[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අමාවක පෝදා 2021-12-03

අරමුණු ජය ගන්නට නම්...

 

ජීවිතයේ විවිධ භූමිකාවන්ට මුහුණ දෙමින් අරමුණු සපුරා ගන්නට අපි නිරන්තරයෙන් වෙහෙසෙමු. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ඒ අරමුණු විවිධ විය හැකි ය. එහෙත් කවර අරමුණක වුව ද අවසානය සැප කැමැතිවීම ය.

එය ලෞකික හෝ ලෝකෝත්තර විය හැකි ය. එහෙත් අරමුණු ජය ගැනීමෙහි ලා සියල්ලන්ට ම සාර්ථක විය නොහැකි ය. මෙසේ කෙනෙක් සාර්ථක වන්නේත්, කෙනෙක් අසාර්ථක වන්නේත් අරමුණු වෙත යන ගමනෙහි වෙනස නිසා ය. බොහෝ අරගල, ගැටුම්, සිත් රිදවා ගැනීම්, පරාජය වීම් එය තේරුම් ගැනීමට නොහැකි නිසා ය.

අප ජීවත්වන සමාජයේ ම මෙවැනි සිදුවීම්වලට උදාහරණ නිතැතින් ම හමුවේ. එහෙත් බෞද්ධයකු එවැනි තැනකට ඇද වැටිය යුතු නැත. ජීවිතය ජය ගන්නට උතුම් සදහම් මාවතක් දකින්නට තරම් බෞද්ධයා භාග්‍යවන්ත ය. ගැටලු ඇතිවන්නේ ඒ මාවත ඇසින් පමණක් දකිනු විනා නුවණැසින් නොදැකීම නිසා ය.

බුදුරජාණන් වහන්සේ දවස එක්තරා භික්ෂූන් වහන්සේ නමක් වැඩ සිටිය හ. උන්වහන්සේගේ දෛනික කාර්යයන් අතර වැඩි වේලාවක් වෙන්වූයේ ඇමදීම් කිරීමට ය. දිනක් එම වෙහෙරෙහි එක් තෙරුන් වහන්සේ නමක් දානය වැළඳීමෙන් පසු භාවනාවේ පසුවූහ. ඒ දුටු පෙරකී භික්ෂූන් වහන්සේ සිතට අමනාප ගෙන භාවනා වඩමින් සිටි භික්ෂූන් වහන්සේට දෝෂාරෝපණය කළේ සැදැහැතියන් විසින් පූජා කරනු ලබන දානය වළඳා අලසව සිටිනවාට වඩා මිදුලවත් ඇමදුවේ නම් නරක ද යනුවෙනි. භාවනා වඩමින් සිටි භික්ෂූන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ අමතා පෙන්වා දුන්නේ භික්ෂූන් වහන්සේ නමකගේ ප්‍ර‍්‍රධාන කාර්යය විය යුතු බණ භාවනා වඩා ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම බව ය. ඇමදීම් වැනි කටයුතුවලට නිසි වේලාවක් පමණක් වෙන්කරගත යුතු බව ය. ඒ ඇසූ දොස් නැඟූ භික්ෂූන් වහන්සේ වහා නිවැරැදි වූහ. බවුන් වඩා ටික කලෙක දී ම පැවිදි ජීවිතයේ අරමුණු සාක්ෂාත් කර ගත්හ.

එම භික්ෂූන් වහන්සේ පෙර සේ ඇමදීම් නොකරන බව දුටු වෙහෙරෙහි භික්ෂූන් වහන්සේ ඒ ඇයි දැයි විමසූහ. තමන් වහන්සේ පෙර ප්‍රමාද වී කටයුතු කළ බවත්, දැන් අප්‍රමාදී ව කටයුතු කරන බවත්, එම නිසා සුදුසු වේලාවට පමණක් අමදින බවත් උන්වහන්සේ පැවසූහ.

අකීකරු, තමන්ගේ ම මතයෙහි සිටිමින් විනාශය ළඟා කර ගන්නා අඥාන පුද්ගලයින්ට මේ කතාව ගෙන දෙන ආදර්ශය මා හැඟි ය. ඒ ගුණවතුන්ට සවන්දීම, හරි වැරැද්ද තේරුම් ගැනීම, උපදෙස් පිළිපැදීම හා ජීවිතය සාර්ථක කර ගැනීම ය.

ඒ වගේම අප්‍රමාදී බවෙහි අගය වටහා ගැනීම ය. පාසල් යන කාලයේ ප්‍රමාද වුවහොත් ඒ අඩුව මකා ගන්නට ජීවිත කාලය ම ප්‍රමාණවත් නොවිය හැකි ය. තරුණවියේ, වැඩිහිටි වියේ සහෝදර සහෝදරියන්, අඹු සැමියන්, මව්පිය දූ දරුවන්, සේව්‍ය සේවකයන් ආදි ලෙස විවිධ චරිතවලට යුතුකම් වගකීම් පවතී. ඒ සියලු දැයෙහි අප්‍රමාදී විය යුතු ය. බෞද්ධයින් වන අපගේ මූලික අරමුණ ලෞකික ජීවිතය ද ජය ගනිමින් උතුම් නිවන් මඟට පැමිණීම ය. ඒ සඳහා ද අප්‍රමාදී විය යුතු ම ය. ශ්‍රී සද්ධර්මය ඒ උතුම් සුවය ලබා ගන්නට අපට මඟ පෙන්වයි. අප කළ යුතු නුවණින් විමසමින්, ඒ මඟ යෑම ය.

ඉල් අමාවක පෝය

දෙසැම්බර් 03 සිකුරාදා අපරභාග 16.55 අමාවක ලබා 04  සෙනසුරාදා අපරභාග13.12 ගෙවේ. සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 03

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]