සිරි සදහම් මඟ හැඳීන
සතර අපායෙන් මිදෙමු
සියලු සත්වයෝ ම මේ සසරේ බලවත් ලෙස දුක්විඳ ඇත්තෝ ය. මහත් වූ ව්‍යසනයන්ට ද ලක් වූවෝ
ය. මිය යන්නට යෙදුණු මළ සිරුරුවලින් මේ මහ පොළොවේ සෑම බිම් අඟලක් ම සුසානයක් බවට
පත්ව ඇත්තේ ය. අනන්ත සසරෙහි දීර්ඝ කාලයක් දුක් විඳ ඇත්තේ ය. මෙවැනි බියකරු සසරෙහි
ගමන් කරමින්, මේ මිනිස් ලොව ඉපදී මව් ලෙස හමු නොවුණ කෙනෙක් පියා ලෙස හමු නොවුණ
කෙනෙක් සොයාගත නොහැකි ය.
වර්තමානයේ බොහෝ බෞද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට යම් වූ ද දහම් දැනුමක් වේ. ඒ වගේ ම
ප්‍රතිපදා මාර්ගයෙහි ගමන් කරමින් සිටින්නෝ ද වෙති. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ
නොසිටින බැවින් සිහිනුවණින් යුතුව නිවැරැදි ම වූ ධර්ම මාර්ගය වටහා ගෙන ගමන් කළ යුතු
වන්නේ ය.
මෙම කරුණේ දී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරණ ලද සතර මහෝපදේශ පිළිබඳව ද
සිහිපත් කළ යුතු ය. ඒ ධර්ම විනය පිළිබඳව මනා වූ පරිණත වූ ද, පිළිපන් වූ ද, ඵල
ලැබුවා වූ ද, එක් නමක්, දෙනමක් හෝ බොහෝ තෙරවරු සමඟ සාකච්ඡා කරමින්, ඇසුරු කරමින්,
සක්කායදිට්ඨිය බැහැර කරන්නෙමි’ යි වූ මාර්ගයට පැමිණිය යුතු වන්නේ ය.
තණ්හා, මද, මාන, දිට්ඨි බැහැර කර ගනිමින් චිත්ත පාරිශුද්ධිය උදෙසා සතිය හෙවත් සතර
සතිපට්ඨානයේ උගන්වන සිහිය පිහිටුවීම ප්‍රගුණ කළ යුතු වන්නේ ය. අප බුදුරජාණන් වහන්සේ
විසින් සර්වඥතා ඤාණයෙන් යුතුව මහා කරුණාවෙන් මේ සසරෙහි ඇති බියකරු බව ගැන දෙසූ දහම
නැවත නැවතත් අවබෝධයෙන් යුතුව මෙනෙහි කළ යුතු වන්නේ ය. කෙළවරක් දකින්නට නොමැති මේ
සසරෙහි මුලක් අගක් නොපෙනේ.
සියලු සංඛත සංඛාර ධර්ම, අනිච්ච, දුක්ඛ අනත්ත නම් වූ ත්‍රිලක්ඛණ ධර්මයන්ට යටත් කොට
නුවණින් දැක ගන්නට නොහැකි සත්වයෝ අවිද්‍යාවෙන් යුතුව, නැවත නැවතත් සසරට බැඳීි ගමන්
කරති. සැරිසරති. මේ ඇවිද යන භව ගමනේ තිස් එකක් සක්වල සියලු සත්වයෝ වැඩිපුර ම උපත
ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බව බුදුරජාණන් වහන්සේ දේශනා
කොට වදාළ සේක.
සියලු සත්වයෝ ම මේ සසරේ බලවත් ලෙස දුක්විඳ ඇත්තෝ ය. මහත් වූ ව්‍යසනයන්ට ද ලක් වූවෝ
ය. මිය යන්නට යෙදුණු මළ සිරුරුවලින් මේ මහ පොළොවේ සෑම බිම් අඟලක් ම සුසානයක් බවට
පත්ව ඇත්තේ ය. අනන්ත සසරෙහි දීර්ඝ කාලයක් දුක් විඳ ඇත්තේ ය. මෙවැනි බියකරු සසරෙහි
ගමන් කරමින්, මේ මිනිස් ලොව ඉපදී මව් ලෙස හමු නොවුණ කෙනෙක් සොයාගත නොහැකි ය. පියා
ලෙස හමු නොවුණ කෙනෙක් සොයාගත නොහැකි ය. දුව, පුතා, සොහොයුරිය හා සොහොයුරා ලෙස හමු
නොවුණ කෙනෙක් සොයා ගත නොහැකි ය. ඒ වගේ ම තමන් මනාප වූ යම් දෙයින් වෙන්වන විට, අමනාප
වූ යම් දෙයක් සමඟ එකතු වන විට වැගිරූ කඳුළු කොතරම් ද? සිව් මහා සාගරයේ ජලයටත් වඩා
වැඩි වන්නේ ය.
ඒ වගේ ම අවිද්‍යාව නිසා, එනම් සියලු සංඛත, සංඛාර වස්තූන් ත්‍රිලක්ෂණයට යටත් කොට දැක
රාගාදී කෙලෙසුන් සමනය කර ගැනීමට නොහැකි වීම නිසා ඤාති ව්‍යසනයේ දී භෝග ව්‍යසනයේ දී,
ඒ වගේ ම ලෙඩදුක් නිසා අපමණ දුක් වන්නේ ය. කඳුළු වගුරන්නේ ය. ශෝක වන්නේ ය. වැළපෙන්නේ
ය. මුළාවට පත් වන්නේ ය. මේ ආකාරයෙන් අවිද්‍යාවට ම හසුව සිටීමෙන් මේ ගමන් කරන්නේ
කෙළවරක් දකින්නට නැති බියකරු ගමනක නේද?
අවිද්‍යාව නිසා ම අකුසල් රැස්ව සතර අපායෙහි, අවීචිය වැනි නරකයක උප්පත්තියක්
ලැබුවොත්, යම් අවස්ථාවක කල්ප ගණනාවක් අපමණ දුක් විඳීන්නට වන්නේ ය. නරක, තිරිසන්,
ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බියකරු බව කෙතරම් ද?
අපි ඒ බියකරු වූ සතර අපායෙන් දුරස්ථ ව මනුෂ්‍ය ආත්මයක් ලබා සිටිමු. සම්මා
සම්බුද්ධත්වය ලැබිය හැකි වන්නේ ද මනුෂ්‍යයකුට ම පමණි. අප උපතින් ලද ශරීරයේ වර්ණය,
හැඩය කුමක් වූව ද දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබා ඇති බව නිතර සිහිපත් කරමු. මේ
ආකාරයෙන් සිහිකර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ මාර්ගයට යොමු වූ
ශ්‍රාවකයන් බවට පත්වෙමු.
බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් වෙතින් අසන ලද ප්‍රශ්නයක් වේ. ඒ “කුල
ධර්මයන්හි අප්‍රමාදීව, කෙලෙස් තවන වීර්යයෙන් යුතුව නිවන් පිණිස මෙහෙයවන සිත් ඇතිව
වාසය කරන්නේ ද“ යන්නයි. මෙම උතුම් ප්‍රශ්නයට අවබෝධයෙන් යුතුව නිවැරැදි පිළිතුරක්
ලබා දීමට හැකි දැයි අපි අපේ සිතින් ම විමසා බලමු. “බුද්ධං සරණං ගච්ඡාමි“ යන්නෙන්
සිහිකරන සෑම විට ම අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ දැයි සිහි කරන්න. “ඉතිපි
සෝ භගවා අරහං“ නව අරහාදී බුදුගුණ සිහි කරන සෑම විටක ම අවබෝධයෙන් බුදු ගුණ දැන
මෙනෙහි කරන්නේ ද? ඒ අපමණ වූ බුදුගුණ තම සිතට කැඳවා ගැනීමට වීර්යය වඩන්නේ ද යන්න
සිහිපත් කරන්න.
බුදුගුණ, සදහම් ගුණ, සඟගුණ අවබෝධයෙන් යුතුව මෙනෙහි කරන්නෙක් නම් චතුරාර්ය සත්‍යය
අවබෝධයෙන් නිවනට මඟ සකස්වනු ඇත. අප බොහෝ කෙනකුට පවතින්නේ අනුමානයෙන් ඇතිකර ගන්නා වූ
ඤාණ ශක්තියයි. මෙය ප්‍රත්‍යක්ෂ ඤාණයක් බවට පත් කර ගැනීමට නම්, ධර්ම විනය,
ශාස්තෘත්වයේ පවත්වාගෙන කල්‍යාණ මිත්‍ර ගුරු ඇසුරක් ඇතිව නිවන ම අරමුණු කරගනිමින්
සිත සහ සතිය පැවැත්වීම අවශ්‍ය ම ය.
සද්පුරුෂ ඇසුර, සද්ධම්ම සවණ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටපත්ති, අනුගමනය කිරීම
අවශ්‍යයයි. මේ මඟ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සියලු දෙනාට ම එකසේ ම ය. අප්‍රමාදීව වාසය
කරන්නෝ වෙමු‘යි තම සිතින් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දීමට මෙය ම අවස්ථාවකි.
දීපා පෙරේරා |