ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වෙසක් අමාවක පෝදා 2023 මැයි 19 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය 22 වැනි වරටත් සංවිධානය කළ බෞද්ධාලෝක වෙසක් උත්සවයේ දෙවැනි දින ධාතු ප්‍රදර්ශනය විවෘත කිරීම ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිතුමන් අතින් සිදු කෙරුණි. මේ අවස්ථාවට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජික භවතුන් ද සහභාගි වූහ.
මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුන්දි බෞද්ධ උරුමය ගැන පරිසංවාදයක් 19 වෙනිදා පෙරවරු 9.00ට මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර උසස් අධ්‍යාපනය ආයතනයේ දී සිදු කෙරේ. කුරුන්දි යනු ඝඨාකාර සම්ප්‍රදායේ මෙරට හමු වී ඇති එකම දාගැබ වන අතර, එය සංරක්ෂණය කිරීමේ දායකත්වය බෞද්ධාලෝක පදනම විසින් සිදු කරනු ලැබේ. එමෙන්ම එහිදී, එදිනම පස්වරු 2.00ට ආචාර්ය හිඳගල ඤාණාධාර ස්වාමින් වහන්සේ විසින් රචිත දකුණු ඉන්දියාවේ (ද්‍රවිඩ දේශයේ) ථේරවාදි බුදු දහමේ ව්‍යාප්තිය ග්‍රන්ථයේ දෙමළ භාෂාවට පරිවර්තනය එළිදැක්වීම ද සිදු කෙරේ. සාහිත්‍ය බහුමානයන්ට පාත්‍රවූ එම ග්‍රන්ථය දෙමළ භාෂාවට පරිවර්තනය කරනු ලැබුවේ මුත්තයියා දොරේසාමි සහ රාමයියා සඳගෝපන් යන මහත්වරුන් විසිනි. ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇත්තේ බෞද්ධාලෝක පදනම විසිනි. මෙම එළිදැක්වීමේ මුලසුන මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් හොබවන අතර, දකුණු ඉන්දීය ශාසන ඉතිහාසය ගැන දෙසුමක් රාජකීය පණ්ඩිත වජිර ප්‍රභාත් විජේසිංහ විසින් ද දකුණු ඉන්දීය බුදු දහමේ පරිහානිය ගැන මහාචාර්ය ජයපාල් හා දකුණු ඉන්දීය බුදුදහමේ පුනර්ජීවනය ගැන ගෞතම් ප්‍රභූ නාගප්පන් විසින් ද දෙසුම් පවත්වති.
මැයි 18 බ්‍රහස්පතින්දා අ.භා.09.48 න් අමාවක ලබා 19 සිකුරාදා අ.භා. 09.28 න් ගෙවේ. 19 සිකුරාදා සිල්.
අමාවක
මැයි 19
පුර අටවක
මැයි 27
පසළොස්වක
ජුනි 03
අව අටවක
ජුනි 10
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]