ජීවා ඔයා හරි අපිරිසුදුයි
(මෙම ලිපියේ පළමු කොටස නිකිණි පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළ විය)
ඔයා පිරිසුදුව උපන් ළමයෙක්. ඔයා අපිරිසුදු වෙලා හොඳට ම. කවුද ඔයා අපිරිසුදු කළේ...?
ඔයා ම යි ඔයා ව අපිරිසුදු කරගෙන...
ජීවාට අම්මත් එක්ක ටිකක් කේන්ති ගියා.
''අම්මාගෙන් ලැබිච්ච නරක ආදර්ශ තමයි ඉතිං ඒවා...'' ජීවා අම්මාට ඇනුම් පදයක් කියන්න
ලැබෙන තැන ඒක මූණට දමලා ගැහුවෙ හරි සතුටින්.
''ඔයා කොහොමද එහෙම කියන්නෙ.........? මට පිළිවෙළකට ගේ තියාගන්න බැරි ඔයාලා හින්දා.
මගෙ කාමරේ සම්පූර්ණයෙන් විනාශ කරන්නෙ තාත්තා. තාත්තා ගෙ ඔෆිස් ඇඳුම්, බඩු මට හැමදාම
හදතැකි ද?' අම්මා වැරැද්ද අනිත් අයට පැවරුවා. ජිවාට හිතුණා නිශ්ශබ්ද වෙන එක හොඳයි
කියලා.
රාත්‍රියේ ජීවාට තිබිච්ච ඊ-මේල් ලිපිය පටන් අරගෙන තිබුණෙ ජීවගෙන් ප්‍රශ්න වගයක්
අහලා.
නැඟිටින මන්තරේ
'ජීවා ඔයා උදේ නැඟිටින්න කැමති කීයට ද?'
'ඔයා නැඟිටින්නෙ කීයට ද?'
'හරි සරල ප්‍රශ්න දෙකක්. උදේ පහ වෙනකොට නැඟිටින්න කැමතියි. ඒත් නැඟිටින්නෙ හයහමාරට.
ඉස්කෝලෙ යද්දි නම් පහමාරට ඇහැරුණා. ඒක මට හරිම වදයක්...' ජීවා ඉක්මනින් උත්තරයක්
ඇරියා.
ජීවාට පිළිතුරක් ලැබුණෙ පැයකට පස්සෙ. ජීවාට කාමරේ පුරා හරි නැවුම් ගතියක් දැනෙන්න
පටන් අරගෙන. මුළු කාමරේ පුරා පෙරළි පෙරළි ඉන්න හිතෙනවා. කාමරේ ලොකු ඉඩක්, හරි
පිළිවෙළක්, නැවුම් බවක්. ජීවාට කියවන්න එපා වෙලා තිබිච්ච සටහන් කියවන්න ආසාවක් ඇති
වෙලා... ඒත් ඒවා මතක තියාගන්න ගියා ම එපා වෙනවා. විද්‍යා විෂයයන් ඉගෙන ගනිද්දී ට
වඩා කලා විෂයයන් ඉගෙන ගන්න එක ලේසියි කියලා හිතුණාට ඒවාත් ඒ වගේ ම යි. අර මගේ
පණ්ඩිත යාළුවාගෙන් අහන්න ඕන ක්‍රමයක්. ඇත්තට ම මං ආස අවවාද අනුශාසනාවලට වැඩිය ක්‍රම
කියා දෙනවාට. ප්‍රතිඵලය ලබා ගන්න හැටි පෙන්නලා දෙනවාට.
ජීවා තම අභ්‍යන්තරය දෙසට එබී බලයි.
'ජීවා ... ඔයාට ලියන මේ ලිපිය ටිකක් දිග එකක්. ඒත් මං හිතනවා ඔයා කැමැත්තෙන්
කියවාවි කියලා. ඉස්සෙල්ලම කියන්න ඕන මං ඔයා ගැන හොඳීන් දන්නා බව. ඔයා ඉගෙන ගන්න
ළමයෙක්. මෙතෙක් ඉගෙන ගත්ත දේවල් කුමක් සඳහා ද? කියලා මං ඇසුවොත් ජීවා ඔයාට දෙන්න
පිළිතුරක් තියෙනවා ද? හිතන්න ඒ ඔයා වෙනුවෙන් තියෙන දේවල් ද? කියලා. ඔයාගෙ මුළු
අධ්‍යාපනයෙ ම තිබුණෙ අනුන් සතුටු කරවන දේවල් කියලා ඔයාට හිතිලා නැද්ද? ඔයා කැමති
දේවල් ලබා ගන්න, ඔයා කැමති විදියට ජීවත් වෙන්න ඔයාට ලැබිච්ච දැනුම අඩුයි කියල ඔයාට
දැනෙනව ද?. මං ඔයා ගෙ මොලේ හෝදන්න හදනවා නෙවෙයි. ඒ කතාව අපි පැත්තකින් තියමු.
පිරිසුදුකම ගැනනේ අපේ කතාව. මං කියා දෙන්නම් ජීවා පිරිසුදුකමේ කොටස් දෙකක්. පළමු එක
කායික පිරිසුදුකම. දෙවැනි එක ආධ්‍යාත්මික නැත්නම් අභ්‍යන්තරික පිරිසුදුකම.
ඉස්සෙල්ලා කතා කරමු කායික පිරිසුදුකම. ඔයාගෙ දෙපාවල ඇඟිලි දිහා බලන්න. මීට මාසෙකට
ඉස්සෙල්ලා ගාපු කියුටෙක්ස් පතුරු ගැලවිලා. ඔයාගෙ නියපොතු ටිකක් දික් වෙලා.."
ජීවා ලියුම කියවීම පැත්තකින් තියලා කකුළෙ නියපොතු දිහා බැලුවා. දෙයියනේ මේ භූතයා
කවුද....? මගේ ළඟ ඉන්නවා වගේ මේවා කියන්නෙ භූතයෙක් ද? ජීවාගේ ඇඟ හිරි වැටිලා.
ජීවාගෙ ඇස් ඉබේට ම නැවත වතාවක් ස්ක්‍රින් එක දිහාවට එල්ල වුණා. කළු පාට පැහැදිලි
සිංහල අකුරු... මවුස් එකෙන් ලිපිය ඉහළ යවමින් ජිවා ලිපිය කියෙව්වා.
"...ඔයාට ඔය නියපොතු කපන්න, කියුටෙක්ස් සුද්ද කරන්න යන්නෙ හරි පුංචි වෙලාවක්. මං
කියන්නෙ කය පිරිසිදු කරන්න ලේසි බව. ඒක ඔයාටත් තේරෙනවා. මිනිස්සු භෞතික ක්‍රම ඕන
තරම් කය පිරිසුදු කර ගන්න නිර්මාණය කරගෙන තිබුණේ අතීතෙ ඉඳලා. ඒත් කය පිරිසුදු නො කර
හිත පිරිසුදු කරන්න අමාරුයි. කය පිරිසුදු කරනවා කියන්නෙ කය සතපවන තැන. කය ඇවිද්දවන
තැන. කය වාඩි කරවන තැන. කය නිදි කරවන තැන... මේවා තමයි ඉතා ම වැදගත්. එහෙම නම් මේ
භෞතික පිරිසුදුකම ඇතුළෙ තව ගොඩක් ජාති තියෙනවා. කය පිරිසුදු කිරීම කියන වචනෙ මං
දැන් වෙනස් කරනවා. මං ඒකට මෙතන ඉඳන් පාවිච්චි කරනවා භෞතික පිරිසුදු බව කියලා.
ජීවා.... එතෙන්දි කය සැරිසරවන, සතපවන, වාඩි කරවන හැම තැන ම පරිසරය කියලා මං හඳුන්වල
දෙන්නම්. ඔයා අද උදේ ම නෑවා නේද...? ‘ඔව්‘ ජීවා ලිපිය කියවන ගමන් ඒ ප්‍රශ්නෙට කටින්
උත්තර දුන්නා. ජිවා ඔයා ඒ නාවපු කය තියලා තියෙන පුටුව දිහා බලන්න. ඒකෙ යටි පැත්තෙ
මකුළු දැල්, ඇඳීවල දූවිලි. ඔයා හෝදපු වස්තුව ඔයා හොඳ තැනක නෙවෙයි නේද? තියල
තියෙන්නෙ. “ෂි, ඇත්ත නේන්නම්‘ ජීවා තමාට ම කියා ගනිමින් ලියුම දිගට ම කියෙව්වා...
ඔයාට කිරි වීදුරුවක් දුන්නොත් ඒක වැසිකිළිය ඇතුළෙ ඉඳගෙන බොනව ද? ‘චී‘ කවදාවත් නෑ
ඊයා‘ ජීවාට ඉබේ ම කියවුණා. ජිවා ඔයාට ඊයේ රෑ සලා ද අතරෙ තිබිල කෙස් ගහක් හම්බ වුණා
නේද...? 'ඔව්' ජීවා ලියුමෙ තියෙන ප්‍රශ්නවලට ළඟ ඉන්න කෙනෙකුට උත්තර දෙනව වගේ උත්තර
දෙනවා. 'ජීවා ඔයා කෑම නතර කළා... ඒකෙන් කියන්නේ ඔයා පිරිසුදු ව ඉන්න ආසයි. ඒත් ඔයා
ඒක කරන්නෙ නෑ. කරන්නෙ නැත්තෙ ඇයි? ඔයා හිතුවෙ නෑ. ඔයාට උවමනාවක් තිබුණෙ නෑ. ජිවා
ඔයා ඉස්සෙල්ලා ම ඔයාගෙ කාමරේ ලස්සනට තියා ගන්න කැමති වෙන්න. ඒකට ඔයා අමතර කාලයක්
ගන්න එපා. අනිත් වැඩ කරන අතරතුර වැඩේ පටන් ගනිමු.....
'අනේ මේක මං කොච්චර අස් කරලා තියෙනවා ද? ඒත් දවස් තුනක් විතර යන කොට ඒක හැඩි වෙනවා.
ඒක මගේ වරදක් ද?.
'....ජීවා මං ඔයාට කියා දෙන්නෙ ආයි කවදාවත් ඔයාට කාමරේ අස් කරන්න නො වෙන විදියක්.
කැමති නේද...?
" ජීවිතේට ම එක පාරක්.... නෑ... නෑ... ඒක වෙන්න බෑ. එක පාරක් මේ කාමරේ සුද්ද කරල
හැමදාමට ම තියා ගන්න... ඒක කවදාවත් කරන්න බෑ".
' ජීවා ඔයාට බුදු සරණයි... ඔයා මට පිළිතුරක් ලියන්න. මං ඉක්මනින් උත්තර ලියන්නම්..'
ජීවාගේ පිළිතුරු ලිපිය
මීළඟ කොටසින් |