[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

උපෝසථ සීලයේ අනුසස් අපමණයි

අපගේ ශාස්තෘන් වහන්සේ අමා මහ නිවන සාක්ෂාත් කිරීම පිණිස ගමන් කළ යුතු මාර්ගය ලෙස වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. මෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවෙන් යුතු වේ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා මුලින් ම හික්මෙන්නේ සීලය තුළ යි. නිති පන්සිල් සුරකින ඔහු පොහොය දිනට අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන් වෙනවා.උපෝසථ සීලයේ අනුසස් පිළිබඳ අංගුත්තර නිකායේ සඳහන් “විශාඛා උපෝසථ සූත්‍රයේ” දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා. පින්වත් විශාඛා අංග අටකින් යුතු උපෝසථ සීලය සමාදන්වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබළීම් ඇත්තේ වෙයි. මහත් යහපත ඇත්තේ වෙයි.” විශාඛාවෙනි, ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් විමසනවා. “රහතන් වහන්සේ දිවි ඇති තෙක් සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණු සේ්ක. දඬු මුගුරු අත්හැර අවි ආයුධ අත්හැර, ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව සියලු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පිත ව වසන සේක. මමත් අද දින සතුන් මැරීම අත්හැර, දඬු මුගුªරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලජ්ජා ඇතිව, දයාවෙන් යුතුව සියලු ප්‍රාණයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරමි. මම මේ අංග සමාදන් වී රහතන් වහන්සේ අනුව යමි” කියා මේ පළමු අංගයන්ගෙන් සමන්විත වෙයි.ආර්ය ශ්‍රාවකයා, උතුම් රහතන් වහන්සේ දිවි ඇති තෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටි අයුරු සිහිපත් කරනවා. සොරකමින් වැළකී, බ්‍රහ්මචාරීව වාසය කරමින්, බොරු කීමෙන් වැළකී, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටි අයුරු සිහි කරනවා. ඒ වගේම රාත්‍රි භෝජනයෙන් තොර ව විකාලයේ ආහාර ගැනීමෙන් වැළකී සිටි අයුරු, නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම, මල් සුවඳ විලවුන් දැරීම, විසිතුරු වටිනා සුඛෝපභෝගි ආසනවලින් වැළකී සැතපුණු අයුරු සිහිකරමින් පොහෝය දින අෂ්ටාංග උපෝසථ සීලය රකිනවා.


වෙසක් අව අටවක

මැයි 12 සිකුරාදා පූ.භා. 09.09 න් අව අටවක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.53 න් ගෙවේ.
12 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

Full Moonපසළොස්වක

ජුනි 03

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]