[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

සියනෑකෝරළයට ආලෝකයක් වූ ඊරියවැටිය සුමනාරාම පුරාණ මහා විහාරය

ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑකෝරළේ අධිකාරි පත්තුවේ ඓතිහාසික කැලණි පුදබිමට මායිම් ව පිහිටි වසර 119ක් ඉපැරැණි පුදබිමකි. ඒ ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා වෙහෙර බිමයි. මෙම විහාර මන්දිරයේ ඉදිකර ඇති පැරැණි චිත්‍ර සහ මූර්ති කැටයම් එහි පෞරාණික බවට හානි නොවන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය මත සංරක්ෂණය කර සැදැහැවතුන්ට වන්දනාව සඳහා ඉඩහසර සලසාදීමේ පින්කම මේ මස 29 වනි සෙනසුරාදා සිදු කිරීමට නියමිතව තිබුණි. ඊරියවැටිය ශ්‍රී සුමනාරාම පුරාණ මහා විහාරස්ථානය 1830 වසරේ ඊරියවැටිය ග්‍රාමයේ පදිංචි ව සිටි පුංචිනාආච්චි උපාසිකා මාතාව විසින් පරිත්‍යාග කරනු ලැබූ භූමි භාගයක ඉදිකර ඇත. මෙම මනරම් විහාරස්ථානයේ ආදි කර්තෘන් වහන්සේ වන බෝයගම ශ්‍රී පියරතන මාහිමිපාණන් වහන්සේට පුංචිනා උපාසිකා මාතාවගෙන් ලද භූමියේ උන්වහන්සේගේ ජේ්‍යෂ්ඨ ශිෂ්‍ය පුත්‍රයාණන් වන ආසිදෙණියේ ශ්‍රී සීලවිමල ස්වාමීන් වහන්සේ හා එක්ව විහාරස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කර ඇත. 1903 වසරේ භාග්‍යවත් දිනක හෙළයේ මහා වීර යතිවරයාණන් වූ පරම පුජෝත්තම හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේගේ පින්බර සුරතින් විහාරස්ථානයේ පුරාණ මහා විහාර මන්දිරයටත් එදා ඊරියවැටියේ මහා විදුහල නමින් තිබූ වත්මන් ඊරියවැටිය ශ්‍රී සුමංගල මහා විදුහලටත්, විෂ්ණු දේවාල මන්දිරයටත්, මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කළ බව විහාරස්ථානයේ ඉතිහාස කතාව තුළ සටහන් වී ඇත.


නවම් පුර අටවක පෝය

පෙබරවාරි 08 අඟහරුවාදා පූර්වභාග 06.18 පුර අටවක ලබා 09 බදාදා පූර්වභාග 08.33 ගෙවේ.
08 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

Full Moonඅමාවක

මාර්තු 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]