[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

දුරුතු අමාවක 2022-01-31

ගැටලු විසඳීමට පෙර...

මිනිසා උපත ලබන්නේ ක්ෂීරපායී සත්ත්වයකු ලෙසයි. මවගේ උණුසුම, පියාගේ රැකවරණය, ආච්චි අම්මාගේ, සීයාගේ, සහෝදර සහෝදරියන්ගේ ආදරය, කරුණාව බිළිඳු සමයේ සිට අවශ්‍යම ය.

කුසගින්න, බිය, ශරීර අපහසුතා දැනුන විට බිළිඳා එය මවට දන්වන්නේ හඩනඟා හැඬීමෙනි. මවගේ ප්‍රමාදය අධික වන විට දරුවාගේ හැඩීම ක්‍රමයෙන් කෝපයටත්, ඇතැම් විට පැය ගණනක් යන තෙක් හැඩීම නතර කර ගැනීමට නො හැකි තත්ත්වයටත් පත් වෙයි.

නිවසේ ආරක්ෂාවට සිටින සුනඛයා හඬ නඟමින් සතුරන්ගේ පැමිණීම නිවෙස් වැසියන්ට දන්වයි. ඔහුගේ කැප කිරීමට ප්‍රතිචාරයක් නො දක්වන්නේ නම්, දවසින්, දෙකින් හෝ සතියෙන්, මාසයෙන් ඔහුගේ සේවය ලබා දීම නවතා දමයි.

ගුරුවරයා උගන්වන දෙය නො තේරෙන අවස්ථාවල ඒ ගැන ප්‍රතිප්‍රශ්න යොමු කරමින් නැවතත් අසා දැන ගැනීමට උත්සාහ කරන ළමයාට වතාවක් දෙවතාවක් එය පහදා දීමට ගුරුවරයා යොමු වෙයි. එහෙත් දිගින් දිගටම ප්‍රශ්න කරන විට ඇතැම් විට ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්නවලට අවධානය යොමු නො කරයි.

මේ සැම අවස්ථාවක ම දක්නට ලැබෙන්නේ ඇහුන්කන් නො දීමේ ලක්ෂණයයි. ළදරුවාගේ සිත කෝපයෙන් පිරීයාමටත්, නිවසේ ඇති කරන සුනඛයාගේ කැපකිරීමට නිවෙස් හිමියා කන් නො දීමත්, ගුරුවරයා ශිෂ්‍යයාගේ ප්‍රශ්නවලට කන් නොදීමත් නිසා ගැටලු උද්ගත වෙයි. ආයතනයක ප්‍රධානියා සිය සේවකයාගේ සෞඛ්‍ය තත්ත්වය හෝ ඔහුගේ හෝ ඇයගේ පවුලේ ප්‍රශ්නයක දී හෝ කිසියම් කරුණක දී හෝ හේතු දැක්වීමේ දී තමාගේ අණ හෝ උපදෙස් පමණක් ලබාදීම වෙනුවට ඇති වී තිබෙන ගැටලුව ඉතා සතුටින් විසඳා ගැනීමට නම් කන් දීමේ ගුණය පුරුදු කර ගත යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ප්‍රමුඛ ධර්ම කරුණක් වන්නේ ඇහුන්කන් දීමයිි.‘සුනාථ, ධාරේථ, චරාථ ධම්මේ’ යන පාලි පාඨයෙන් දක්වා ඇත්තේ එයයි. කුඩා දරුවකු ලෙස ක්‍රමයෙන් සමාජානුයෝජනය වන මනුෂ්‍යයාට, යහළුවන්, වැඩිහිටියන්, ගුරුවරුන්, ආගමික නායකයින්, දේශපාලනඥයින් යනුවෙන් සමාජය නියෝජනය කරන විවිධ පුද්ගලයින් ආශ්‍රය කිරීමට ලැබේ. ඔවුන් සමඟ විවිධ ගනුදෙනු කිරීමට ද අවස්ථාව උදා වේ. එයින් විවිධ ගැටලු ද ඇති වේ. එවැනි අවස්ථාවල දී බලය හෝ නිලය හෝ ධනය හිමි පුද්ගලයා තමාගේ අණ හෝ උපදෙස් හෝ අත්සන හෝ ක්‍රියාත්මක කිරීමට පෙර ඇතිව තිබෙන ගැටලුව කුමක්දැයි හොඳින් සොයා බැලිය යුතු ය.

ඔහුගේ හෝ ඇයගේ ප්‍රශ්නයට ඇහුන්කම් දිය යුතු ය. එහෙත් ඇතැම් පුද්ගලයින් ධර්මිෂ්ට, ගුණධර්මවලින් පිරිපුන්, ධර්මය අනුව දිවි ගෙවන හෝ පාලනය ගෙන යන නායකයින්ගේ උතුම් ගුණාංග සලකන්නේ ඔවුන්ගේ දුර්වලකමක් ලෙසයි. ආයතනයක පැවැත්ම හා සංවර්ධනය සඳහා ඇහුන්කම් දීමේ උතුම් ගුණාංගය පුරුදු කළ යුතු ය. එවැනි පුද්ගලයාට සැවොම පි‍්‍රය වේ. ඔහුට යහපතක් මිස අයහපතක් කිසිදු විටක උදා නොවේ.

දුරුතු අමාවක පෝය

ජනවාරි 31 සඳුදා අපරභාග 02.21 අමාවක ලබා 01 අඟහරුවාදා පූර්වභාග 11.20 ගෙවේ.
31 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 31

First Quarterපුර අටවක

පෙබරවාරි 08

Full Moonපසළොස්වක

පෙබරවාරි 16

Second Quarterඅව අටවක

පෙබරවාරි 23   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]