[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අම්බ ජාතක කතාව ඇසුරිනි

උඳුවප් අව අටවක පෝය

 දෙසැම්බර් 16 සිකුරාදා පූ.භා. 01.39 අව අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 03.02 ගෙවේ.
16 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

කර්මය නම් කුමක්ද?

අපේ ක්‍රියාවනට අනුකූලව ක්‍රියාත්මක වන, පුද්ගලයකුගේ බලපෑමක් නැති, ස්වභාවික න්‍යායක් ලෙස කර්මය හැඳින්විය හැකි ය. එය නීති දායකයකු නොමැතිව නීතියක් නොහොත් ධර්මතාවක් ලෙසින් පවතින්නකි. කර්මය ක්‍රියාත්මක වන්නේ එයට ම ආවේණික වූ ක්ෂේත්‍රයක ය. බාලයකු සරල බසින් කර්මය කුමක්දැයි මෙසේ දක්වනු ඇත. එනම්, හොඳක් කරන්න. ඒ හොඳ ඔබට දැන් හෝ පසුව හෝ ලැබේ. නරකක් කරන්න. එම නරක දැන් හෝ පසුව හෝ ඔබට ලැබේ. අස්වනු නෙළන බසින් දක්වතොත් කර්මය මෙසේ පැහැදිලි කළ හැකි ය. ඔබ හොඳ බීජ වැපුරුවොත් හොඳ අස්වැන්නක් ඔබට ලැබේ. නරක් වූ බීජ වැපුරුවොත් නරක අස්වැන්නක් නෙළා ගත හැකි ය. විද්‍යානුකූල බසින් කර්මය යනු හේතු ප්‍රත්‍ය න්‍යාය ලෙස දැක්විය හැකි ය. සෑම හේතුවකටම ප්‍රතිඵලයක් ඇත. ධම්මපදයේ කර්මය විස්තර වන්නේ මේ ආකාරයෙනි. සියලු හොඳ හෝ නරක අවස්ථාවන්හි දී මනස පෙරටුව සිටියි. ඔබ අයහපත් හෝ යහපත් මනසකින් කථා කරයි ද, ක්‍රියා කරයි ද, එවිට අයහපත හෝ අයහපත ඔබ පසුපස එන්නේ රියෙහි බැඳි ගවයා ගේ පසුපස යන රිය සක ලෙස ය. නැතහොත් ඔබ අත හැර නො යන ඔබේ සෙවණැල්ල මෙනි.

පවිටු මිතුරා අයහපත ම ගෙන දෙන්නේ ය ...

අප මහ බෝසතාණන් වහන්සේ, අතීතයේ සිංහරාජයෙක් ලෙස ස්වකීය සිංහ ධේනුවත් සමඟ එක්ව වාසය කෙළේ ය. ඔවුන්ට පුතෙක් හා දුවක් වශයෙන් දරුවෝ දෙදෙනෙක් වූහ. ‘මනෝජ’ යනු ඒ එකම පුතුගේ නමයි. මනෝජ ද තරුණ වියට පත්වූ පසු ගැලපෙන සිංහ ධේනුවක් සමඟ පවුල් විය. මෙසේ ඔවුන් විසූ ගුහාවේ මුළු පවුලේ එකතුව පස්දෙනෙකි. මනෝජ කුළු මීමුන් ආදී වන සතුන් මරා ගෙනවුත් සිය මවුපියන් ප්‍රධාන පවුලේ උදවියට දී ඔවුන් පෝෂණය කරයි. එක්දිනක් ගොදුරු බිම ඇවිදින මනෝජට සිවලකු දක්නට ලැබුණි. ‘ගිරිය’ නම් වූ මේ සිවලා තරුණ සිංහයා දුටු සැණින් පලා යන්නට උත්සාහ කළත්, එය නිශ්ඵල බව දැන බයාදු ලෙස ගාත් දෙපසට දමා බිම වැතිරුණේ ය. ඒ දුටු සිංහයා "මිතුර, මේ කිමදැ?"යි ඇසීය. "ස්වාමීනි, මම ඔබතුමා දැකීමට පැමිණියේ ඔබේ ළඟ සේවාකම් කරමින්, උපස්ථාන කරමින් උදව්වීමට යැ"යි සිවලා කීවේ ය. එවිට සිංහයා තමා ඊට කැමති බව සිවලාට දැනුම් දී, ඌත් කැටුව තමා වසන ගුහාවට ගියේ ය. සිවලා දුටු බෝසත් සිංහ රාජයා, "පුත මනෝජ, සිවල්ලු නම් දුස්සීලයෝ ය. පාප ධර්මයෙහි ඇලුණු අය වෙති. අවැඩෙහි යොදවන්නෝ ම වෙති. එබැවින් එවැන්නකු ළං කර නොගත යුතු යැ"යි සිය පුතුට අවවාද කෙළේ ය. එසේ වුවත් ඒ කිසිවක් ගණන් නොගත් මනෝජ, සිවලා සමඟ ම සියලු ගමන් බිමන් ගියේ ය. කිසියම් දවසක අශ්ව මස් කෑමට ආශාවක් ඇති වූ සිවලා, මනෝජ අමතා, "ස්වාමීනි, අප විසින් අශ්ව මස් හැර වෙනත් නො කෑ මසක් නැත. ඒ නිසා අපි අශ්වයකු අල්ලා ගනිමුදැ?"යි කීවේ ය. "මිතුර, අශ්වයන් සිටින්නේ කොහිද?"  "ස්වාමීනි, බරණැස් නුවර නදී තෙර ඕනෑ තරම් අශ්වයෝ සිටිති" යි සිවලා කීය.

දෙව්ලොවට මඟ පෙන්වූ කුසල් සිත

පෙර ලංකාද්වීපයේ මධුඅංගණ නමින් ගමක් තිබුණා. ගිරි විහාරය නම් වනගත ආරාමයක් ද පිහිටා තිබුණේ මේ සමීපයේ. පිණ්ඩපාතයෙන් පමණක් යැපෙන භික්ෂූන් වහන්සේ නමක් ඒ ආරාමයේ වැඩ සිටියා. ගම්වැසියන් වගේම සෙසු භික්ෂූන් වහන්සේත් උන්වහන්සේ හඳුනා ගත්තේ ‘චුල්ල පිණ්ඩපාතිය තිස්ස තෙරුන් වහන්සේ’ කියලා. එක් වේලක් පමණයි උන්වහන්සේ වැළඳුවේ. එයත් පිණ්ඩපාතයෙන් ම තමයි ලබා ගත්තේ. පිණ්ඩපාතිය තිස්ස හිමි කියූ නම හැදෙන්න හේතුව එයයි. උන්වහන්සේ හැමදාම උදෙන්ම පිණ්ඩපාතයේ වැඩම කරනවා. මෙ සමයේ මධුඅංගණ ගමේ ජීවත් වුණා දෙමළ දොරටුපාල කියලා තරුණයෙක්. ඔහු විවාහ වෙලයි හිටියේ. හැබැයි දරුවෝ හිටියේ නෑ. ඔහු රැකියාව වශයෙන් කළේ මාළු මරණ එක. හැමදාම උදෙන් ම අවධිවෙනවා. බිරිඳ හදා දෙන කෑම එකත්, බිලීපිත්තකුත් අරගෙන යනවා වැවට. තෙරුන් වහන්සේත් වැඩම කරන්නේ මේ වේලාවට ම තමයි. උන්වහන්සේ දිනපතාම දෙමළ දොරටු පාලයාගේ මේ කි‍්‍රයාව දකිනවා. මෙහෙම අවුරුදු පනහක්ම ගෙවී යනවා. තෙරුන් වහන්සේත් දැන් බොහොම වයසට ගිහින්. තරුණයාත් වයසට ගිහින්. දින ගණනාවක් ම පිණ්ඩපාතයේ වැඩම කළත් දෙමළ දොරටුපාලක දකින්න ලැබුණේ නෑ. තිස්ස තෙරුන් වහන්සේට හිතුණා ධීවරයාට මොනව වුණාදැයි හොයා බලා දුකකට පත්වෙලා නම් පිහිට වෙන්න ඕන කියලා.

දැවෙන ගිනිගොඩක නොදැවුණු පින් සිත

ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ කොසඹෑ නුවර අසල සුංසුමාරගිරි පර්වතයෙහි වැඩ වසන සමයෙකි. කොසඹෑ රජු ද, අගබිසව වෙස්සමිත්තාවෝ ද නිරතුරු බුදුහිමි හමුවෙමින් දහම් ඇසූහ. බුදුහිමියන් කෙරේ මහත් සැදැහැයෙන්, මමත්වයෙන් පහන් සිතින් විසූහ. දිනක් පසල් දනව් රජෙක් කොසඹෑ නුවර රාජ්‍යය අල්ලා ගනු රිසියෙන් “රාජ්‍යය දෙව. නැතහොත් සටන් කරව“යි හසුන් එවුවේ ය. රජු බිසවුන් අමතා “දේවිය රාජ්‍ය අනිකකු හට නොදෙමි, යුද කරමි, ඔබ ද මා සමඟ පැමිණෙන්න. සටන් කරන අයුරු බලන්න. මා යුද්ධයෙන් පරාජය වුවොත් රක්ත වර්ණ කොඩියක් ඔසවමි. ඒ ලකුණු දකින ඔබ වහා කොසැඹෑ නුවරට පලා යන්න.” “යහපති ස්වාමීනි, ඔබතුමා සටනින් ජය ගන්න.” යුද බිම් මහ සටන් ය. කොසැඹෑ රජු, කෙසෙල් වනයට වන් මතැත් පොව්වකු සේ සතුරන් හෙළමින්, අසුන්, ඇතුන් නසමින් ජයග්‍රාහී ලෙසින්, පෙනී යයි. එහෙත් තමන්ට පරාජය අත්වන බව රජුට පෙනේ. බිසවට පෙනෙන ලෙස රතු කොඩියක් නංවා සටන් කරමින් යුද බිම සතුරන් අතින් මිය යයි. වෙස්සමිත්ත, බිසව ඇසිපිය නොහෙළා සියල්ල බලා සිටියා ය. “ඕහ්, රතු කොඩියක්.... රජතුමාට පරාජයක්”, බියට පත් දේවිය කොසැඹෑ නුවර බලා යන්නීය. ඇය කොසැඹෑ රජුගේ අගබිසව බව හඳුනා ගත්තෝ පසල් දනව් රජු වෙත ඇය ගෙනවිත් දෙති.

උඳුවප් අව අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]