[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උපසම්පදා ලබති

උපසම්පදා ලබති

මීදීගම පුරාණ විහාරස්ථ සිරි සුමන පිරිවෙනේ අධ්‍යක්ෂ කෘත්‍යාධිකාරී මුල්ගිරිගල රතනසිරි හිමියන්ගේ ද, අපවත් වී වදාළ අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය පල්ලන්තර සුමනජෝති නා හිමියන්ගේ ද, ශාස්ත්‍රපති අගුණකොළපැලැස්සේ විපුලසිරි හිමියන්ගේ ද ශිෂ්‍ය වූ අගුණුකොළපැලැස්සේ වර්ණසිරි පොඩි හාමුදුරුවන්ගේ අධිශීල සංඛ්‍යාත උපසම්පදා විනය කර්මය ඊයේ (30 වැනි දින) මහනුවර මල්වතු විහාරයීය මංගල උපෝසථාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබුණි.


කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක මෝරාගම්මන ගමේ උපත ලද මෝරාගම්මන ධම්මරතන පොඩි හාමුදුරුවෝ පසුගිය මස 28 දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදා සීලයේ පිහිටුවන ලදී.

කොළඹ ගංගොඩවිල ශ්‍රී පුෂ්පාරාමාධිපති රාජකීය පණ්ඩිත කහටපිටියේ පඤ්ඤාසාර නාහිමියන් සහ කොළඹ දකුණ ශ්‍රී සුභද්‍රාරාමාධිපති පල්ලේවෙල දේවරක්ඛිත හිමි උන්වහන්සේගේ ගුරුවරයන් වහන්සේ වූ බව කෑගල්ල අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රාජමහා විහාරාධිපති ගල්බඩ පරණකුරු දෙකෝරළයේ සංඝනායක ශාස්ත්‍රපති පුවක්මොටේ ධම්මාරාම නා හිමියෝ දන්වා සිටිති.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]