[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුද්දල ජාතක කතාව ඇසුරිනි

වප් පුර අටවක පෝය

 ඔක්තෝම්බර් 02 ඉරිදා අපරභාග 06.47 පුර අටවක ලබා 03 සඳුදා අපරභාග 04.38 ගෙවේ.
 03 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 03

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 09

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 17

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 24

පින් පිරෙන ලෙස පින් කරන හැටි

න වෙ කදරියා දෙවලොකං වජන්ති - බාලා භවෙ නප්පසංසන්ති දානං - ධීරො ච දානං අනුමොදමානො - තෙනෙව සො හොති සුඛී පරත්ථ, අපට ලබා ගත හැකි උසස් ම සැපත නිවන් සුවය යි. එය උදා කර ගැනීම සඳහා අපේ ප්‍රඥාව වැඩි දියුණු කර ගත යුතු වෙයි. ඒ සඳහා භාවනාවෙහි යෙදෙමින් දිගු කලක් සසර සැරි සරන අතර, කර ගත යුතු ප්‍රධාන කාර්යයක් ඇත. එනම් නිවන් දකින තුරු දුගතියකට නො වැටී තාවකාලික සැප ඇති තැනක උපත ලබා ගැනීම යි. බුදු දහමෙහි ත්‍රිවිධ කුසල්, සතර සංග්‍රහ වස්තු, දස පුණ්‍ය ක්‍රියා, දස පාරමිතා ආදී බොහෝ ගුණ ධර්ම දැක්වීමේ දී පළමුව සඳහන් කොට ඇත්තේ දානය හෙවත් පරිත්‍යාග කිරීමේ අගය යි. එයට ප්‍රධාන හේතුව අපට සදාකාලික සැපත ලබා ගැනීමට තදබල බාධකයක් වනුයේ අප තුළ ඇති තෘෂ්ණාව යි. එය ගෙවා දමා නැති කිරීමට පරිත්‍යාග කිරීම අත්‍යවශ්‍ය ය. මේ අනුව එක් අතකින් නිවන් සුව ලබා ගැනීමටත්, තවත් පැත්තකින් ඒ උතුම් සුවය උදා කර ගන්නාතුරු සතර අපායට නො වැටී දෙව්, මිනිස් සැප ලබා ගැනීමටත් ප්‍රධාන වශයෙන් දානය හේතු වන බව ධර්මය මඟින් පෙන්වා දී ඇත. තද ආශාවෙන් පෙළෙන අය මොනතරම් බලාපොරොත්තු ඇතුව සිටියත් කිසිකලෙක දෙව් ලොවට යා නොහැකි බවත්, නූගත් අය කිසිදාක පරිත්‍යාග කිරීමේ අගය ප්‍රකාශ නො කරන බවත් ඉහත සඳහන් ගාථාව පෙන්වා දෙයි. එසේ ම බුද්ධිමත් තැනැත්තා දානයෙහි අගය වටහා ගන්නවා පමණක් නොව ඒවායෙහි පින් ද අනුමෝදන්ව පරලොව සැප විඳින්නකු බවට පත්වන බව තවදුරටත් එම ගාථාව පැහැදිලි කර දෙයි. යමක් දීමේ සිතිවිල්ලක් ඇති වූවත් ඒ කෙරෙහි ලෝභ සහගත හැඟීමක් පහළ වූවොත් එම පරිත්‍යාග චේතනාවෙන් උසස් ප්‍රතිඵල ලබා ගත හැකි නොවේ. ධර්ම ග්‍රන්ථයන්හි දැක්වෙන අපුත්තක සිටාණන් මෙයට හොඳ නිදසුනකි.

ලක්දිව එළිය කළ අනුබුදු මිහිඳු හිමි සිහිකර වඳිමු ගුණ කඳ සැදැහෙන් නිතිනී

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අප සිරිලකට දායාද කොට වදාළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසිනි. උන්වහන්සේ පිරිනිවන් පා අදට වසර 2282 ගත වී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. එදා අප ගෞතම බුදුසසුනේ වැඩ සිටි මහානුභාව සම්පන්න මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තුන්වැනි ධර්ම සංගායනාව සිදු කෙරිණි. ඉන්පසු රහතන් වහන්සේලා රට රටවලට ධර්ම ප්‍රචාරය සඳහා යැවීමට තීරණය විය. එහිදී මොග්ගලීපුත්තතිස්ස රහතන් වහන්සේ මහා නුවණැති මිහිඳු මහරහතන් වහන්සේට වදාළේ “ඔබ වහන්සේ ලංකා දීපයට වැඩම කොට ගෞතම බුදු සසුන පිහිටුවීමට උපකාරී වන්නැ'යි” යනුවෙනි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 ක් ගත වූ තැන ලක්වැසි අපට අමා දහම් වස්වනු පිණිස අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල නම් රහතන් වහන්සේ ප්‍රමුඛ කොට සෘද්ධිමත් සුමන සාමණේරයන් වහන්සේත්, භණ්ඩුක උපාසකත් සමඟ එ දවස පොසොන් පෝ දිනක සිරිලකට වැඩම කළ සේක. අධර්මයෙන් මිනිසුන් මුදවා, ධර්මයේ පිහිටුවීමේ මූලික අභිප්‍රායයෙන් අපගේ මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මදූත මෙහෙවර ආරම්භ කළහ. උන්වහන්සේ දෙවනපෑතිස් රජුලවා මහා විහාරය කරවූහ. දෙවනුව මිහින්තලේ සෑගිරියත්, තෙවනුව ථූපාරාම සෑරදුන් වහන්සේත් ඉදිකර වූහ. සිව්වනුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කර වූ අතර පස්වනුව රුවන්මැලි මහ සෑ රදුන් වහන්සේ ඉදිවන ස්ථානයේ ගල්ටැඹ පිහිට වූ සේක. සයවනුව ඉසුරුමුණි විහාරය මෙන්ම පඨමක චේතියත්, වෙස්සගිරිය විහාරයත් කරවීමට අනුශාසනා කළ සේක. එදා පටන් ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි යන ශ්‍රේෂ්ඨ සංස්කෘතිය අපට උරුම විය.

 

ධර්මය ඔබේ ආරක්ෂකයා වන්නේ මෙලෙසයි

සිංහල රටේ තිබුණා මහගම නමින් ගමක්. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී සහ අර්හත් මාර්ග ඵලවලට පත් සියගණන් භික්ෂූන් වහන්සේ මහාවාපී නම් විහාරයක වාසය කළා. අවුරුද්දක් පාසා පවත්වනවා මේ විහාරයේ අරියවංශ දේශනාව.සැදැහැවත් උපාසක, උපාසිකා පිරිසත්, භික්ෂූන් වහන්සේත්, භික්ෂුණීන් වහන්සේත් දුර ප්‍රදේශවල සිට පා ගමනින් දවස් ගණන් දුර ගෙවා ගෙන ධර්ම දේශනාවට පැමිණෙනවා. සෝවාන් ආදී මාර්ග ඵලයකට නො පැමිණි එහෙත් අධික වීර්යයෙන් ධර්මයට අනුව කටයුතු කරන එක් භික්ෂුවක් වාසය කළා කුඩ්ඩරජ්ජ නම් දනව්වේ. මෙය මහාවාපී විහාරයේ සිට සැතපුම් ගණනක් ඈතින් පිහිටි ගමක්. උන්වහන්සේටත් දැනගන්න ලැබුණා වාර්ෂිකව පැවැත්වෙන අරියවංශ ධර්ම දේශනාව ගැන බණ අහන්නත් ඕන. එහෙත් ගමන ඉතා දුෂ්කරයි. වීර්යයෙන් කටයුතු කරන නිසා වයසවත් නො සිතා ගමනට පිටත් වුණා. ගමන් විඩා හරිමින් කොහොම හරි ධර්ම දේශනාව ආරම්භ වනවාත් සමඟ මහාවාපී විහාර මලුවට වැඩම කළා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවුවනක් පිරිසෙන් වැලි මලුව පිරී තිබුණා. තෙරුන් වහන්සේට ඉඳ ගැනීමට ඉඩක් තිබුණේ නෑ. එසේ වුවත් කිසිවකුටත් ඒ බව පැවසුවෙත් නෑ. පිරිස් කෙළවර තිබුණා එක් මල් පඳුරක්. ඒ සමීපයේ පත්කඩය එළාගෙන ඉඳගත්තා. ධර්මාසනගත වූ තෙරුන් වහන්සේ පාලි ගාථා පාඨය දක්වා නිදාන කථාව දේශනා කරන්න පටන්ගෙන තිබුණා. කුඩ්ඩරජ්ජ දනව්වෙන් වැඩම කළ තෙරුන් වහන්සේත් තණ පඳුර සමීපයෙන් ඉදගෙන බණ අහන්න පටන් ගත්තා. පහන් වන තුරුම ධර්ම දේශනාව පැවැත්වෙනවා. ධර්මය ඇසීමෙන් තෙරුන් වහන්සේ බොහෝ සොම්නසට පත් වුණා. තවතවත් අවධානයෙන් ධර්මය ශ්‍රවණය කරමින් සිටියා. මේ අතරේ තණ පඳුරෙහි සැඟව සිටි පොළඟෙක් එතැනින් නික්මී තෙරුන්වහන්සේගේ පා අතරට පැමිණ සතර දළ ඔබා තට්ටමට දෂ්ට කළා. එසැණින් ම තෙරුන් වහන්සේ පැමිණි වේදනාව බලා, පා අතර සිටින පොළඟා දැක ඌගේ ශීර්ෂයෙන් අල්ලාගෙන පසුම්බියේ දමා කට බැඳ දැමුවා.

වප් පුර අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]