ලක්දිව සංඝරාජ පදවියේ ඇරඹුම
මහින්දාගමනයෙන් පසු මහාවිහාරය කේන්ද්‍ර කොට ගනිමින් ථෙරිය සම්බුද්ධ ශාසන සම්ප්‍රදාය
ලක්දිව ව්‍යාප්ත විය. මිහිඳු හිමියන්ගෙන් පසු ලක්දිව උත්තරීතර සංඝ නායක හිමි නමක්
පත් නොවුණි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියෙහි දී සිව්වනක් පිරිස වෙත තනතුරු ප්‍රදානය කළ අන්දම
අංගුත්තර නිකායේ ඒතදග්ග පාලියෙහි සඳහන් වෙයි. දෙව්දත් තෙර විසින් සංඝයා වහන්සේගේ
නායකත්වය තමන් වෙත පවරන මෙන් සිදු කළ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප
කිරීමත් තමන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය සහ විනය ගුරු කොට ගත යුතු බව මහා පරිනිබ්බාණ
සූත්‍රයෙහි දක්වා තිබීමත් නිසා භික්ෂු සමාජයෙහි පුද්ගල නායකත්වයන් සඳහා ඉඩක් නොමැති
බවට ඇතැම්හු අදහස් දක්වති. එනමුත් මෙයින් ගම්‍ය වන අර්ථය භික්ෂු සමාජයට පුද්ගල
නායකත්වයක් නොතිබිය යුතු ය යන්න නොවේ. පවතින නායකත්වය, ධර්මයට හා විනයට අනුගතව සිදු
විය යුතුය යන්න ලෙස පිළිගැනීම වඩාත් යෝග්‍ය බව වියතුන්ගේ මතයයි.
සංඝයා වහන්සේගේ සමඟිය, යම් ශාසනික ගැටලුවක් පැන නැඟුණු කල්හි ධර්ම විනයානුකූල ව එකී
ගැටලුව විසඳා ගැනීම, දේශපාලන සහ සමාජමය වශයෙන් වැදගත්වන ගැටලුවක් සාකච්ඡා කර ගැනීම
සඳහා, බුදුරජාණන් වහන්සේගෙන් පසුව උන්වහන්සේ වෙනුවට භික්ෂූන් වහන්සේලා මෙන්ම
මහජනතාවත්, රජයේ ප්‍රභූවරුනුත් හමු විය යුතු උත්තරීතර වූ සංඝ නායකයන් වහන්සේ කවරකු
ද යන්න දැන ගැනීමට තත් කාලීන සමාජය ද උනන්දු වූ ආකාරය බෞද්ධ සාහිත්‍යය තුළින්
හෙළිවන අවස්ථා හමු වෙයි. බුද්ධ පර්නිර්වාණයෙන් පසු ආනන්ද තෙරුන් හමු වූ වස්සකාර
ඇමතිවරයා බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයාගේ පාලනය සඳහා උත්තරීතර නායකයකු පත් කර
තිබේ දැයි විමසීම ඊට නිදර්ශනයකි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන අවධියෙහි ම ඡබ්බග්ගිය හිමිවරුන් වැනි පිරිස් සංඝ සමාජයේ
ස්වාධීනත්වයකින් කටයුතු කිරීමට උත්සාහ කළ අතර සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සුභද්‍ර
භික්ෂුවගේ අභද්‍ර වචන යනුවෙන් හැඳීන්වෙන ප්‍රකාශය තුළින් ද ධර්ම විනයානුකූල වූ
පැවැත්මෙන් ඉවත්ව කටයුතු කිරීමට ඇතැම් භික්ෂූන් වහන්සේලා උත්සුක වූ බව සිතීමට හැකි
ය. ප්‍රථම, දෙවන සහ තෙවන ධර්ම සංගායනා සඳහා ඒ ඒ තෙරවරුන් මූලිකත්වය ගනිමින් කටයුතු
කිරීමත් විශේෂයෙන්, තෙවන ධර්ම සංගායනාවේ දී දුර්ලබ්ධිකයන් සැට දහසක් සසුනෙන්
නෙරපීමට කටයුතු සම්පාදනය වීමත් නිසා බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය, පැහැදිලි
කිරීමටත්, ධර්ම විනය විරෝධී දිවි පැවතුම් සහිත වූවන් නෙරපීමටත්, රාජ්‍ය තාන්ත්‍රික
ගැටලු සාකච්ඡා කිරීමටත් සංඝයාට උත්තරීතර නායකයකු අවශ්‍ය වූ බව බුද්ධ කාලීන ව මෙන්ම
ඊට ආසන්න කාලයේ දී ම ගිහි පැවිදි දෙපාර්ශවය ම තේරුම් ගෙන සිටි බව උපකල්පනය කළ හැකි
ය.
මහින්දාගමනයෙන් පසු මහාවිහාරය කේන්ද්‍ර කොට ගනිමින් ථෙරිය සම්බුද්ධ ශාසන සම්ප්‍රදාය
ලක්දිව ව්‍යාප්ත විය. මිහිඳු හිමියන්ගෙන් පසු ලක්දිව උත්තරීතර සංඝ නායක හිමි නමක්
පත් නොවුණි. එකල සාමාජයීය වාතාවරණයන් යටතේ අභයගිරි සහ ජේතවන සංඝාරාම ආශ්‍රිත ව
ස්වාධීන ශාසන සම්ප්‍රදායයන් ආරම්භ විය. කාලානුරූපී වෙනස්කම් සමඟ ධර්ම විනය පටහැනි
මති මතාන්තර සහ පුද සිරිත් අනුගමනය කිරීමට ද ප්‍රවණතාවයක් ඇති විය.
මහා පරාක්‍රමබාහු රජ දවස දිඹුලාගල මහා කාශ්‍යප හිමියන්ගේ මූලිකත්වයෙන් සැදුම් ලත්
විනිශ්චය සභාවක් මඟින් දුසිල්වතුන් සසුනෙන් නෙරපා දැමීය. අනතුරුව තුන් නිකාය සමඟි
කොට පොළොන්නරු කතිකාවත පිහිටුවීය. සංඝ සමාජයේ සාමාග්‍රීය පිණිස කටයුතු සම්පාදනය
කරවන ලදි. මෙම ශාසනික සංසිද්ධියෙන් පසු ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා පිළිබඳ
තොරතුරු ලංකා ශාසන ඉතිහාසය තුළින් හමු වෙයි. පොළොන්නරු යුගයෙන් පසු ථෙරිය
ආරණ්‍යවාසී සහ ග්‍රාමවාසී භික්ෂූන් වහන්සේගේ නායකත්වය දරන ලද භික්ෂුන් වහන්සේ මහතෙර
නමින් හැඳින්විණි.
එම දෙදෙනා අතරින් තෝරා ගත් හිමි නමක් මහාසාමි පදවියට ද පත් කොට ඇත.
දඹදෙණි සමයේ තුන් සිංහලයේ නායක හිමි නම තත්කාල ශාසනානුශාසක යනුවෙන් හැඳීන්වූ බව
දඹදෙණි කතිකාවත තුළින් පෙනී යයි. සංඝරාජ යන ව්‍යවහාරය 14 වන සියවසේ දී පමණ ඇති වූ
බව ඉතිහාසඥයන්ගේ මතයයි.
ශාසනානුශාසක ලෙසින් හැඳීන්වූ මාහිමියන්ට පසුව දෙවැනි තැන හෙබ වූ ග්‍රාමවාසී හා
වනවාසී භික්ෂූන් වහන්සේලාගේ නායකත්වය හෙබ වූ මහාථෙර දෙනම හැර අන් කිසිදු හිමිනමක්
මහාථෙර ලෙසින් නොහැඳීන්විය යුතු යැයි ද දඹදෙණි කතිකාවතෙහි සඳහන් වේ. ඒ අනුව
ශාසනයෙහි නායකත්වය මහාසාමි සහ මහාථෙර දෙනම අතර පැවතුණු බව උපකල්පනය කළ හැකි ය.
දඹදෙණි කතිකාවතෙහි මහා කාශ්‍යප හිමියන් මහ ස්ථවිර ලෙසත්, තච්ඡිෂ්‍ය ශාරිපුත්‍ර
හිමියන් මහා සාමින් ලෙසත් හඳුන්වා තිබේ. මෙලෙසින් මහාසාමි ලෙස හැඳීන් වූ පදවිය පසු
කාලීනව සංඝරාජ පදවිය දක්වා විකාශනය වූ බව පිළි ගැනීමයි.
ව්‍යවහාර වර්ෂ 1271 දී දෙවැනි පැරකුම්බා රජදවස දහස්තොට උපසම්පදා උත්සවයෙහි දී
මහාසාමි ඇතුළු උසස් ශාසනික තනතුරු පිරිනැමූ බව සඳහන් වෙයි. ඒ මෙවැනි ශාසනික තනතුරු
උත්සවාකාරයෙන් පිරිනැමූ බවට සාධකයකි. ගලතුරුමුළ මාහිමි, තොටගමුවේ රාහුල මාහිමි,
කෑරගල වනරතන මාහිමි ආදී හිමිවරුන් රාජගුරු යන ගෞරවනාමය භාවිත කොට ඇත. මෙය මෙම
වකවානුවෙහි ශාසනික ගෞරව නාම සම්මුතියක් සඳහා උදාහරණයක් වනු ඇත.
ශාසන භාරධාරී හිමිවරුන්ගේ ඇසුර රජතුමා ද නිබඳ අපේක්ෂා කළ බවට නිදසුනකි මහා
තෙරවරුන්ට රජ මාලිගාව ආසන්නයේ වාසස්ථාන තනවාදීම. මහා පරාක්‍රමබාහු රජතුමා
ශාරිපුත්‍ර හිමියන්ට පොළොන්නරුවේ ජේතවනාරාමයේ තෙමහල් ප්‍රාසාදයක් තනවා දීම, දෙවැනි
පරාක්‍රමබාහු රජතුමා අෂ්ටායතනාධිපති හිමිවරුන්ට නගරයේ ප්‍රාසාද තනවා දීම මීට
නිදසුන් ය.
උතුරුමුළ, දකුණුමුළ, කපාරමුළ, මහනෙත්පාමුළ, වාදුම්මුළ, සේනාපතිමුළ, විල්ගම්මුළ හා
ගලතුරුමුළ යනුවෙන් ප්‍රධාන පිරුවන් අටක් මුල් කර ගනිමින් හත් වැනි සියවසේ දී පමණ
ගුරු කුල වශයෙන් බෙදී යාම ආරම්භ වී එකී ගුරුකුල සමූහය මූල යනුවෙන් ව්‍යවහාරයට පත්
වී ඇත.
මූලයෙහි නායකයා මූලාධිපති නමින් සුවිශේෂී තනතුරකින් හැඳීන් වූ බව දඹදෙණි කතිකාවතින්
පැහැදිලි වෙයි. කෝට්ටේ යුගයේ දී කල්‍යාණි නදී සීමාවේ දී සියම් හා රාමඤ්ඤ දෙරටට
ලංකාවේ සිට උපසම්පදාව රැගෙන ගිය බැව් ඉතිහාසයෙන් තොරතුරු හමු වෙයි.
රටෙහි පැවති දේශපාලනික හා සමාජයීය අර්බුද හමුවේ උපසම්පදා භික්ෂූන් වහන්සේලා නොමැති
වූයෙන් පළමුවන විමලධර්මසූරිය රජතුමා රක්ඛංග දේශයෙන් ද දෙවැනි විමලධර්මසූරිය රජතුමා
අර්කන් දේශයෙන් ද, උපසම්පදාව ගෙන්වා ලක්දිව පිහිටුවීමට කටයුතු කොට ඇත. දිගු කලක්
නොගොස් එම උපසම්පදා ද අන්තර්ධාන ව ගිය බව සඳහන් වේ.
මෙම ලිපියේ ඉතිරි කොටස බුදුසරණ අවඅටවක පෝදා පත්‍රයේ පළවේ.
දිමුතු පුන්සර කොළඹගේ |