කුක්කුර ජාතකය
හරියටම දන්නේ නැතිව
වරදකට
දඬුවම් දෙන්නේ කොහොමද?
මෙම කතාවේ මුල් කොටස
වප් පුර පසළොස්වක පෝදා පුවත්පතේ
පළවිය.
කුණු කඳු ගොඩ ගැසුණු, පල් වතුර පිරුණු මේ ඇළ ඔස්සේ සුනඛයකුට එන්නට හැකි දැයි රාජ
පුරුෂයකු යවා බලන්න රජතුමනි, එන්න බැහැ. කිසිවක් නො සොයා නො බලා පැනවූ නීතිය නිසා
අහිංසක ජීවිත ගණනක් දැනටමත් විනාශවෙලා.
හොඳයි රජතුමනි, මේ අපරාධය කළේ පිටිනුවර සුනඛයන්බව ඔබතුමා හරියට ම දන්නවා ද?"
රජු සබය දෙස බැලුවේ ය. ඇමතිවරු උඩ බිම බැලූ හ. පුරෝහිත බමුණා හිස කැසී ය.
"මූ නම් යකාගෙ සුනඛයෙක්“ පුරෝහිත දත් මිටි සැපුවේ ය.
"පිටිනුවර සුනඛයන්ඔය අපරාධය කළ බව මා හරියට ම දන්නේ නැහැ -" රජු පිළිතුරු දුන්නේ ය.
"හරියට ම දන්නේ නැතිව වරදකට දඬුවම් දෙන්නෙ කොහොම ද? ඔබ තුමා ළඟ සිටින සුනඛයන්ගැන
සැක කරන්න බැරිද?"
" ඒ අපේ මාළිගාවේ අප සමඟ සිටින අය. ඔවුන් ගැන අවිශ්වාසයක් නැහැ-"
"ඔබතුමා පක්ෂපාතිව තීරණ ගන්නවා - සමහරවිට ඔය අපරාධය කළේ ඔබතුමාගේ කීණ සුනඛයන්විය
හැකියි."
"මා එසේ සිතන්නේ නැහැ.-"
"නොසිතන්නට සාධැරණ හේතුවක් තියෙන්න එපායැ?"
"හේතුවක් නම් නැහැ -"
"හරිම කනගාටුයි රජතුමනි, රාජ නියෝගයකට සාධාරණ හේතු තිබිය යුතුයි. නැත්නම් ජනතාවට
රජුගෙන් යුක්තිය ඉෂ්ට වෙන්නෙ කොහොම ද? හේතු නැතිව පැනවූ මේ නියෝග අසාධාරණ බව මම
ඔබතුමාට නැවතත් කියනවා."
"පිටිනුවර සුනඛයන්මෙය නො කළ බව ඔබට කිව හැකි ද?-"
"එහෙමයි රජතුමනි, රාත්‍රි කාලයේ පිටිනුවර කිසිවකුට මේ නුවරට ඇතුළුවීම අපහසුයි.
මීයෙක් වුනත් එන්න ඕන තාප්පයට උඩින්-"
පුරෝහිතයා නැගිට්ටේ ය.
"රජතුමනි, පුරයේ සිට වතුර ගලා එන ඇළ මාර්ගයෙන් සුනඛයන්ට ඇතුළට එන්නට පුළුවනි"
"කුණු කඳු ගොඩ ගැසුණු, පල් වතුර පිරුණු මේ ඇළ ඔස්සේ බල්ලකුට එන්නට හැකි දැයි රාජ
පුරුෂයකු යවා බලන්න රජතුමනි, එන්න බැහැ. කිසිවක් නො සොයා නො බලා පැනවූ නීතිය නිසා
අහිංසක ජීවිත ගණනක් දැනටමත් විනාශවෙලා."
"නුඹ කියන්නේ මේ අපරාධ කළේ අපේ කීණ සුනඛයන්විසින් ය කියල ද?
"එහෙමයි-"
"ඔප්පු කළ හැකි ද?"
"එහෙමයි - මා එය ඔප්පු කරනවා - මෝරු වතුරත්, ඊතණ ටිකකුත්, දෙන්න-"
නරපතියා, සුනඛපතියාට ඒවා සැපයී ය.
"මෝරු වතුර සමඟ ඊතණ මුසුකොට ඔබතුමා ගේ සුරතලුන්ට - පොවන්න"
කීණ බල්ලෝ සඳුලු තලවලින් බැස රාජ සභාවට පැමිණිය හ.
උන්ගේ සාඩම්බර ගමන, ආඩම්බර බැල්ම සුනඛ නායකයාට පෙනිණ.
රාජ පුරුෂයෝ ඊතණ, මෝරු මිශ්‍රණය කීණ සුනඛයන්ට පෙවූ හ.
"අපි දැන් මේ ඇත්තන් සමඟ මාළිගා අංගනයට යමු-"
සුනඛපති, නරපතිට කී ය.
නරපතියා සිහසුනෙන් බැස්සේ ය. පුරෝහිත ද ,ඇමතිවරු ද, සෙනෙවිවරු ද ඔහු සමඟ මාළිගා
අංගනයට ගිය හ. සුනඛ පතියා නරපතියා අසලට වී කීණ සුනඛයන්දෙස විමසිල්ලෙන් බලා සිටියේ
ය.
එක් කීණ බල්ලෙක් ඕහ්... ඕහ්... හඬක් නැඟුවේ ය. උගේ කට ඇරිණ - දිව එළියට වැටිණ.
තවත් සුනඛයන් කීප දෙනකුගෙන් ද ඒ හඬ ඇසිණ. උන් ගේ මුහුණුවල පීඩාකාරී රෝගී පෙනුමක්
ඇතිවිය. පුරෝහිතයා සුනඛ නායකයා දෙස බැලී ය.
"නුඹ අපේ සුරතලුන්ට වස පෙව්වා". යන අදහස ඔහුගේ සිතට නැඟිණ. දිවට නොනැඟිණ.
එක් සුනඛයකුගේ කටින් සෙම ගුලියක් වැටිණ. ඒ සමඟ කළු පැහැති යමක් ද විය.
"අන්න රජතුමනි... අන්න..."
සුනඛපතියා නරපතියාට එය පෙන්වූයේ ය.
නරපති හිස බිමට නැඹුරු විය.
"සම් කැබැල්ලක්!"
පුරෝහිත මුහුණ රතු විය.
අනෙක් සුනඛයෝ ද සෙම ගුළි සමඟ සම් කැබලි පිටතට දැමූ හ.
පුරෝහිත බ්‍රාහ්මණයා රජු දෙස බැලී ය. රජුගේ මුහුණ කෝපයෙන් පිපිරෙමින් තිබිණ.
"ඒ කීණ සුනඛයන්නිසා උපන් කෝපයෙන් නොවෙයි. දැන් අප ද රාජ උදහසට ලක් විය හැකියි."
පුරෝහිතට සිතිණ.
යළි රාජ සභාව රැස්විය.
"සුනඛ නායකතුමන්ට අසුනක් පනවනු''යි රජු රාජ පුරුෂයකුට අණ කෙළේ ය.
"එපා රජතුමනි, අපට අසුන් නුහුරුයි.." කියමින් සුනඛපතියා බිම හිඳ ගත්තේ ය.
"ඔබ වෙසෙන්නේ කොතැන දැයි අසන්නටවත් මට බැරිවුණා" රජු සිහසුනේ හිඳගනිමින් කී ය.
"පිටිනුවර මහ සොහොනේ සුනඛයන් දහසක් සමඟ මා ජීවත් වෙනවා. ඔබ තුමා ඇති කළ භීෂණය නිසා
පිටිනුවර සුනඛයන් ද දහසක් පමණ දැන් එහි සැඟවී සිටිනවා."
රජුගේ දෙතොල සැලෙනු ද, එහෙත් හඬ නො එනු ද සබයට පෙනිණ. රජ බිසව රන් කෙණ්ඩිය ගෙන ඔහුට
පැන් ස්වල්පයක් පෙවුවා ය. රජු දෙතොල පිස සුනඛපතියා දෙසට හැරුණේ ය.
"ඔබ සිවුපාවකු වූව ද මේ සබයේ සිටින සියලු දෙනාට ම වඩා ඥානවන්තයි. මේ පුරෝහිත බමුණා
මෙන් ම මාත් දිසාපාමොක් ඇදුරු තුමා ගේ ශිෂ්‍යයෙක් - අපි තක්ෂිලා උපාධිකාරයෝ - ඒත්
ඔබ අපට අද වැදගත් ම පාඩමක් ඉගැන්නුවා. ඇත්ත යුත්ත සාධක සහිත ව පෙන්නුවා.
ඉතිරි කොටස වප් අමාවක
නොවැම්බර් 04 පත්‍රයේ පළවේ ...
දෙනගම සිරිවර්ධන |