සම්බුද්ධ ශාසනයේ උන්නතියට උරදුන්
මහා යතිවරයාණෝ
ධම්මාරාමො ධම්මරතො - ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු - සද්ධම්මා න පරිහායති
(ධර්මයෙහි ඇළුණු, ධර්මයට ලැදි, ධර්මය ම සිතන, ධර්මය ම සිහිකරන භික්‍ෂුව සද්ධර්මයෙන්
නොපිරිහේ)
ධම්මපදය - භික්ඛු වර්ගය
බුදු වදනේ එන පූර්වෝක්ත උතුම් ගුණයෙන් සමුපලක්‍ෂිත යතිරුවනක් කෙරෙහි අප අවධානය
යොමුකළ හොත් එහි පළමුව ම සිතට නැඟෙන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන්පති කැලණිය
විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශන විශාරද,
ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය, අග්ගමහා සද්ධම්මජෝතික ධජ, සාහිත්‍ය
චක්‍රවර්ති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුකහ උතුරු කෝරළයේ වැලමිටියාව
ගම් පියසෙහි 1937 නවම් මස 20 වැනි දින පුරාකෘත පුණ්‍ය ශක්තිය ම ආත්මීය ධනය කොටගත්
උතුම් පුත් කුමරෙක් උපත ලැබීය. එම උපත මුළු මහත් දැයට ම පින්ඵල විඳීමේ භාග්‍යය
හිමිකර දෙන වාසනාවක් යැයි මවුපියන්වත් සිතන්නට නැත. විදුලකර සෝභාමත් කළ මහ
පඬිරුවනක් වන තත් පිරිවෙනෙහි පස්වැනි පරිවෙණාධිපති ධුරීණ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම
නාහිමියෝ මෙම කුලකුමරුවන්ගේ පින් මහිමය ඉවෙන් මෙන් දැනී ගිය බැවින් පැවිදි කිරීම
පිණිස විද්‍යාලංකාරයට කැඳවාගෙන එති. වසර හතරක පමණ කාලයක් පැවිදි වීම පිණිස පිළිවෙත්
සපිරූ අප කථානායකයාණන් වහන්සේ උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්වන්නේ 1954 දුරුතු මස 07
වැනි දින එවකට විද්‍යාලංකාර පරිවෙණාධිපති ධුරය දැරූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර
නායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙනි.
විද්‍යෝදය විද්‍යාලංකාර පිරිවෙන් වෙත විශ්වවිද්‍යාල තත්ත්වය ලබා දෙනුයේ එම ආයතන
පෙරාපර දෙදිග කීර්තිමත් ආයතන බවට පත්ව පැවැති පසුබිමක ය. හැටේ දශකයෙහි මුල භාගයේ
විශ්වවිද්‍යාල බවට මෙම ආයතන පත්කිරීමෙන් දේශයේ ගිහි අධ්‍යාපනය විෂයයෙහි උසස්
මෙහෙයක් ඉටුවූ බව සැබෑ නමුත් එතෙක් පැවැති අද්විතීය අධ්‍යාපනායතන දෙකෙහි ආලෝකය
දුර්වල වූ බව නම් අවිවාදිත කරුණකි. විද්‍යාලංකාර පිරිවෙන යථෝක්ත මූලික ස්වරූපයේ
උසස් ම ආයතනයක් ව පැවැති කාලවකවානුවේ එහි විද්‍යාලංකාර සම්ප්‍රදාය ඇතුළුව
ශාස්ත්‍රීය ශික්‍ෂණය ලැබීමට අප වැලමිටියාවේ කුසලධම්ම හෙරණපාණෝ වාසනාව ලදහ. එමෙන් ම
යක්කඩුවේ ප්‍රඥාරාම නායක මාහිමිපාණන් වහන්සේ බඳූ ශාස්ත්‍රීය වනස්පතියක සෙවනෙහි
භික්‍ෂුත්වය හා ශාස්ත්‍රීයත්වය ගොඩනඟා ගැනීමට අවකාශ ලැබීම ම උන්වහන්සේ ලද
භාග්‍යයකි.
විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හෙවත් වත්මන් කැලණිය විශ්වවිද්‍යාලයෙන් කුසලධම්ම
නාහිමියන්ට සිංහල භාෂාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගැනීමට අවස්ථාව උදා
වූ අතර පශ්චාත් උපාධි අධ්‍යාපනයටත් වඩා ඇසූ පිරූ තැන් ඇති යතිවරයෙක් ලෙසින්
ශාස්ත්‍ර ලෝකයෙහි සැරිසැරීම උන්වහන්සේට අභිමත විය. විද්‍යාලංකාර පිරවෙනේ ම ශාඛාවක්
වූ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණෙහි උපපරිවෙණාධිපති, පරිවෙණාධිපති හා
පරිවේණාධ්‍යක්‍ෂ ආදී තනතුරු හොබවමින් උන්වහන්සේ සිදුකළ ශාස්ත්‍රීය මෙහෙවර අනබිභවනීය
වෙයි. 1983 වසරෙහි විද්‍යාලංකාර පිරිවෙනෙහි අධ්‍යක්‍ෂ ධුරයට හා 1989 වසරෙහි
පරිවෙණාධිපති ධුරයට පත් අප නාහිමියෝ විද්‍යාලංකාර ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කළහ.
ආයතනික කටයුතුත්, සාමාජීය කටයුතුත් සියල්ල සමබර ලෙසින් පවත්වාගෙන යාමට උන්වහන්සේට
පැවැතියේ අසාමාන්‍ය හැකියාවකි.
තමන්ට ලැබෙන කිනම් ආකාරයක හෝ ආරාධනයක් ප්‍රතික්‍ෂේප නොකොට තරාතිරම නොබලා වැඩම
කිරීමේ තථාගතාදර්ශය ක්‍රියාවට නැඟීම අප නාහිමියන්ගේ සිරිත විය. නාහිමිපණන් වහන්සේගේ
ධර්ම දේශනයක් නො පැවති විහාරස්ථානයක් මෙම සිංහල ද්වීපයේ ඇත්නම් ඒ අතළොස්සකි. කිසිදු
වෙහෙසක් නොබලා, කිසිදු ලාභාපේක්‍ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාසයෙන් හා ශාසනානුලෝමී
හැඟීමෙන් ම උන්වහන්සේ එබඳූ ආරාධනා වෙත වැඩම කරති. උන්වහන්සේ බණකට වැඩ මකළ
විහාරස්ථානයකට භෞතික අඩුපාඩුවක් ඇත්නම් එය සලසා දීමට උන්වහන්සේ නිර්ලෝභී වෙති.
උන්වහන්සේගේ චරිතයේ පැවැති උසස් ම ගුණාංගයක් නම් නාහිමියන් වෙත කිසිවක්
බලාපොරොත්තුවෙන් පැමිණෙන යමෙක් හිස් අතින් නොයැවීම යි. පරිත්‍යාගශීලීත්වය ම සිය
ජීවිතයේ පරමාභිලාෂය කොටගත් උන්වහන්සේ විද්‍යාලංකාර ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය මගින්
නිවාස, රෝද පුටු, කිහිලිකරු, වැසිකිලි කැසිකිලි ආදිය ලබා දී අසරණ ජනතාව හා රෝගී
පිරිස් සුවපත් කළ අවස්ථා ගිණිය යුත්තේ දහස් ගණනිනි. දුෂ්කර ප්‍රදේශයන්හි දරුවන්ගේ
අධ්‍යාපන දියුණුව විෂයයෙහි ආධාරෝපකාර ලබාදීම, පාසැල් ගොඩනැඟිලි ඉදිකිරීම, ශිෂ්‍යත්ව
ලබාදීම අප නාහිමියන්ගේ සමාජ සේවාවන් අතර සුලභ කරුණු ය.
ප්‍රජා ගොඩනැඟිලි ඉදිකර දීම, මං මාවත් සකස්කර දීම, ස්වයං රැකියා පිණිස උදව් උපකාර
කිරීම් ආදී කටයුතු හරහා සමාජය බලගැන්වීමට උන්වහන්සේ අතින් සිදුවූ මෙහෙවර අතර කැපී
පෙනෙයි. සැකෙවින් සඳහන් කරතොත් උන්වහන්සේ ඉතිරි කර ගත්තා නම් ඉතිරි කර ගත්තේ භෞතික
සම්පත් හෝ මුදල් නොව පින හා කීර්තිය ම පමණි.
මාතෘ පිතෘ උපස්ථානය පිළිබඳ පරමාදර්ශයක් වූ කුසලධම්ම නාහිමියෝ සිය මෑණියන්ට මියයන
තුරු ම උසස් ආකාරයෙන් සැලකූ බව ළඟින් ඇසුරු කළ අය සාක්‍ෂි දරති. ගුරු ගෞරවයට
නිදසුන් පිණිස නාහිමියන්ට වඩා වැඩි වර්තමාන නිදසුනක් සොයා යාම නිෂ්ඵල කරුණකි.
උන්වහන්සේ තුළ පැවැති උතුම් කල්‍යාණ මිත්‍රත්වයේ ගුණයන් මා දුටුවේ අප ගුරුදේවෝත්තම
ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ වෙත දැක්වූ මිතු සෙනෙහස තුළිනි. හැදෙන
වැඩෙන පරපුරට අත දීමට නිරන්තරයෙන් කැපවී සිටි උන්වහන්සේ තරම් පිය සෙනෙහසින් යුත්
මහා යතිවරුන්ගේ හිඟය සසුනේ තරුණ යතිවරුන් සසුන හැරදා යාමට හේතුවක් වී ඇත. කෙටියෙන්
කිවහොත් උන්වහන්සේ උතුම් මිනිසත් දහමේ ජීවමාන සංකේතයකි.
විද්‍යාලංකාරය යනු පිරිවෙනක් වුව සාමාන්‍ය පිරවෙන් ආයතනයක් නොවේ. එය සංස්කෘතියකි.
එම සංස්කෘතියේ සියවස් හතරක ආරක්‍ෂකයාණන් හා නියමුවාණන් ලෙසින් උන්වහන්සේ
සිදුකළකාර්යභාරය විද්‍යාලංකාර ඉතිහාසයේ සටහන් වනුයේ රන් අකුරිනි. විද්‍යාලංකාර
අධ්‍යාපන සම්ප්‍රදාය ආරක්‍ෂා කරමින් දහස් ගණන් පැවිදි සිසුන්ට ශාසනික ගමන්මඟ
හෙළිපෙහෙළි කරදීම, ධර්ම විද්‍යාලය හරහා දසදහස් ගණන් දූ දරුවන්ට නැණ ගුණ පහදා දීම
උන්වහන්සේගේ කාර්යභාරයේ සුවිශේෂ අවධානය යොමුවූ තැන් ය.
අපේ නාහිමියෝ ශ්‍රද්ධාව ධනය කොටගත් උතුමෙකි. ශ්‍රද්ධාවෙන් නූතන භික්‍ෂූන් ට
පරමාදර්ශයකි. තුණුරුවනට සැදැහැ සිතින් ගරු සත්කාර කිරීම ම තමන් වහන්සේගේ ජීවිතය
බොහෝ අනතුරුවලින් බේරා ගැනීමට සමත් වූ බව උන්වහන්සේ නිරන්තරයෙන් සිහිපත් කරති.
විද්‍යාලංකාර පිරිවෙනේ සිදු වූ ත්‍රිපිටක සජ්ඣායනය සිහිපත් කිරීම උන්වහන්සේගේ
මුවෙන් නිරන්තරයෙන් පිටවන සත්‍යක්‍රියාවකි. නාහිමියන් නිකැළැල් භික්‍ෂුත්වයේ
ශාසනිකාස්වාදය නිරන්තරයෙන් අත්විඳී බව ළඟින් ඇසුරු කළ ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.
නාහිමියෝ කිසිදු විටෙකත් රට දැය සමය වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය කැප කිරීමට පසුබට
නොවූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් මණ්ඩලය, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය ආදී
ආයතන මුල්කර ගනිමින් ගිහි පැවිදි ශාස්ත්‍රීය හා දහම් අධ්‍යාපය නඟා සිටුවීමට
උන්වහන්සේ තීරණාත්මක බලවේගයක් වැ ක්‍රියා කළ මහා යතිවරයෙක් වූ හ. තමාගේ ම ගුරු
භූමිය පදනම් කොට ගෙන බිහිවූ කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා, පාලක සභා ආදියෙහි
සාමාජිකත්වය දරමින් කටයුතු කළා පමණක් නොව, දශක කිහිපයක් මුළුල්ලෙහි එහි උතුම්
කුලපති ධුරය හොබවති.
උතුම් විදුලකර සම්ප්‍රදායේ අභිමානයත්, අදීන භික්‍ෂු පෞරුෂයත්, සමාජශීලී ජනහිතවාදී
මෘදු හදවතත්, සසර පුරුද්දෙන් ගෙනා පරිත්‍යාග ශීලීත්වයත්, ජාතිදේශ හිතෛෂී ගුණයත්,
සත්වකරුණාවත්, ඉවසීම හා කැපවීමත් එකපිඬු කොටගත් උතුම් ජීවිතාදර්ශයක් වූ කීර්ති
ශේෂභාවෝපගත අතිපූජ්‍ය විද්‍යාලංකාර පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති
ධුරන්දර ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම අපේ නායක මාහිමිපාණන් වහස්සේට උතුම් නිවනින්
සැනසීම වේවායි පතමු.
ප්‍රජා ගොඩනැඟිලි ඉදිකර දීම, මං මාවත් සකස්කර දීම, ස්වයං රැකියා පිණිස උදව් උපකාර
කිරීම් ආදී කටයුතු හරහා සමාජය බලගැන්වීමට උන්වහන්සේ අතින් සිදුවූ මෙහෙවර අතර කැපී
පෙනෙයි. සැකෙවින් සඳහන් කරතොත් උන්වහන්සේ ඉතිරි කර ගත්තා නම් ඉතිරි කර ගත්තේ භෞතික
සම්පත් හෝ මුදල් නොව පින හා කීර්තිය ම පමණි.
මාතෘ පිතෘ උපස්ථානය පිළිබඳ පරමාදර්ශයක් වූ කුසලධම්ම නාහිමියෝ සිය මෑණියන්ට මියයන
තුරු ම උසස් ආකාරයෙන් සැලකූ බව ළඟින් ඇසුරු කළ අය සාක්‍ෂි දරති. ගුරු ගෞරවයට
නිදසුන් පිණිස නාහිමියන්ට වඩා වැඩි වර්තමාන නිදසුනක් සොයා යාම නිෂ්ඵල කරුණකි.
උන්වහන්සේ තුළ පැවැති උතුම් කල්‍යාණ මිත්‍රත්වයේ ගුණයන් මා දුටුවේ අප ගුරුදේවෝත්තම
ආචාර්ය මැදගොඩ සුමනතිස්ස නාහිමිපාණන් වහන්සේ වෙත දැක්වූ මිතු සෙනෙහස තුළිනි. හැදෙන
වැඩෙන පරපුරට අත දීමට නිරන්තරයෙන් කැපවී සිටි උන්වහන්සේ තරම් පිය සෙනෙහසින් යුත්
මහා යතිවරුන්ගේ හිඟය සසුනේ තරුණ යතිවරුන් සසුන හැරදා යාමට හේතුවක් වී ඇත. කෙටියෙන්
කිවහොත් උන්වහන්සේ උතුම් මිනිසත් දහමේ ජීවමාන සංකේතයකි.
විද්‍යාලංකාරය යනු පිරිවෙනක් වුව සාමාන්‍ය පිරිවෙන් ආයතනයක් නොවේ. එය සංස්කෘතියකි.
එම සංස්කෘතියේ සියවස් හතරක ආරක්‍ෂකයාණන් හා නියමුවාණන් ලෙසින් උන්වහන්සේ
සිදුකළකාර්යභාරය විද්‍යාලංකාර ඉතිහාසයේ සටහන් වනුයේ රන් අකුරිනි. විද්‍යාලංකාර
අධ්‍යාපන සම්ප්‍රදාය ආරක්‍ෂා කරමින් දහස් ගණන් පැවිදි සිසුන්ට ශාසනික ගමන්මඟ
හෙළිපෙහෙළි කරදීම, ධර්ම විද්‍යාලය හරහා දසදහස් ගණන් දූ දරුවන්ට නැණ ගුණ පහදා දීම
උන්වහන්සේගේ කාර්යභාරයේ සුවිශේෂ අවධානය යොමුවූ තැන් ය.
අපේ නාහිමියෝ ශ්‍රද්ධාව ධනය කොටගත් උතුමෙකි. ශ්‍රද්ධාවෙන් නූතන භික්‍ෂූන් ට
පරමාදර්ශයකි. තුණුරුවනට සැදැහැ සිතින් ගරු සත්කාර කිරීම ම තමන් වහන්සේගේ ජීවිතය
බොහෝ අනතුරුවලින් බේරා ගැනීමට සමත් වූ බව උන්වහන්සේ නිරන්තරයෙන් සිහිපත් කරති.
විද්‍යාලංකාර පිරිවෙනේ සිදු වූ ත්‍රිපිටක සජ්ඣායනය සිහිපත් කිරීම උන්වහන්සේගේ
මුවෙන් නිරන්තරයෙන් පිටවන සත්‍යක්‍රියාවකි. නාහිමියන් නිකැළැල් භික්‍ෂුත්වයේ
ශාසනිකාස්වාදය නිරන්තරයෙන් අත්විඳී බව ළඟින් ඇසුරු කළ ඕනෑම කෙනෙක් දන්නා කරුණකි.
නාහිමියෝ කිසිදු විටෙකත් රට දැය සමය වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය කැප කිරීමට පසුබට
නොවූහ. අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් මණ්ඩලය, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය ආදී
ආයතන මුල්කර ගනිමින් ගිහි පැවිදි ශාස්ත්‍රීය හා දහම් අධ්‍යාපනය නඟා සිටුවීමට
උන්වහන්සේ තීරණාත්මක බලවේගයක් වැ ක්‍රියා කළ මහා යතිවරයෙක් වූ හ. තමාගේ ම ගුරු
භූමිය පදනම් කොට ගෙන බිහිවූ කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා, පාලක සභා ආදියෙහි
සාමාජිකත්වය දරමින් කටයුතු කළා පමණක් නොව, දශක කිහිපයක් මුළුල්ලෙහි එහි උතුම්
කුලපති ධුරය හොබවති.
උතුම් විදුලකර සම්ප්‍රදායේ අභිමානයත්, අදීන භික්‍ෂු පෞරුෂයත්, සමාජශීලී ජනහිතවාදී
මෘදු හදවතත්, සසර පුරුද්දෙන් ගෙනා පරිත්‍යාග ශීලීත්වයත්, ජාතිදේශ හිතෛෂී ගුණයත්,
සත්වකරුණාවත්, ඉවසීම හා කැපවීමත් එකපිඬු කොටගත් උතුම් ජීවිතාදර්ශයක් වූ කීර්ති
ශේෂභාවෝපගත අතිපූජ්‍ය විද්‍යාලංකාර පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති
ධුරන්දර ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම අපේ නායක මාහිමිපාණන් වහස්සේට උතුම් නිවනින්
සැනසීම වේවායි පතමු.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
මහාචාර්ය
මැදගොඩ අභයතිස්ස ස්ථවිර |