[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඓතිහාසික
ලංකාරාම සෑ රදුන් වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න

දුරුතු පුර අටවක පෝය

ජනවාරි 09 ඉරිදා පූ.භා. 11.15 පුර අටවක ලබා 10 සඳුදා අ.භා. 12.30 ගෙවේ
09 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 09

Full Moonපසළොස්වක

ජනවාරි 17

Second Quarterඅව අටවක

ජනවාරි 25   

Full Moonඅමාවක

ජනවාරි 31

පාතකඩ සර්වෝදය ප්‍රජානායකත්ව භික්ෂු පුහුණු ආයතනය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට පැවරෙයි

පාතකඩ සර්වෝදය ප්‍රජා නායකත් ව භික්ෂු පුහුණු ආයතනය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට පවරාදීම සර්වෝදය මූලස්ථානයේ දී පසුගිය දා සිදු කැරිණි. මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම උතත්සවය පැවැත්විණි. එහිදී සර්වෝදය නායක ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතා විසින් ඊට අදාළ ඔප්පුව සහ සන්නස් පත්‍රය නාහිමියන් වෙත බාර දුන් අවස්ථාව මෙහි දැක්වේ. පැල්මඩුල්ල, රිල්හේන පිහිටි මිතුරු මිතුරෝ ආයතනයේ ප්‍රධානී සහ සර්වෝදය වැඩිහිටි මණ්ඩලයේ සභාපති කුප්පියවත්තේ බෝධානන්ද හිමි සහ සර්වෝදය වර්තමාන සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා ද ඡායාරූපයේ වෙති. හේන්පිටගෙදර ඤාණසීහ අධිකරණ සංඝනායක හිමියන් විසින් 1944 වසරේ දී පාතකඩ දී අරඹන ලද මෙම මධ්‍යස්ථානය 1974 වසරේ දී ඤාණසීහ හිමියන් විසින් සර්වෝදය ශ්‍රමදාන සංසදයට භාර කරනු ලැබීය.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභා‍ෙවන් ජනපතිඳුන්ට “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නා‍මය පිරිනැමේ

මහා විහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ සිරි මංගල උපෝසථාගාරය ඓතිහාසික වටිනාකම් සුරකිමින් ප්‍රතිනිර්මාණය කොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ස්වකීය අත්සන පිහිටුවා දෙස් විදෙස්හි පැතිරුණු ඥානකීර්ති ඇති අතිසම්භාවිත විද්වත් මහ තෙරවරුන්ගෙන් සුසැදි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභායත්ත ගරුතර මහා සංඝරත්නයේ උපසම්පදා දී විනය කර්ම මැනවින් පවත්වනු පිණිස ගරුලඝුභාණ්ඩ සහිතව චතුර්දිශාවාසී මහා සංඝරත්නය උදෙසා සන්නස් පත්‍රයකින් 2021 මැයි මස 14 වැනි දින පූජා කොට විවෘත කරන ලදී.

 

ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කර ගෙන ශ්‍රද්ධාවෙන් පිළිපදින්න

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර මහරි ගසක් මුල වැඩ හිඳ ඒරකපත්ත නම් නා රජු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක. මෙම ඒරකපත්ත නා රජ පෙර කාශ්‍යප බුදුරදුන් සමයෙහි උසස් මිනිසත් බවක් ලැබ එම සම්බුද්ධ ශාසනයෙහි මහණ දම් පිරුවෙකි. එකල මෙම භික්ෂූන් වහන්සේ ගමනක් වඩින විට ගඟකින් එතෙරවීමට අගුලකට නැඟීමට තැත් කළහ. ඒරු අත්තක් අල්ලාගෙන නඟින විට එක් ඒරු පතක් කැඩිණ. මෙය උපසපන් භික්ෂුවකට ඇවතක් වන වැරැද්දකි. මෙම ඇවැතින් නිදහස්වීමට ඇවැත් දෙසීමාදිය නොකළ නිසා මෙම ඇවත පිළිබඳ ව කනස්සල්ලෙන් මිය පරලොව ගොස් විශාල නා රජෙක් ව උපන්හ. එකල අප බුදුරජාණන් වහන්සේ බරණැස් නුවරට නුදුරු තැනෙක පිහිටි මහරි රුක මුල වැඩ සිටින බව දැනගෙන මෙම ඒරකපත්ත නා රජ එතැනට පැමිණ අඬන්නට පටන් ගත්තේ ය. මෙතෙක් මිනිසත් බව නොලැබ බණ ඇසීමට හෝ බුදු කෙනෙකුන් දැකීමේ වාසනා මහිමය නොලැබීමත් යන මෙම කාරණා නොලද හෙයින් අඬන බව බුදුරදුන්ට සැළකර සිටියේ ය. වරද ඉතා සුළු වුව ද සිදු වූ අලාභය මහා භයානක විය. උතුම් මිනිසත් බවත්, මහණකමත් අභිබවා ගහක අත්තක් කැඩීමේ ඇවැතින් නිදහස්වීමට අවකාශයක් නොලැබීමෙන් එයම විපිලිසර වීමටත් එයින් තිරිසන් අපායගාමී වීමට ද හේතුවිය. මෙම ගාථාවෙන් ඉතා දුර්ලබ කාරණා හතරක් දක්වා ඇත. මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර ය, මිනිසත් බ​ව රැකීම ඉතා දුෂ්කර ය, ධර්මය ශ්‍රවණය ඉතා දුෂ්කර ය, බුදුන්ගේ උත්පත්තිය ඉතා දුෂ්කර ය.

 

රටට ම සෙත සදන සිරිපා බිමේ පින්කම්

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට වදාළ සමයේ සබරගමු පළාතේ එක්තරා දේව කොට්ඨාශයක් විසූ බවත්, ඔවුන්ගේ නායකයා සුමන නම් වූ බවත් පැවසේ. ඒ සුමන නම් ජන නායකයා බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකා ගමනයේ් දී ධර්මය අසා සෝවාන් ඵලයට පත් වූ බව ද මහා වංශයෙහි සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී දෙවැනි වරටත් බුදුරජාණන් වහන්සේගෙන් සුමන නම් ජන නායකයාට ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍ය උදා වී ඇත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධා භක්තියෙන් යුතුව එවකට සැදැහැවත් බෞද්ධ උපාසකයකු වූ ද පසු කාලයේ දී බුදු බව පතා පෙරුම් පුරන්නකු බවට පත් වූ ද සුමන සමන් දිව්‍යරාජයා බුදුරජාණන් වහන්සේට ගෞරවනීය ආරාධනයක් සිදු කළේ ය. ඒ ආරාධනය වූයේ ඉරහඳ පවතින තුරු සැදැහැවතුන්ට පුද පූජා, සත්කාර වන්දනා කිරීම සඳහා සමනොළ කඳු මුදුනෙහි ශ්‍රී පාද පද්ම ලාංඡනය පිහිටුවන ලෙස ය. මේ උතුම් ආරාධනය පිළිගෙන බුදුරජාණන් වහන්සේ තෙවැනි වරටත් ලංකාද්වීපයට වැඩම කොට සුරම්‍ය වූ පර්වතය මුදුනෙහි ඉන්ද්‍රනීල මාණික්‍ය මත්තෙහි බුදුරජාණන් වහන්සේ වාම ශ්‍රී පාද පද්මය තැබූ කල්හි මැටි පිඩක දී පය එරී යන්නා සේ මේ මහා බුද්ධ බලයෙන් ඉන්ද්‍රනීල මාණික්‍ය මතු පිට පිවිතුරු වූ සිරිපා කමල සලකුණු වූ බව සඳහන් වෙයි. හාත්පස පිහිටියා වූ කඳු පන්තීන් අතරින් අතිශයින් අභිමානවත් වූ කූඨය නිසා ම ‘සමන්ත කූඨය” වී යැයි ද පැවසේ. එහි විසූ සුමන නම් ප්‍රධානියා නිසා එය ‘සුමන කූඨ’ වූවා යැයි ද තවත් මතයක් විය. ශ්‍රීපාද පද්මය පිහිටුවීමෙන් අනතුරුව සමන්ත කූටය ශ්‍රී පාදස්ථානය නමින් ද ප්‍රසිද්ධියට පත්වූ බව ද කියැවේ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]