[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාද්දුව දළදාවත්ත පුරාණ විහාරයේ දළදා පූජෝත්සවය

වාද්දුව දළදාවත්ත පුරාණ විහාරයේ දළදා පූජෝත්සවය

වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළදා පූජෝත්සවය 88 වැනි දළදා පූජෝත්සවය එළැඹෙන 07 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානයේ විහාරාධිපති පානදුර තොටමුණ බද රයිගම් කෝරළේ ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් පරිවෙනාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි දළදාවත්ත පුරාණ විහාරස්ථාන තරුණ බෞද්ධ සමිතිය සහ විහාරස්ථ දායක සභාව කටයුතු සූදානම් කර ඇත.

එළඹෙන 07 වැනි දින සිට 09 වැනි දින දක්වා දින 3 ක් රාත්‍රී 8.00 ආරම්භ වන සර්වරාත්‍රික මහා පිරිත් පින්කම පසුදා අලුයම දක්වා පැවැත්වෙන අතර 10 වැනි දින රාත්‍රී 7.00 විහාරස්ථානයේ වැඩසිට අපවත්වී වදාළ සියලුම මහා සංඝ රත්නය වෙත සහ පරලොව සැපත් විහාරස්ථානයේ දායක දායිකා පින්වතුන්ටත් පින් පැමිණ වේ. ප්‍රදේශවාසී රටවාසී සැමට ආරක්ෂාව පතා ආශිර්වාද කෙරේ. 11 වැනි දින පස්වරු 5.00 පැවැත්වෙන දළදා පූජෝපහාර මහා පින්කමෙන් 88 වැනි දළදා පූජෝත්සවය අවසන් වේ.

ඉල් අමාවක පෝය

දෙසැම්බර් 03 සිකුරාදා අපරභාග 16.55 අමාවක ලබා 04  සෙනසුරාදා අපරභාග13.12 ගෙවේ. සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]