ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බිනර අමාවක පෝදා, 2021 ඔක්තෝබර් 06 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත්වල රෝහල් 35ක් වෙත කොවිඩ් ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය රුපියල් ලක්ෂ 287ක් වටිනා ඔක්සිජේනරේටර්, ඔක්සිමීටර්, අධෝරක්ත උෂ්ණත්වමාන, මුඛ ආවරණ ඇතුළු වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ප්‍රධාන ශාලාවේ දී පසුගිය දා සිදු කෙරිණි. කැලණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ආචාර්ය පූජ්‍ය බෝදාගම වන්දිම නාහිමියන් විසින් මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබිණි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ජගත් සුමතිපාල, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යන මහත්වරු ඇතූළු වෛද්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ. බදාදා සිල්
අමාවක
ඔක්තෝම්බර් 06
පුර අටවක
ඔක්තෝම්බර් 13
පසළොස්වක
ඔක්තෝම්බර් 20
අව අටවක
ඔක්තෝම්බර් 28
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]