කාන්තාව බබළවන මිල කළ නොහැකි ආභරණය
පිරිසුදු චරිතයයි
කාන්තාවකගේ සැබෑ ලස්සන මතු වන්නේ ඇයගේ චරිතයෙනු යි. බෞද්ධ කාන්තාවකට ඒ සඳහා ගුරු
හරුකම් ගන්නට හොඳම චරිත අතරින් විශාඛා චරිතය සුවිශේෂී යි. පසු ගිය වප් පුර පසළොස්වක
පෝදා පුවත්පතින් අපි විශාඛාවගේ චරිතයේ අපූර්වත්වය ගැන කරුණු කිහිපයකින් දැනුම්වත්
වුණා. මේ එම ලිපියේ ඉතිරි කොටසයි.
පරිත්‍යාගයේ උතුම් බව
මහා දානපතිනියක ලෙස බුද්ධ ශාසනය තුළ සම්භාවනාවට පාත්‍ර වූ විශාඛාවෝ මිල කළ නොහැකි
අගයෙන් යුත් සිය මේල පළඳනාව විකුණා එම මුදලින් බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා
වහන්සේ වෙත පූර්වාරාම විහාරය කරවා පූජා කරන ලද බව ප්‍රකට ය. මෙහි දී අපගේ අවධානය
යොමු විය යුතු චරිත ලක්ෂණය වන්නේ ඇය ආභරණවලින් තම ශරීරයේ බාහිර අලංකරණය ගැන
සැලකිලිමත් නොවූ බවයි. ආධ්‍යාත්මික ගුණයෙන් පෙහොසත් වූ විශාඛාව ඊට වඩා උතුම්
කාර්යයක් වෙනුවෙන් සිය භෞතික සම්පත් යෙදවීමෙන් තෘප්තියක් ලැබීමේ ගුණාංගය මනාව
ප්‍රගුණ කළ බව පෙනේ.
එමෙන් ම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට නිති දන් දීමෙන් පමණක් නොව
කුඩා සාමණේර ස්වාමින් වහන්සේගේ සිත් දැන ගෙන උන්වහන්සේට මවක මෙන් දයාව කරුණාව
පාමින් සංග්‍රහ කිරීමට ඇය නිහතමානී වූවා ය.
විශාඛාව සිය නිවසේ මෙහෙකරුවන්ට පමණක් නොව සතා සිව්පාවා කෙරෙහි ද අපමණ කරුණාවක් දැක්
වූ බවට පුවතක් වේ. මැදියම් රැයක පැටවකු බිහි කිරීමේ දී ප්‍රසූත වේදනාවෙන් දුකට පත්
වූ වෙළඹකට මුළු රාත්‍රිය පුරා ම සාත්තු කිරීමට තරම් ඇයගේ අනුකම්පාව අසීමිත වූ බව
පෙනේ. යුතුකම් ඉටුකිරීමේ දී අවස්ථාවට ගැළැපෙන ලෙස තම ධනය, බලය, තරාතිරම වැනි දෑ
පසෙකලා ත්‍යාගශීලී ව කටයුතු කිරීමට ඇය දක්ෂ වූවා ය.
ජීවත්වීමේ අවබෝධය
ඉතා නීරෝගී කාය බලයෙන් යුක්තව වසර 120ක් ජීවත් වීමට විශාඛාවට හැකි විය. දූ දරුවන්
විසිදෙනකු සමඟ පරම්පරා හතරක මුණුපුරු මිණිපිරියන් දැකීමට තරම් ඇය වාසනාවන්තියක් වූ
වා ය. ගිහි ජීවිතයේ දී එළඹෙන සියලු කාර්යයන් මනා සංයමයෙන්, ගැටුම්වලින් තොර ව, සැම
දෙනාගේ ම සිත දිනා ගනිමින් ඉටු කිරීමට ඇය දක්ෂ වූ වා ය. ජීවිතය පිළිබඳ යතාර්ථය
හෙවත් වෙනස් වන බව වටහා ගැනීම මඟින් සහ ඊට අනුකූල වන සේ දෛනික ජිවිතයේ දී මුහුණපෑමට
සිදුවන ලාබ-පාඩු, කීර්ති-අපකීර්ති, ප්‍රශංසා-ගැරහුම්, දුක-සැප, යන අට ලෝ දහම පිළිබඳ
විමසුම් ඇසින් දැකීමේ පරිණත බව විශාඛාවගේ ජීවිතය තුළින් වර්තමාන සමාජයට ලබා ගත හැකි
සුවිශේෂී ආදර්ශයකි.
පතිකුලයට පිවිසි විශාඛාවට නැණවත් ලෙස එහි කටයුතු සංවිධානය කිරීමට අපූර්ව ශක්තියක්
තිබුණි. ආගන්තුක වටපිටාවක දී මුහුණ දීමට සිදුවන ගැටලු සාර්ථක ලෙස විසඳා ගැනීමේ
ශක්තිය ඇයට ලැබුණේ ඇයගේ පියාවන ධනංජය සිටුතුමාගේ ආවවාදවලට අනුගත වීමෙනි.
මයිලණුවන්ගේ නිවසට යන දියණියට සිය පියාගෙන් ලැබුණු එම අවවාද යුග ජිවිතය ගැටුමින්
තොර ව සාමකාමී ලෙස පවත්වාගෙන යාමට මහත් සේ උපකාරී විය. “පතිකුලයෙහි ආචාර ධර්ම“ ලෙස
හැඳීන්වෙන දස අවවාදය මෙසේ ය.
ඇතුළත ගිනි පිටත නොදිය යුතු ය.
පිට ගිනි ඇතුළට නොගත යුතු ය.
දෙන්නාට ම දිය යුතු ය.
නො දෙන්නාට නොදිය යුතු ය.
දෙන්නාටත් නොදෙන්නාටත් දිය යුතු ය.
සැප සේ ඉඳගත යුතු ය.
සැප සේ කෑ යුතු ය.
සැප සේ නිදිය යුතු ය.
ගිනි පිරිමැසිය යුතු ය.
ඇතුළත දෙවියන් නැමදිය යුතු ය.
(මේ පිළිබඳ වැඩි විස්තර සඳහා විශාඛා වස්තුව කියවන්න)
විශාඛා චරිතය තුළින් පිළිබිඹු වන පරමාදර්ශී ලක්ෂණ සමාජයට ඉදිරිපත් කිරීමෙන් ඒ
පිළිබඳ තරුණ පරපුරේ නිසි අවධානය යොමු කරවීම අද යුගයේ අවශ්‍යතාවයකි. සෝවාන් බව
පිළිබඳ ව විවාදාපන්න වන මෙ සමයෙහි පුද්ගල චරිත ලක්ෂණතුළින් එය අවබෝධ කර ගැනීමට
ජනතාවට මඟ පෙන්වීම බෞද්ධ උගතුන්ගේ අරමුණ විය යුතු ය.
පුද්ගල චිත්ත සන්තානය තුළ නිසඟයෙන් පවතින අගුණ දුරු කර යහපත් ගුණාංග වර්ධනය කර
ගනිමින් තමාටත්, සමාජයටත් වැඩදායි පුද්ගලයන් සකස් කර ගැනීම සඳහා විශාඛා චරිතයෙන්
කෙරෙන මඟ පෙන්වීම සර්වකාලීන ය. සර්වදේශී ය. ඒ පිළිබඳව තවදුරටත් කියවා, සිතා විමසා
බලා ශක්ති පමණින් යහපත් ගති පැවතුම් තම තමන් තුළ වර්ධනය කර ගැනීමට උත්සුක වීමටත්,
බෞද්ධ ප්‍රතිපදාව සමජය තුළ ක්‍රියාවට නැංවීමටත් සක්‍රීය දායකත්වය එමඟින් ලබා දිය
හැකි වේ.
දර්ශන ශූරී බෞද්ධ අධ්‍යයන
මල්ලිකා කරුණාරත්න |