
මෙවර ජයග්‍රාහී නිර්මාණය
සංඝමිත්තා තෙරණින් වහන්සේ
අශෝක අධිරාජ්‍යයාටත් ඔහුගේ දේවි නම් බිසවටත් බිහි වූ දියණිය සංඝමිත්තා නම් විය.
නිසිකල විවාහ වූ ඇයට සුමන නම් පුතකු උපන්නේ ය. ඇය අවුරුදු 18 දී තම සහෝදරයා වූ
මහින්ද කුමරු සමඟ බුදු සසුනේ පැවිදි විය.
මහින්දා ගමනයෙන් පසු අනුලා බිසව ඇතුළු රජ මැදුරේ කාන්තාවන් පිරිසක් රජුගෙන්
පැවිද්දට අවසර ඉල්ලා සිටියහ. ඒ සඳහා සංඝමිත්තා තෙරණින් වහන්සේ ඇතුළු පිරිසක් ලංකාවට
වැඩම කරවූහ. එම ලංකා ගමනයේ දී ලාංකීය බෞද්ධ ජනතාවට වන්දනාමාන කිරීම සඳහා
ජයගී‍්‍රමහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් ද ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී. ඒ
උඳුවප් පෝ දිනයේ දී ය. සංඝමිත්තා තෙරණිය වැඩමවීම නිසා ලාංකීය කාන්තාවන්ට බුදු සසුනේ
පැවිදි වීමට අවස්ථාව උදාවුණි. උට්ඨිය රජු රජ වී වසර නවයක් ගත වූ තැන සංඝමිත්තා
තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ සේක. උන්වහන්සේට ගරු කිරීමක් ලෙස සතියක් පුරා මුළු
ශ්‍රී ලංකාව පුරාම අනුස්මරණ පින්කම් සිදුවිය. සංඝමිත්තා තෙරණියගේ දේහය ආදාහනය කොට
එහි භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූපයක් කරවන ලදී. ලංකාවේ භික්ෂුණීන් වහන්සේ වෙනුවෙන්
සඟමිත් තෙරණිය සිදුකළ සේවාව ඉමහත් ය.
නිකේසලා චමෝදි ජයසිංහ
10 ශ්‍රේණිය
තල්පාවිල මධ්‍ය මහ විදුහල- මාතර
****
අනගාරික ධර්මපාලතුමා
වර්ෂ 1815 න් පසු අපේ රට සම්පූර්ණයෙන් ඉංගී‍්‍රසි ජාතිකයන් යටතේ පාලනය විය. ඉන්පසු
අපේ රට තුළ වඩාත් සැලකිලි ලැබුණේ ඉංගී‍්‍රසි උගත් ක්‍රිස්තු භක්තිකයන්ට පමණි. මේ
නිසා සිංහල ව්‍යාපාරිකයන්, උගතුන් මෙන්ම බොහෝ අය ක්‍රිස්තියානි ජාතිකයින් බවට
පත්විය. මෙවන් කාලයක අපගේ ජාතියේත්, ආගමේත් උදාර නායකයෙක් බිහි විය. ඒ උදාර නායකයා
අනගාරික ධර්මපාලතුමා ය. සිංහල ජාතියටත් බෞද්ධාගමටත් මහත් සේවාවක් කළ එතුමා අවසන්
කාලයේ සිරිදේවමිත්ත නමින් පැවිදි විය.
පියරපන්දෝවේ උත්තමඥාන හිමි
1 ශ්‍රේණිය
ශ්‍රී සුමන සාමණේර ආයතනය
හඳපානාගල
****
දුරුතු පෝය වැදගත්කම
බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව දුරුතු මාසයෙහි උරුවෙල් දනව්වේ වැඩ සිටියහ.
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් අතර සිදුවූ
අරගලයක් සංසිඳවීමට ය. බුදුරජාණන් වහන්සේ දුරුතු පෝදා මහවැලි ගංතෙර පිහිටි මහා නාග
වනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම දමනය කිරීම සඳහා අහසට නැඟී පෙළහර පෑ බව ද ,
අන්ධාකාරයක් මවා ඔවුන් දමනය කළ බව ද, දමනය කළ යකුන්ගිරි දිවයිනට පළවා හැර ලක්දිව
මනුෂ්‍ය වාසයට සුදුසු දිවයිනක් බවට පත්කළ බව ද මහාවංසයේ සඳහන් වේ. මෙම ප්‍රදේශය
පාලනය කළ සුමන නම් දෙවිඳු බුදුන් වහන්සේගේ ධර්මය අසා ධර්මාවබෝධය ලබා සේවාන් විය.
බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩමවා සමාධි සුවයෙන් මහානාග වනයෙහි වැඩ සිට නැවත වැඩම
කරන අවස්ථාවේ සුමන දේවේන්ද්‍රයා විසින් සර්වඥයන් වහන්සේ සිහිවන්නට යමක් ඉල්ලා සිටි
අවස්ථාවේ හිස පිරිමැද කේශධාතුන් වහන්සේ ලබා දුන් බව සඳහන් විය. දෙවිඳුන් එම කේශ
ධාතුන් වහන්සේ ස්වර්ණ මංජුසාවක තැන්පත් කර සෑ රදුන් වහන්සේ කරවීය. සර්වඥයන් වහන්සේ
එදින සවස් යාමේ උරුවෙල් දනව්වට ම වැඩම කළ සේක.
බෝගමුවේ නන්දසාර හිමි
2 ශ්‍රේණිය
විද්‍යාර්ථෝදය මහ පිරිවෙන
වෙහෙරපිටිය පොල්ගහවෙල
****
පුන් පෝදා
දුරුතු පොහොයේ වැදගත්කම් රාශියක් ඇත. අප ලොව්තුරා සම්බුදුරජාණන් වහන්සේගේ පළමු
ලංකාගමනය සිදුවූයේ දුරුතු පෝදාකය. තුන්බෑ ජටිලයන් වන ඌරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප
හා , ගයා කාශ්‍යප දමනය කිරීම සහ බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවියන්ට කේශ ධාතු
පිරිනැමීම යන කරුණු දුරුතු පුර පසළොස්වක පෝදා සම්බන්ධ වැදගත් සිදුවීම් වේ.
එම්.සුභූති හිමි
ශ්‍රී සාරානන්ද විහාරය
ගොහාගොඩ කටුගස්තොට
****
දුරුතු පෝදා
පන්දහසක් කල් සසුන සුරකින මේ ලක් දෙරණේ
සම්බුදු මුවින් වදහළ පින් බිම වරුණේ
බුදු බව ලබා නව මසකින් වැඩිය දිනේ
අරගල නිමාවී සාමය උදාවුණේ

කලුබෝවිටියන මෙත්තජි හිමි
5 ශ්‍රේණිය
ශ්‍රී බෝධිලංකාර මූලික පිරිවෙන
කතරගම
සංස්කරණය - නයනා නිල්මිණි |