ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ බිනර පුර පසළොස්වක පෝදා 2022 සැප්තැම්බර් 10 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන්ට ස්ටොක්හෝම්හි දී ලෝක සාම පදනමෙන් සාම තිළිණය ප්‍රදානය කළ අවස්ථාව
ලෝක සාමය පිණිස කටයුතු කිරීමට සිය දිවියේ වැඩි බරක් උසුලන ගිහි පැවිදි උතුමන් ලොව පුරාම සිටිනවා. එවන් උත්තුංග ගති පැවතුමෙන් හෙබි මෙරටට පමණක් නොව ලොව පුරාම නිහඬ සේවාවක් සිදු කරන භික්ෂූන් වහන්සේ නමක් ගැන යම් හෝ වදන් පෙළක් ගෙන හැර නොදැක්වුවහොත් එය අපගේ වගකීම පැහැර හැරීමක් වනවා.ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගුණුවෙල අනුරුද්ධ නා හිමියන් මෙරට පළමු හා එකම මියන්මාර් සම්ප්‍රදායයේ චෛත්‍යය රාජයාණන් වහන්සේගේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනවා. මාතලේ උකුවෙල පන්සල්තැන්නේ පිහිටි අනුරුධ අරණේ පිහිටි ස්වේදගොන් දාගැබේ අනුරුවක් ලෙසින් ඉදිකළ එම දාගැබ මෙරට ඇති එකම මියන්මාර් සම්ප්‍රදායයේ දාගැබ වනවා.එහි අධිපති ධූරය දරන අනුරුද්ධ හිමියන් තිස් වසරක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදී යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජාතික දරු දැරියන්ට පාසල් යාමට පාපැදි සැපයීමට මූලිකත්වය ගත්තා. එමපණක් නොව යුද්ධයෙන් හානියට පත් බොහෝ දේ වෙනුවෙන් උන්වහන්සේ උපකාර කළේ කිසිදු ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. එවකට කිළිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපතිවරයා සමඟ සුහදශීලීව පළාතේ සිටින අසරණ දූ දරුවන්, ගැමියන් සොයා උන්වහන්සේ එසේ කටයුතු කළේ ජාතික සමගියේ වටිනාකම දන්නා නිසා ය.
සැප්තැම්බර් 09 සිකුරාදා අපරභාග 06.12 පුර පසළොස්වක ලබා 10 සෙනසුරාදා අපරභාග 03.34 ගෙවේ. 10 සෙනසුරාදා සිල්
පසළොස්වක
සැප්තැම්බර් 10
අව අටවක
සැප්තැම්බර් 17
අමාවක
සැප්තැම්බර් 25
පුර අටවක
ඔක්තෝම්බර් 03
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]