පුරාණයේ සිට පැවත ආ
ධර්ම සාහිත්‍ය කෘති රැක ගත්
ගණින්නාන්සේලා
මහාචාර්ය
දුනේෂ් ඉන්ද්‍රරත්න
ලංකා ඉතිහාසයේ මහනුවර සමය දේශපාලන, ආගමික, සාමාජික හා අධ්‍යාපනික අතින් පිරිහුණු
යුගයකි.
විදේශ ආක්‍රමණ බලවත් වීම නිසා සිංහල නරපතියෝ පොළොන්නරුව වාපී ශිෂ්ටාචාරයට අයත්
සරුසාර භූමිය අතහැර දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළට හා කෝට්ටේට කේන්ද්‍රණය
වීමෙන් පසු සෙංකඩගල අවසාන රාජධානිය වශයෙන් තෝරා ගත්හ.
පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන බටහිර ජාතීන්ගේ ආක්‍රමණයත්, නායක්කාර වංශික
පාලකයන්ගේ අදූරදර්ශී පාලනයත් මෙම යුගයෙහි රටේ පරිහානිය සඳහා තවත් ප්‍රබල හේතු විය.
භික්ෂු සමාජයේ පරිහානිය කොපමණ දැ යි කිවහොත් ඒ සමය වන විට ලක්දිව උපසම්පදා භික්ෂූන්
වෙනුවට ඉතිරිව සිටියේ ගණින්වහන්සේලා සමූහයක් පමණි. ගණින්වහන්සේලා හෝ ගණින්වහන්සේලා
යන නමින් හඳුන්වන ලද වුන්ගෙන් ශාස්ත්‍රීය සේවාව හෝ ශාසනික ප්‍රබෝධය සඳහා හේතු වන
කිසිදු ක්‍රියාදාමයක් සිදු නො වී ය. විහාර සන්තක දේපළ රැක ගනිමින් ජීවිකාව ගෙන යාම
ඔවුන් වෙත පැවරුණු ප්‍රමුඛතම කාර්යය විය.
උඩරට, රුහුණ මෙන්ම සත් කෝරළය ආදී ප්‍රදේශවල විසිරී පැතිරී සිටි මොවුන් ගණින්,
ගණින්නාන්සේලා, ගණයෝ ගණින්නැහැ සහ ගණෙල්ලෝ යන නම්වලින් ප්‍රචළිතව, තම ක්‍රියාවලියේ
නිරතව සිටි බව හඳුනාගත හැකි ය. රොබට් නොක්ස්, තම කෘතියේ දී මේ පිරිස හඳුන්වා
දෙන්නේ, ගණයි‘ යන නාමයෙනි.
මොවුන් තම විහාරස්ථානය අසලින්ම දරු පවුලේ වාසය සඳහා නිවෙසක් ඉදිකරවා ගත් බවත්, එය
එම යුගයේ මූලාශ්‍රවල ගණේගෙදර, විහාරේ වලව්ව, ගණේවලව්ව ආදී නම්වලින් හඳුන්වා ඇති
බවත් පොත පතෙහි සඳහන් වේ. මේ ගණින්නාන්සේලාගේ දරුවන් ගණගැටව් ගණගැටයන් ලෙස හැඳීන්
වූ බව, කොටගම වාචිස්සර හිමියෝ තම කෘතියේ සඳහන් කරති.
ඒ අනුව මොවුන් ජීවත් වූ ප්‍රදේශ ගණේගම, ගණේගොඩ, ගණේමුල්ල, ගණේවත්ත, ගණේගෙදර ආදී
වශයෙන් ගණ නාමයෙන් අදත් ප්‍රකට ය.
අධ්‍යාපනික හා ආගමික පරිහානිය සඳහා ගණින්නාන්සේලාගේ ක්‍රියාකාරිත්වය බොහෝ සෙයින්
බලපා ඇත. මොවුන් සිවුරක් පොරවා ගෙන ඊට උඩින් බඳපටියක් බැඳ සිටීම සිරිතක් කර ගෙන
සිටියහ. සමහර ගණින්නාන්සේලා යටින් කහවස්ත්‍රයක් පොරවා එයට උඩින් රෙද්දක් හැඳ
සිටියහ. මේ පිරිස කාමභෝගී ගිහියන් මෙන් වාසය කළහ.
ඓතිහාසික තොරතුරු අනුව විහාරය ආසන්නයෙහි ගෘහයක් නිර්මාණය කර එහි අඹුදරුවන් පවා
පෝෂණය කරමින් වාසය කර ඇත. මේ පිරිසෙහි රැකියාව වූයේ විහාරාරාම ඉඩම් පාලනය කරමින්
සිය අඹුදරුවන් හා ඥාතීන් සමග ඒවායෙහි ආදායම ලබා ගැනීම ය.
බොහෝ ගණින්නාන්සේලා ධර්මය දේශනා කිරීමේ දී බහුල වශයෙන් භාවිත කළේ ජාතක පොත ය. එමෙන්
එම ගණින්නාන්සේලාගේ ආගමික ක්‍රියාකාරකම් මෙසේ වර්ග කළ හැකි ය.
මෙම භික්ෂූන් විසින් දේශිත පරිත්‍රාණ දේශනා හින්දූන්ගේ අභිචාර විධිවලට සමාන වීම.
යක්ෂ ප්‍රලයාදී ගර්හිත විද්‍යාවන්හි ඇලී ගැලී වාසය කිරීම
නානාවිධ දෙවියන් ඇදහීමට ප්‍රමුඛස්ථානයක් දීම ආදිය අධ්‍යාපනික හා ශාසනික පරිහානියට
බලපෑ බව කිව යුතු ය.
එකල පැවති ශාසනික පරිහානිය මුංකොටුවේ රාළ දැක ඇත්තේ මෙසේ ය.
කෙසර සම්පොරව න
මහලු වඳුරන් විලසි න
රහත් දද ඇඳගෙන
චාටු තපසුන් සසුන් කෙලෙස න
සැදැහැත්තන් පුද න
නොයෙක් පූජා ලබමි න
නෑයන්ට බෙදමි න
නිමල සසුනේ කසල තවර න
ඔවුන්ගේ අධ්‍යාපනික ක්‍රියාවලිය දෙස බැලුව ද කිසියම් වූ ශාස්ත්‍රීය සේවයක් භාෂා
සාහිත්‍යයේ පෝෂණය සඳහා සිදු වූ වගක් නො පෙනේ.
විශේෂයෙන් පාලි සංස්කෘත ආදී ප්‍රාචීන භාෂා පිළිබඳ අල්ප වූ ද දැනුමක් ඔවුන් තුළ නොවූ
බව සරණංකර සාමණේරයන් පාලි භාෂාව හැදෑරීමට ගත් ප්‍රයත්නයෙන් පෙනී යයි.
පොදුවේ ගණින්නාන්සේලාගේ ක්‍රියාකාරකම් මෙසේ වුව ද ඔවුන්ගෙන් සංඝ සංස්ථාවේ ආරක්ෂාවට
කාලීන වශයෙන් සිදු වූ සේවය ද සාකච්ඡාවට බඳුන්විය යුතු ය.
තත්කාලීන භික්ෂුව ගණින්නාන්සේ දක්වා පරිහානියට පත් වූයේ ද සම්පූර්ණයෙන් ම පුද්ගල
තත්වයන් මත යැයි නිගමනය කළ නො හැකි ය. එම යුගයේ සමාජ ආර්ථික හා දේශපාලනික වශයෙන්
උදා වී තිබූ අන්ධකාර තත්වය ගණින්නාන්සේලාගේ බිහි වීමට ද මූලාධාරය සපයා තිබේ.
දේශපාලන වියවුල් හේතුවෙන් රටේ සියලුම අංශ පරිහානියට පත්වන විට අධ්‍යාපනය ද
පිරිහිණි. අධ්‍යාපන ක්‍රියාවලිය පන්සල හා බැඳී පැවැතුණකි. එම පරිහානිය භික්ෂුවගේ
පරිහානියට සෘජුවම බල පෑ අතර එහි ඵලය වූයේ භාෂා ශාස්ත්‍ර හා ධර්මඥානයෙන් වියුක්ත වූ
ගණින්නාන්සේලා පිරිසක් බිහිවීමයි. ඒ හරහා පරිහානිකර මුහුණුවරක් ශාසනික ක්‍රියාවලියේ
දක්නට ලැබුණ ද කාලීන වශයෙන් තමා ලත් අත්දැකීම් හා උගත් බව භාවිත කොට ගම හා පන්සල
අතර තිබූ සබැඳීයාව නොකඩවා පවත්වාගෙන යාමට මෙම ගණින්නාන්සේලා කටයුතු කර ඇති බව පෙනේ.
මේ සමයේ ගණින්නාන්සේලාගෙන් සිදු වූ වැදගත්ම සේවාවක් සේ, පුරාණයේ සිට පැවැත ආ ධර්ම
සහ සාහිත්‍යාත්මක කෘති ආරක්ෂා කර ගැනීම පෙන්වාදිය හැකි ය. මොවුහු ද, ග්‍රන්ථකරණයේ
යෙදුණාහ. එම ග්‍රන්ථ අවසානයේ ඒවා ලිවීමේ සහ ලියවීමේ ආනිසංශ පෙළගැස්වීමට සැලැස්වීය.
ඒ හරහා ද තම ලාභාපේක්ෂාව බලාපොරොත්තු වූ නමුත්, පැරැණි ධර්ම සහ සාහිත්‍යාත්මක
ග්‍රන්ථ ආරක්ෂා වීම සිදු කෙරිණි.
මේ පිරිස අතින්, අතීත රජ දරුවන් පිදූ විහාරාරාම, විහාර සන්තක ඉඩකඩම් සහ පෙති පිළිම
ආදිය අනාගත පරපුර උදෙසා රැක ගැනීම සිදු විය. තම පරපුර පූර්ණ වශයෙන් ඒවායේ සම්පත් හා
පල ප්‍රයෝජන භුක්ති විඳීමින් වුව ද, ඒවා විනාශවී යාමට ඉඩ නො දී, නිසි පරිදි නඩත්තු
කරමින් ආරක්ෂා කර ගැනීමට සමත් විය. එලෙස ආරක්ෂා කර ගැනීම මත, එම උරුමය අද දක්වාම
පවතින බව අවිවාදයෙන් යුතුව පිළිගත යුතු ය.
උක්ත කාර්යය ගණින්නාන්සේලාගෙන් ඉටුවූ ඉතාමත් ප්‍රසංශනීය ක්‍රියාවලියක් බව ප්‍රකාශ
කිරීම වඩාත් වැදගත් ය. කලාවට වඩාත් හිතකාමී ගණින්නාන්සේලා බොහෝ දෙනෙක්, මහනුවර යුගය
තුළ ජීවත් වූවා පමණක් නොව, ඔවුන් තම දක්ෂතා වූ චිත්‍ර කලාව, මූර්ති ශිල්පය, කැටයම්
කලාව ප්‍රයෝජනයට ගනිමින්, බුද්ධාලම්භන ප්‍රීතිය වඩවන පූජ්‍ය ස්ථාන බවට විහාරස්ථාන
පරිවර්තනය කළහ.
වර්තමානයේ දක්නට ඇත්තාක් සේ, ගම්මානයක ප්‍රමුඛයාගේ වගකීම දරන ලද්දේ ගණින්නාන්සේ
විසිනි. මහනුවර යුගයට අයත් බොහෝ රජමහා විහාර විචිත්‍රවත් බිතු සිතුවම්වලින් යුක්ත
ය. එම කාර්යයන්ට මඟ පෙන්වා ඇත්තේ මොවුන් විසිනි.
ගණින්නාන්සේලා වෙස්සන්තර ජාතකය පදනම් කරගත් ක්‍රමවේදයක් ඔස්සේ ධර්මය ප්‍රචාරය කළහ.
දන්දීම යන සාධකය සෑම විටෙකම මූලිකත්වයට ගෙන කටයුතු කිරීමට උත්සුක විය. තම ධන ලාභ තව
තවත් ඉහළ නංවා ගැනීම එහි මුඛ්‍ය පරමාර්ථය වූ නමුත්, ඒ හරහා වුව ද බුද්ධ භාෂිතය ජනගත
වීම වැදගත් කටයුත්තක් විය.
යුගාසන ධර්ම දේශනා ක්‍රමය මහනුවර සමයේ දී ජනප්‍රිය විය. එක් ගණින්නාන්සේ නමක්
වෙස්සන්තර ජාතකය කවියෙන් ගායනා කළ අතර, අනෙක් ගණින්නාන්සේ තාලයට උඩැක්කිය වයමින්
සහය විය. මෙය මුල් බුදු සමය හා සසඳන විට සම්පූර්ණයෙන් එහි ධර්මතා උල්ලංඝනය වන
නමුත්, මහනුවර සමයේ දී මේ දේශනා ක්‍රමය මහත් පිළිගැනීමකට ලක් විය.
මේ කාලවකවානුව, හින්දු ආගමික ලක්ෂණවල ආභාෂය ලබමින් පැවැති කාලයක් වූ බැවින්,
ගණින්නාන්සේලාද ඒවාට අනුව බෞද්ධ ආගමික ප්‍රතිපත්ති වෙනස් කළ බව හඳුනාගත හැකි ය.
මේ යුගයේ ගණින්නාන්සේලා දේශපාලනික ක්‍රියාවලිය සඳහා ප්‍රබලව දායක වූ ආකාරයක්
හඳුනාගත හැකි ය. රජවරුන්ගේ පණිවිඩකරුවන් සේ මාහැඟි කාර්යය රැසක් ඉටු කිරීමට මොවුන්
කටයුතු කර ඇත.
දෙවැනි රාජසිංහ රජු ලන්දේසීන් වෙත යැවූ දූත කණ්ඩායමේ ප්‍රමුඛ නිලධාරියෙක් ලෙස
කටයුතු කළේ, පෝයමලු විහාරයේ ගලේබණ්ඩාර ගණින්නාන්සේ ය. දිසාපති පදවි මෙන්ම, බස්නායක
පදවි ද දැරීමට ගණින්නාන්සේලා කටයුතු කළහ. කොබ්බෑකඩුවේ ගණින්නාන්සේ පුත්තලම දිසාපති
පදවියත්, උඩුනුවර දේවාලයන්හි බස්නායක පදවියත් දැරීම මෙයට කදිම නිදසුනකි.
කුලය පදනම් කරගෙන පැවිදි වූ ගණින්නාන්සේලා, තම කුල ක්‍රියා පැවිද්දේ සිටිය ද, පෙර
පරිදිම කරගෙන ගියහ. සමහරුන් රජුගේ ආදායම් පාලකවරුන් සේ කටයුතු කරන ආකාරයක් ද
දිස්වේ. තවත් ගණින්නාන්සේලා පිරිසක් භික්ෂුවගේ අනන්‍ය රාජකාරියක් සේ සැලකෙන ශිල්ප
ශාස්ත්‍ර ඉගැන්වීම කළ අතර, රජුන් සතුටු කරමින්, ඒ හරහා තම පෞද්ගලික සුඛ විහරණය ඉහළ
නංවාගනු පිණිස කටයුතු කළ ආකාරයක් ද හඳුනාගත හැකි ය.
දේශපාලනික ආර්ථික හා සමාජීය වශයෙන් අතිශයින්ම අන්ධකාර යුගයක ශාසනයට අයත් දේපළ
පාරම්පරිකව සුරක්ෂාකර ගැනීමත්, තථාගත ධර්මය ඇතුළත් ත්‍රිපිටක අටුවා ටීකා ඇතුළු ධර්ම
ග්‍රන්ථ හා භාෂා ශාස්ත්‍ර වශයෙන් වැදගත්වන කෘති ආරක්ෂා කර ගැනීමත්, ගමත් පන්සලත්
අතර තබූ සංස්කෘතික සබැඳීයාව මෙන්ම රටේ රාජ්‍යත්වය හා පැවැති භික්ෂුවගේ ඓතිහාසික
සම්බන්ධය රැකගැනීමත් මෙම ගණින්නාන්සේලා අතින් සිදු වූ ප්‍රසංශනීය ම සේවාවව යි. එම
සේවාව ඔවුන් අතින් ඉටු නොවන්නට අද ශාසනික තත්වය මීට වඩා වෙනස් වන්නට ද ඉඩ තිබිණි. |