[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වස් සමාදාන පින්කම්

වස් සමාදාන පින්කම්

ශ්‍රී දළදා මාලිගාව

ශ්‍රී දළදා මාලිගාවේ 2021 වසරේ වස් ආරාධනාව තේවාව භාර මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බ‍ටුවාවේ ශ්‍රී මේධංකර නායකහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හමුවේ ක‍ටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි ශ්‍රද්ධා ප්‍රසාදිනී ධම්මචාරී කොත්මලේ සුධර්මා සිල් මෑණියන් වහන්සේ 57 වෙනි වතාවට පිළිගන්වන ලදී. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද මේ අවස්ථාවට දායකත්වය දරන ලද අතර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර තිසා වැව තුන්වන පියවර කිරිගෙදර පදිංචි යූ. වජීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු හිතමිත්‍රාදීන් විසිනි.

****

පල්ලේකැලේ සිරි සම්බෝධිය විහාරය

කුණ්ඩසාලේ පල්ලේකැලේ සිරි සම්බෝධි ධර්මායතන විහාරස්ථානයේ වස් ආරාධනා පින්කම විහාරාධිපති බුලංකුලමේ උපවංශ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පසුගිය දින ඉපැරැණි චාරිත්‍රානුකූලව විහාරස්ථානයේ දී සිදු කෙරිණි. පල්ලේකැලේ සාසා නිවාස සංකීර්ණයේ පදිංචි විශ්‍රාමික ඩබ්. එම්. පී. ජී. වික්‍රමසිංහ මහතා හා එම මැතිනිය වස් ආරාධනය කළහ. වස් කාලසීමාව තුළදී කිරි ආහාර පූජා, සත් බුදු වන්දනා, රෝග වසංගතය පහවීමට තුන් සූත්‍ර දේශනා ආදිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඇසළ අව අටවක

 ජුලි 31 සෙනසුරාදා පූර්ව භාග 05.40 අව අටවක ලබා පසුදා පූර්වභාග 07.56 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]