ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2022 ජනවාරි 17 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ලෙන් විහාරය
රුපුන් දිනා පොළොන්නරුව අගනගරය බවට පත් කර ගනිමින් පළමුවන විජයබාහු නමින් රාජ්‍යත්වයට පත් කීර්ති කුමරුන් සේනා සංවිධානය කළ ස්ථානයක් වශයෙන් සලකනු ලබන කළුබෝවිටියන දංගල රුවන්කන්ද රාජමහා විහාරය දක්ෂිණ ලංකාවේ ගාලු මාතර දිස්ත්‍රික් සීමාවට ආසන්නව මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයේ විල්ලේපත්තුවේ දෙණියාය මැතිවරණ බලප්‍රදේශයෙහි පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටා තිබේ. සිංහරාජ වනපෙතට මායිම්ව පිහිටි රුවන්කන්ද ඉංග්‍රීසි පාලන සමයේ දී මිණිරන් කැණීම සඳහා යොදාගෙන තිබේ. රුවන් හා සම වන අන්දමේ අගනා මිනිරන් ලද හෙයින් රුවන්කන්ද යන නාමය ව්‍යවහාර වී ඇත. මොරවක් කෝරළයේ ගැටබරුව, එළමල්දෙණිය, රඹුකන, රොටුඹ, ඌරුමුත්ත, විහාරේගල සේ ම රුවන්කන්දෙහි ද කටාරම් කෙටූ ගල්ලෙන් හමු වෙයි. රුවන්කන්දේ කටාරම් කෙටූ ලෙනට ඉහළින් පිහිටි සෙල්ලිපිය කාලයාගේ ඇවෑමෙන් විනාශයට පත් වූ බව පිළිගැනීමයි. ආදි අනුරාධපුර යුගයේ යෝගාවචර හිමිවරුන්ට වාසභූමි වූ මෙම ආරණ්‍ය සේනාසන හැර දමා වියළි කලාපයේ පිහිටි සිතුල්පව්ව, මදුනාගල, කරඹගල වැනි සෙනසුන් කරා හිමිවරුන් සංක්‍රමණය වීමෙන් පසු ප්‍රාදේශීය ජන නායකයන් මෙම ලෙන් තුළ බුදු පිළිම නෙළූ බව ජනප්‍රවාදයේ එයි. කීර්ති කුමරුන් දහර අවදියේ දී උපකාර කළ බුදල්නාවන් සඳහා පිරිනැමූ පනාකඩුව තඹ සන්නස මොරවක් කෝරළයේ සම්භාවනීයත්වය විදහාලන ප්‍රධානතම ලේඛනගත මූලාශ්‍රයයි. කීර්ති කුමරුන් සේනා සංවිධානය පිණිස යොදාගත් ගල්ලෙන් සටන් නිමවීමෙන් පසු ලෙන්විහාර බවට පත් කළ අවස්ථාවේ රුවන්කන්ද විහාරස්ථානය ද ගොඩ නංවන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. මෙම සෑම ලෙන් විහාරවලින්ම හමුවන බුදුපිළිම වහන්සේලාගේ නටබුන් එකම ස්වරූපයෙන් පිහිටීම නිසා එම සියලු ප්‍රතිමා එකම කාලයක දී නෙළන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.
ජනවාරි 17 සඳුදා පූර්වභාග 03.19 පුර පසළොස්වක ලබා 18 අඟහරුවාදා පූර්ව භාග 05.19 න් ගෙවේ. 17 සඳුදා සිල්
පසළොස්වක
ජනවාරි 17
අව අටවක
ජනවාරි 25
අමාවක
ජනවාරි 31
පුර අටවක
පෙබරවාරි 08
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]