සසර ගමනේ දී ආයු
වර්ණ ආදී ලෞකික සම්පත් වින්දනය කිරීමට මහත් ශක්තියක් ලැබෙන බව සත්‍යයකි. එහෙත්
දීරිඝ කාලීන සංසාර දුක්ඛස්කන්ධයෙන් සදාකාලික මිදීම නම් වූ නිර්වාණාවබෝධයට සාධක
වනුයේ ධර්මයයි.
සංග්‍රහ වස්තු අතර මීළඟට පෙන්වන්නේ පි‍්‍රය වචනයයි. ඒ තුළින් ජන සමාජය ආකර්ෂණය කර
ගැනීමට හැකියාව ඇත. සැඩ පරුෂ වචන අසන්නට කිසිවෙක් කැමැති නැත. සාමාන්‍යයෙන්
මිනිසුන් පමණක් නොව, තිරිසන්ගත සතුන් ද සුමට සුමුදු වදන්වලට පි‍්‍රය කරන බව ඉතා
ප්‍රකට නන්දිවිශාල ජාතක කතාවෙන් ද අපට වටහා ගත හැකි ය. පි‍්‍රය වචනය සමාජගතවී ඒ ඒ
ක්ෂේත්‍රයන් ඔස්සේ විහිදී යන අන්දම මෙසේ විග්‍රහ කළ හැක.
කිසියම් රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක ප්‍රධාන පරිපාලනයට සම්බන්ධ වූවන් ස්වකීය සේවක
සේවිකා පිරිසට පි‍්‍රයශීලී ලෙස වචන හසුරවමින් අමතයි නම්, ඒ පිරිස ද සුහදශීලීව අවංකව
කැපවීමෙන් ස්ව සේවාවන් ඉටු කරනු ඇත. එසේම යම් නිවසක නැතහොත් ආගමික මධ්‍යස්ථානයක
මූලිකයන් තමන් සමඟ සිටින සැමට පි‍්‍රය වචනයෙන් අමතයි නම්, ඔවුන්ගේ ප්‍රතිචාරය ද
යහපත් තත්ත්වයක පවතිනු ඇත.
සතර වාග් දුෂ්චරිත අතර පරුෂ වචන නැතහොත් නපුරු වචන පැවසීම නොකළයුතු බව පෙන්වූයේ
පි‍්‍රය වචන පැවසීම නිහඬව අගය කිරීමක් වශයෙනි.
එදා අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වටා සිය දහස් ගණනින් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ
රාශිභූත වූයේ කිසිදු මායා බලයකින් නොවේ. ඒ අසහාය ශාස්තෘන් වහන්සේ සතුව තිබූ
ආකර්ෂණීය පි‍්‍රය ජනක වාග් ශක්තිය නිසා ය.
එම නිසා පි‍්‍රය වචනය යනු අමිල සම්පතක් බව වටහා ගනිමු. සිවු සඟරාවත් අතර තෙවැන්න
අර්ථ චරියාවයි. මෙයින් අදහස් කෙරෙන්නේ අර්ථයක්, යහපතක් සලසා ගැනීමයි. ඒ වාගේම සලසා
දීමයි. අර්ථයක් සලසා ගැනීමට කළ යුත්තේ දහමෙහි පෙන්වන ප්‍රධාන ප්‍රතිපත්ති සතරක්
අනුගමනය කිරීමයි. ඒවා නම් උට්ඨාන සම්පදා (උත්සාහය) ආරක්ඛ සම්පදා (වස්තු ආරක්ෂා
කිරීම) කල්‍යාණ මිත්තතා (යහපත් මිතුරන් ඇසුර) සම ජීවිකතා (අය වැය සමව සලකා
ජීවත්වීම)
ගොවියෙක්, වෙළෙන්දෙක්, කර්මාන්තකරුවෙක් ආදී ඕනෑම අයෙක් තම දිවි මඟ ඉහත ධර්මතා අනුව
හසුරවන්නේ නම්, අර්ථචරියාව ඈතක නොවන බව සක්සුදක් සේ පැහැදිලි ය. ඒ සමඟම රටතුළ සිටින
කෘෂිකාර්මික, ව්‍යාපාර, කර්මාන්ත ක්ෂේත්‍රයන්හි නියැළෙන්නන්ට පාලකයන් විසින්
මූල්‍යමය ප්‍රතිපදාන පහසුවෙන් සලසා දෙන්නේ නම්, ඒ තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් වී
පොදුවේ සැමට ම අර්ථ චරියාවක් සැලසෙනු ඇත.
සතර වැනි සංග්‍රහ වස්තු සමානාත්මතාවය යි. සෑම දෙනාට ම සම සිතින් සැලකීම මෙයින්
අදහස් කෙරේ. ජාති භේද, පන්ති භේද, කුලභේද ආදියෙන් ඈත්වී එකාවන්ව කටයුතු කිරීම
මහත්මා ගතියකි.
අත්තුක්කංශනය - පරවම්භනය යනුවෙන් පෙන්වන තමන් උසකොට සිතීම, අනුන් පහත් කොට සැලකීම
හුරු කළ අයට මේ සමානාත්මතාව නම් උතුම් දහමෙහි පිහිටීම තරමක් අසීරු ය. උසස් මිතුරන්
ලෙස උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්ථක්ඛායි, අනුකම්පක යැයි සිවු දෙනෙක් දහමෙහි පෙන්වා
ඇත. එහිදී සමාන සුඛ දුක්ඛ යැයි පෙන්වූයේ මිතුරාගේ සැප දුක තමාගේම සැපක් හෝ දුකක්
යැයි සිතීමයි. ඒ තුළින් ද මේ සමානාත්මතාව ඉස්මතුව පෙනේ. ඒ ආකාරයෙන් සතර සංග්‍රහ
වස්තුවේ අගය මැනවින් වටහාගෙන ඒ ආභාසයෙන් දිවිමඟ සුවපත් කර ගනිමු. |