ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බිනර අමාවක පෝදා, 2021 ඔක්තෝබර් 06 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදූ අනුත්තරෝ පුරිස දම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.
බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධා අතීතාච - යේච බුද්ධා අනාගතා පච්චුප්පන්නාචයේ බුද්ධා - අහං වන්දාමි සබ්බදා නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මංගලං උත්තමංගේන වන්දේහං - පාදපංසුවරුත්තමං බුද්ධෝයෝ ඛලිතෝ දෝසෝ - බුද්ධෝ ඛමතු තං මමං
ඒ භාග්‍යවතුන් වහ්නසේ සියලු පූජාවන් ලැබීමට සුදුසු ය යන අරුතින් අරහං නම් වන සේක. සියල්ල තමන්ගේ ඤාණයෙන් ම මනා කොට දැන ගත් සේක. යහපත් ගමනින් හා වදනින් යුතු වන සේක. ලෝකය දන්නා සේක. අන් අයට හික්මවන්නට නොහැකි වූවන් හික්මවීමෙහි හැමට ම වඩා සමත් වූ සේක. දෙව් මිනිසුන් සහිත සියල්ලට ම ගුරු වූ සේක. සත්‍යය අවබෝධ කළ සේක. සියලු පව් නැසූ සේක.
මම නිවන් දකින තෙක් බුද්ධ රත්නය සරණ යමි. අතීතයේ බුදු ව වැඩ සිටි, මෙ කල බුදු බව ලැබූ, මතු බුදු බව ලබන සියලු බුදුවරුන් මම හැම කල්හි වඳීමි. මට බුදුරදුන් හැර වෙන පිහිටක් නොමැත. බුදුරජාණන් වහන්සේ මාගේ උතුම් පිහිටයි. මේ සත්‍ය වචනයේ බලයෙන් මට ජය මංගල්‍යයක් වේවා! බුදුරජාණන් වහන්සේගේ උතුම් පා තැබූ තැන වූ, සිරිපා දූවිල්ල ද මම හිස නමා වඳීමි. බුදුරජාණන් වහන්සේට මගෙන් සිදු වූ යම් වරදක් වේ නම් උන් වහන්සේ එයට සමාව දෙන සේක්වා!
රාස්සගල චන්දකිත්ති හිමි
ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ. බදාදා සිල්
අමාවක
ඔක්තෝම්බර් 06
පුර අටවක
ඔක්තෝම්බර් 13
පසළොස්වක
ඔක්තෝම්බර් 20
අව අටවක
ඔක්තෝම්බර් 28
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]