විද්‍යාලංකාර ශාස්ත්‍ර නිකේතනයේ මහගෙදර
රත්මලාන පුරාණ විහාරය
විද්‍යාලංකාර සභාවේ
සමලේකම්
උඩගලදෙණියේ ධම්මවිමල හිමි
විද්‍යාලංකාර පිරුවනෙහි මෙන්ම රත්මලානේ ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ
භාරකාරත්වය යටතේ පැවති රත්මලාන පුරාණ විහාරය ඇතුළු සෙසු විහාරස්ථාන
සම්ප්‍රදායානුකූලව ස්ථිර කර ගැනීම සඳහා වර්ෂ 1918 සැප්තැම්බර් මස 21 වැනි දා
උයන්වත්තේ කීර්ති ශ්‍රී ධම්මදින්න ශ්‍රී රේවතාභිධාන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ස්ථවිරයන් වහන්සේ, විද්‍යාලංකාර පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනාක
ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සම පනසක් පමණ වූ
ශිෂ්‍ය පිරිස සහිත සංඝ සභාවක් පවත්වා තිබේ.
එහිදී
ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිස සියලු දෙනා වහන්සේ
ඉදිරියේ සියලුදෙනා වහන්සේගේ සමානඡන්දයෙන් සම්මුති පත්‍රයක් සකස් කොට අත්සන් තබා
ස්ථිර කරවා ගෙන ඇත.
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භාරකාරත්වය යටතේ පැවති
විහාරස්ථාන ඇතුළු සියලු ස්ථානත්, සියලුම භික්ෂු පිරිසත් මේ සම්මුති පත්‍රයෙහි සඳහන්
කර ඇත. එහි සඳහන් සෑම ස්ථානයක් පිළිබඳවමත්, ඒ ඒ ස්ථානවල අධිකාරී බලයට ඒ ඒ ශිෂ්‍යයන්
පත් කොට ඇති ආකාරයත් මෙහි අන්තර්ගතව තිබේ. එසේම ඒ සංඝ සභාවෙන් සමානඡන්දයෙන් සම්මත
වූ ඒ සියලුම විධි විධානයන් තමන් වහන්සේ සියලුදෙනා සාදරයෙන් පිළිගත් බවට ද, ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේ අත්සන් කර සහතික වී තිබේ.
එම සම්මුති පත්‍රයෙහි අවසානයේ දී එදින රැස් වූ සම පනසක් වූ එම මහා සංඝ සභාව විසින්
සමානඡන්දයෙන් සම්මත කරන ලද එකී විධි විධානයන් තමන් වහන්සේඉදිරිපිට දී ස්ථිර කර ගත්
බව සහතික කරමින් උයන්වත්තේ කීර්ති ශ්‍රී ධම්මදින්න ශ්‍රී රේවතාභිධාන දක්ෂිණ ලංකාවේ
ප්‍රධාන සංඝනායක ස්ථවිරයන් වහන්සේත්, ශ්‍රී මහා විහාර වංසාලංකාර විමලකීර්ති ශ්‍රී
ඉන්ද්‍රජොත්‍යාභිධාන නායක ස්ථවිරයන් වහන්සේත් අත්සන් කර ඇත.
එම සම්මුති පත්‍රයෙහි එකී පත්කිරීම සම්බන්ධව මෙසේ සඳහන් ව තිබේ.
“විද්‍යාලංකාර පිරුවනට මාතෘස්ථානය වූ රත්මලානේ පුරාණ විහාරස්ථානය ප්‍රමුඛ සියලු
විහාරාරාමයන්හි ප්‍රධාන අධිකාරී බලය රත්මලානේ කීර්ති ශ්‍රී ධම්මානන්දාභිධාන අනුනායක
ස්ථවිරයන්ට පත් කිරීමට ද, රත්මලානේ පුරාණ විහාරස්ථානයේ අධිකාරී ධුරය මඩුවාවල සෝභිත
ස්ථවිරයන් ප්‍රධාන කොට, කිරිගල්පොත්තේ ඉන්දජොති ස්ථවිරයන් පත් කිරීමට ද.... මෙදින
සම්ප්‍රාප්ත සංඝ සභාවේ සමානඡන්දයෙන් ස්ථිර කරන්ට යෙදුනා ඇත.”
කිරිගල්පොත්තේ
ශ්‍රී ඉන්දජොති නායක ස්වාමීන් වහන්සේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්
වහන්සේගේ සියලු ශිෂ්‍ය පිරිස කැටුව එකී මහා සංඝ සභාව විසින් කරන ලද එම පැවරීම්,
පත්කිරීම් හා නව නියමයන් සාදර ගෞරවයෙන් පිළිගත් බවට එම සම්මුති පත්‍රයෙහි තම පුරුදු
අත්සන යොදා, තුන්වන විද්‍යාලංකාර පරිවේණාධිපති ශ්‍රී ධර්මානන්දාභිධාන නායක ස්වාමීන්
වහන්සේ රත්මලානේ පුරාණ විහාරයේ ප්‍රධාන අධිකාරීන් වහන්සේ, ප්‍රධාන විහාරාධිපතීන්
වහන්සේ වශයෙන් භාරගෙන තමන්වහන්සේ එම විහාරස්ථානයේ අධිකාරී ස්ථවිරයන් වහන්සේ හැටියට
කටයුතු කළ බව මෙයින් මනාව පසක් වෙයි.
වර්ෂ
1945 ජූනි 18වැනි දින රත්මලානේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන් වහන්සේ අපවත් වූයෙන්
විද්‍යාලංකර සම්ප්‍රදායට අනුව විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට පත් වූයේ
විද්‍යාලංකාර උප පරිවේණාධිපති, කොළඹ හලාවත දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක
කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන් වහන්සේ ය. විද්‍යාලංකාර පරිවේණාධිපති
ධුරයට පත්වීමත් සමඟ ම විද්‍යාලංකාර පිරුවන සතු විහාරස්ථාන ඇතුළු සියලු ස්ථානයන්හි
ප්‍රධාන අධිකාරී බලය උන්වහන්සේට හිමි විය.
පෙරදිග අධ්‍යාපනයේ මහා තක්ෂිලාව බවට මේ කාලපරිච්ඡේදය වන විට විද්‍යාලංකාරය දෙස්
විදෙස්හි පතළ විය. විද්‍යාලංකාර පිරුවන ශාස්ත්‍ර නිකේතනයක් හැටියට යා යුතු
හිණිපෙත්තට ම සුසංවර්ධනය වී තිබුණි. ඒ නිසා ම විද්‍යාලංකාර පිරුවන ‘විද්‍යාලංකාර
විශ්වවිද්‍යාලය’ බවට වර්ෂ 1959 දී පත්විය.
කිරිවත්තුඩුවේ නායක ස්වාමීන් වහන්සේ විශ්වවිද්‍යාලයේ උපකුලපති පදවියට පත්ව සිටි
නිසා උන්වහන්සේ විසින් ම 1959 මැයි 18වැනිදා ලියා අත්සන් කළ ලිපියක් මඟින් කළ
ඉල්ලීම සමානඡන්දයෙන් භාරගත් විද්‍යාලංකාර සභාව විද්‍යාලංකාර පිරුවන්හි අධ්‍යක්ෂ,
යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරය
සඳහා පත් කරන ලදී.
එම පත්කිරීමත් සමඟ විද්‍යාලංකාර පිරුවන සතු රත්මලාන පුරාණ විහාරය ඇතුළු සියලු
ස්ථානයන්හි ප්‍රධාන අධිකාරී බලය විද්‍යාලංකාර සම්ප්‍රදායට අනුව ම යක්කඩුවේ ශ්‍රී
ප්‍රඥාරාම නායක ස්වාමීන් වහන්සේට හිමිවිය.
විද්‍යාලංකාර පිරුවනට ප්‍රධානත්වය, ප්‍රධාන අධිකාරී බලය තිබුණ ද රත්මලාන පුරාණ
විහාරය ඇතුළු අනෙකුත් විහාරස්ථානයන්හි අධිකාරීන් වහන්සේ ඒ ඒ ස්ථානයන්හි විහාරාධිපති
හැටියට ලියාගෙන භාවිත කළහ. එසේ වී නමුදු ඒ ඒ ස්වාමීන් වහන්සේ විද්‍යාලංකාර පිරුවනට
සදාපක්ෂපාතී ව අවනත ව ක්‍රියා කළ හෙයින් එයට පිරුවනින් එයට කිසිදු බාධාවක් නොවුණි.
මක්නිසාද අධිකාරීන් වහන්සේ ඒ ඒ විහාරස්ථාන දියුණු කරමින් දායකකාරකාදීන්ගේ කුදුමහත්
සිලු කටයුතුත් සාර්ථකව උනන්දුවෙන්, කැපවීමෙන් සිදුකරමින් සැමවිටම විද්‍යාලංකාර
පිරුවනේ ද ආශීර්වාදය ඇතිව කටයුතු කළ නිසා ය. විද්‍යාලංකාරයට අවශ්‍ය ඒ
ක්‍රියාකාරීත්වයයි.
විද්‍යාලංකාරයට ස්වකීය මාතෘස්ථානයෙහි පාලන අධිකාරිත්වය අනාගතයටත් හිමිවීම සාධාරණ ය.
ඒ නිසාම විද්‍යාලංකාරයට එකී ප්‍රධාන අධිකාරී බලය නිතැතින්ම හිමිවිය යුතු ය. එයට
කිසිදු වාදවිවාදයක් අවශ්‍ය නැති බව විද්‍යාලංකාර සම්ප්‍රදාය ම සාක්ෂ්‍ය දරයි.
කිරිගල්පොත්තේ ශ්‍රී ඉන්දජෝති නායක ස්වාමීන් වහන්සේ පසුව තමන් වහන්සේ රත්මලාන පුරාණ
විහාරයේ විහාරාධිපති වශයෙන් ලියා භාවිත කළ බව ‘ශ්‍රී ඉන්ද්‍රජෝති ස්වාමි චරිතය’
නැමැති පොතේ නවවැනි පිටුවෙහි ඇති පහත වාක්‍ය කොටසින් පැහැදිලි වේ.
‘ස්වකීයාචාර්ය ශ්‍රී ධර්මාරාම නායක මාහිමියන් වහන්සේ සවර්ගපරායණ වූයෙන් මෙම පුරාණ
විහාරයේ ආධිපත්‍යය ද මුන්වහන්සේ පිට පැවරිණ. මේ ද එක් පක්ෂයක ඡන්දයෙන් නොව සියලු
දායක කාරකාදීන්ගේ සමානඡන්දයෙන් ම පැවරුණේ ය.
කිරිගල්පොත්තේ ශ්‍රී ඉන්දජෝති නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව රත්මලාන
පුරාණ විහාරයේ ප්‍රධාන අධිකාරී බලය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වූයේ උන්වහන්සේගේ
ශිෂ්‍යයන් අතර සම තත්ත්වයේ සිටි මාදම්පේ අත්ථදස්සී ස්වාමීන් වහන්සේ සහ කොටනෙළුවේ
චන්දජෝති ස්වාමීන් වහන්සේ යන දෙනම ම එකී තත්ත්වය බලාපොරොත්තු වීමෙනි.
මෙම ලිපියේ ඉතිරි කොටස වප් අමාවක පෝදා (24) අන්තර්ජාල කලාපයේ පළවේ. |