[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව දේවාල විහාරස්ථානයේ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

උඳුවප් පුර පසළොස්වක පෝය

 දෙසැම්බර් 07 බදාදා පූ.භා. 08.04 පුර පසළොස්වක ලබා 08 බ්‍රහස්පතින්දා පූ.භා. 09.40 ගෙවේ. 07 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

දෙසැම්බර් 07

Second Quarterඅව අටවක

දෙසැම්බර් 16

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

පූජාභූමි 14 ට සන්නස්පත්‍ර ප්‍රදානය කෙරුණ වගයි

අප මුතුන් මිත්තෝ ඉතිහාසයේ පියගැටපෙළ නිර්මාණය කළෝ ය. අපි ඔවුන්ගේ දරු මුණුපුරන් වෙමු. එකී උරුමයන් මතු පරපුරට ආරක්ෂා කර දීම අපේ වගකීම වන්නේ ය. එදා අපේ රජ දරුවෝ පුදබිම් උදෙසා නින්දගම් ඉඩකඩම් පැවරීම සිදුකළහ. අධිරාජ්‍යවාදී ආක්‍රමණයත් සමඟ විහාරස්ථානවල ඉඩකඩම් අක්කර ලක්ෂ ගණන් අහිමි විය. ඒවා නැවත විහාරස්ථානවලට පවරා ඓතිහාසික උරුමයන් ආරක්ෂා කර මතු පරපුරට දායාද කිරීමේ කටයුතු විටින් විට සිදු කෙරෙමින් පවතී. එහි දිගුවක් ලෙස බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය මඟින් ඉකුත් 25 වැනි දා විහාරස්ථාන දාහතරක් පූජාභූමී බවට ප්‍රකාශයට පත්කළ සන්නස් පත්‍ර ප්‍රදානය අරලියගහ මන්දිරයේ දි සිදුකෙරිණි. රත්නපුර කූරගල රාජමහා විහාරය, කුරුණෑගල නිකසලා නුවර රාජමහා විහාරය, මැද්දේපොල රාජමහා විහාරය, බිංගිරිය දේවගිරි රාජමහා විහාරය, කොටහේන පරමානන්ද පුරාණ විහාරය, කෑගල්ල මාම්පිට ගල්ලෙන් රාජමහා විහාරය, අම්පාර මගුල් මහා විහාරය, පියංගල රාජමහා විහාරය, මාතර කොළවෙනිගම රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ඇතානැඟි කන්ද පුරාණ රාජමහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, සංඛමලේ රාජමහා විහාරය, ත්‍රිකුණාමලය ආසිරිකන්ද රාජමහා විහාරය, ත්‍රිකුණාමලය නාගලෙන රාජමහා විහාරය යන විහාරස්ථාන ඒ අතර විය.

උඳුවප් පෝදා ගෙන වැඩි බෝධිය වඳිමු පුදමු ජය සිරිමහ බෝධිය

සිරිලකට විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ගේ දක්ෂිණ ශාඛාව වැඩමවීමෙන් පසුව මහත් උත්සවාකාරයෙන් එයට පුද පූජා පැවැත්වී ය. ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ උඳුවප් පුර පසළොස්වක පොහොය දා දඹදිව සිට සංඝමිත්තා මහ රහත් තෙරණිය විසින් වැඩම කරවන ලද බෝ සමිඳුන් දේවානම්පියතිස්ස මහ රජු විසින් අනුරාධපුර මහමෙව්නා උයනෙහි පිහිටුවනු ලැබීය. බෝ සමිඳුන් දඹකොළ පටුනේ දී පිළිගෙන අනුරාධපුර අගනුවරට වැඩමවීම හා රෝපණය කිරීම නිමිතිකොට සිරිලක එතෙක් නොවූ විරූ අන්දමේ විශාල උත්සවයක් පවත්වා ඇත. බෝධි රෝපණය - බෝ සමිඳුන් අත්‍යාලංකාරයෙන් සකස් කෙරුණු රථයක් මත තැන්පත් කොට මග දිගට පුද සත්කාර පවත්වමින් නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩමකර වූ බව සමන්තපාසාදිකාවෙහි දැක්වෙයි. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන්නේ දඹකොළ පටුනෙන් පිටත් වූ මෙම පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නම් බමුණා ගේ ගමෙහිත් පුද සත්කාර පිණිස නතර කර වූ බවයි. ජනතාවගේ වැඳුම් පිදුම් හා පී‍්‍රතිඝෝෂා මධ්‍යයේ ගමන්ගත් පෙරහර මහමෙව්නා උයනට පිවිස එහි සකස් කළ භූමියෙහි රෝපණය කළ බව ද මහාවංසයෙහි සඳහන් ය. මෙය බුදු දහම සිරිලකට ගෙන ඒමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය. මහාවංසයෙහි දැක්වෙන අන්දමට මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වී තිබේ.

 

දැවෙන බව දැන දැන ම ගිනි ගොඩට පනිනවා ද?

“සුපින්වත්නි”, අප බුදුරදුන් ජීවමානව වැඩසිටින සමයේ දෙව්රම් වෙහෙරට නොයෙක් දෙසින් මහා සංඝරත්නය නිතර වැඩම කරවති. එසේ වැඩමවන කීප නමකට එක් ගමක සැදැහැවත් පිරිසක් දන් පිළියෙළ කළහ. එසේ දන් පිසින කාන්තාවක් මාළු බදින කල පියස්සට ගිනි ඇවිලී ගත්තේ ය. එයින් අහසට නැඟි ගිනි දැලක් වැදී කපුටෙක් දැවී බිමට වැටුණේ ය. මේ සිද්ධිය දුටු භික්ෂු පිරිස එම කපුටා පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් විමසා දැන ගැනීමට සිතූහ. තවත් කීප නමක් නැව් නැඟ යන අතර නැව මුහුද මැද නැවතී සිටියේ ය. මෙහිදී බොහෝ දෙනා මේ නැවේ පිරිස අතර අභාග්‍ය පුද්ගලයෙක් ඇතැයි අවධාරණය කළහ. නැවියා එම අදහස අනුව පිරිස පරික්ෂා කරන්නට කුසපත් ඇද්දේ ය. එම කුසපත හෙළුණේ නැවියාගේ බිරිඳටය. දෙවැනි තුන්වැනි වරද ඇයට ම හෙළුණේ ය. නැවියා පිරිසකගේ ජීවිත බේරා ගැනීම සඳහා තමාගේ රූමත් බිරිඳගේ ගෙල වැලි කළයක් බැඳ මුහුදට දැම්මේ ය. භික්ෂූන් වහන්සේ මේ කාරණයට සම්බන්ධ ඇයගේ පෙර කළ කර්මය බුදුරදුන්ගෙන් දැන ගන්නට සිතූහ. තවත් සත් නමක් මග ගල්ලෙනක ලැගුම් ගෙන රාත්‍රියෙහි සැතපුණහ. මැදියම් රාත්‍රියෙහි මහ ගලක් ගැලවී, පෙරළී ගල්ලෙන දොර වැසී ගියේ ය. අවට ජනයා එම ගල අයින් කරන්නට ඉමහත් වෙහෙසක් ගත් නමුත් නොහැකි විය. එම හත්නමට හත්දිනක් ගතවන තුරු කිසිම ආහාරයක්, පැන් ටිකක් ගැනීමට නොහැකිව කුසගින්නේ හිරවී ඉන්නට සිදුවිය. සත්වැනි දින ගල ඉබේම ඉවතට පෙරළිණ.

 

පන්සැත්තෑ වසක් සසුන් කෙත පොබ කළ සුසමාදර්ශී පඬිරුවන

ආචාර්ය පූජනීය දිවියාගහ යසස්සි නාහිමිපාණන් වහන්සේ

“සම්බුදු දහම අපට මඟ පෙන්වන්නේ සත්පුරුෂයකු වන්නටයි. ඒ වචනයේ ගැබ් වෙලා තිබෙන්නේ ගැඹුරු අර්ථයක්. අපි මෙහෙම හිතමු. ගිනිගහන අව්වක ගත දැවෙන මොහොතක ගසක සෙවණක් යට මොන තරම් සිසිලසක් දැනෙනවාද? ඒ සිසිලස මොන තරම් සුවයක්, සැනසීමක් ගෙන දෙනවා ද? පුංචිම දරුවකුට වුණත් ඒ වෙනස වටහා ගන්නට පුළුවන්. ගසක් ලෝකයට ම සෙවණ දුන්නත්, ගසට සෙවණ දෙන්නේ කවුද? කිසිවෙක් ම නෑ. ගිනිගහන දහවලේත් හිරු රැසින් දැවි දැවී, දුක දරාගෙන ලෝකයට සතුට දෙනවා. ඒ විතරක් ද? නෑ. ජීවිතයට හුස්ම දෙනවා. කුස ගින්දර නිවන්නට ඵලය ද දායාද කරනවා. සත්පුරුෂයාත් ඒ වගෙයි. ඕනෑම දුෂ්කර තැනෙකදීත් අනුන් වෙනුවෙන් තමන්ගේ දෑත් දිගු කරනවා. තමන් දෙපයින් නැඟී සිටිමින් අනුන්ට ද නැඟිටින්නට උපකාර වෙනවා. තමන් ගැන විතරක් ම හිතන්නේ නෑ. අනුන් ගැනත් හිතනවා ඒ වගේ සත්පුරුෂයෙක් නිර්මාණය කිරීමේ නිර්මාතෘවරයා වන්නේ ගුරුවරයායි. ඒ විෂය ඥානය පමණක් දරු පරපුරට දායාද කිරීමෙන් නොවෙයි. ඒ දැනුමත් ඇසුරු කරගෙන ගුණධර්ම ඉගැන්වීමෙනුයි. නැණ වගේ ම ගුණ ද පොහොසත් තරමට ලෝකය ධනවත් වෙනවා.

උඳුවප් පුර පසළොස්වක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]