වස්ත්‍රයෙන් අඩක් දුන් ස්ත්‍රියගේ කථාව
අග්ගමහා පණ්ඩිත
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමි
සිංහල ධජයෙන් උපලක්ෂිත වූ ශ්‍රීමත් සිංහල, ද්වීපයෙහි සිංහනාද ඇති බුදුරදුන්ගේ ධර්මය
පිළිපදින භික්ෂු නමක් විය.
සිංහයෙක් මෙන් නිර්භීතව, තැතිගැනීම් නැතිව, සංකා නැතිව තුන්යම් රැයෙහි භාවනා කළ
මෙතෙම පිඬු පිණිස ගියේ ය. එසේ යන භික්ෂු නම දුටු සොරෙක් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු
ආදී සියල්ල පැහැරගෙන ගියේ ය. හෙතෙම කොළඅතු ඇඳගෙන සන්සුන් ලෙස ගමන් කළේ ය. කිසිවෙක්
ඔහු හැඳීන නො ගත්තේය.
එක් ස්තියක් දියට බැස නාද්දී වස්ත්‍ර රහිතව කොළ ඇඳගෙන යන උන්වහන්සේ දැන මෙසේ කීය.
ස්වාමිනි ගොඩ තිබෙන වස්ත්‍රය දෙකට ඉරා භාගයක් ගත මැනව. ඉතිරි කොටස මට වන්නේ ය. ඒ
කොටස හැඳගෙන තැති ගැනීම් නැතිව සැප සේ වැඩිය මැනැයි කීය.
ඒ කීම ඇසූ භික්ෂුනම ඒ වස්ත්‍රය මැදින් ඉරා කොටසක් හැඳගෙන කැමති තැනකට ගියේ ය. ඒ
ස්ත්‍රිය ජීවිතාන්තය දක්වා සිට එයින් චුතව තව්තිසාවෙහි උපණි.
සිත් පහදවන අඟ පසඟින් යුත් මනා රූ ඇති මහත් ප්‍රභා ඇති ඈ උපන්නේ දෙව්විමන් තුනක්
මැදය. අවට දෙව්විමන් තුනේ විසූ දේව පුත්‍රයෝ තිදෙන එහි අවුත් ඇය ලබා ගැනීම සඳහා කලහ
කළහ. ඒ කාරණය දැනගත් දෙව්රජ එහි ගොස් කරුණු විචාළේ ය. ඒ දෙවිවරු තිදෙනා මෙසේ කීහ.
අපගේ විමන් මැද මේ දෙවඟන උදෙසා මේ කලහය පවතී නම් යමෙක් ඇයට වැඩි ආලය කෙරේ නම් ඔහුට
ඈ අයිති වේවා’යි දෙව්රජ කී ය. ඉන් එක් දේව පුත්‍රයෙක් යම් සේ දිලිසෙන ගින්නේ
ඇතුළතක් හෝ පිටතක් නැත්තේ ද, එමෙන් ම මම සිතින් ඈට ඇලී සිටිමියි කීය. දෙවෙනි දෙවියා
යම් සේ මැටි හා ජලය මිශ්‍ර වූ විට අතරක් නොපෙනේ ද එමෙන් මම ඇයට ඇලී සිටිමියි කීය.
තෙවෙනියා යම් සේ කිරි හා ජලය මිශ්‍ර වූ වට එහි වෙනසක් නොපෙනේ ද එමෙන් මම ඇය කෙරෙහි
ඇලී සිටිමි යි කීය. නමුත් ඕතොමෝ සතුටු සිතැතිව ඇඳීලි බැඳගෙන දෙව්රජ කරා අවුත් ඔහු
පසු පස්සේ ගොස් ඔහුගේ භාර්යා බවට පත්වූවා ය. අර්ධ වස්ත්‍රයක් දුන් ඕ තොමෝ දිව්‍ය
සම්පත් විඳ පසුව නිවන ද ලබන්නී ය.
අප්‍රමේය ගුණ ඇති බුදුරදුන් කෙරෙහි ද ද, කෙලෙස් මඩ දුරුකළ සංඝ නමැති කෙතෙහි ද දුන්
අල්ප දෙයක් මහත් ඵල උපදවන්නේ යැයි දැන එහි දන් දිය යුතු ය.
වස්ත්‍රයෙන් අඩක් දුන් ඒ ස්ත්‍රිය බොහෝ කලක් මහත් දෙව්මිනිස් සම්පත් අනුභව කොට
අනන්තයේදී භවත්‍රය නමැති සැඩ පහරින් එතෙරට ආර්ය සම්පත්තිය ද ලබන්නී ය.
(ඉතා පැරැණි සිංහල බණ කතා ග්‍රන්ථයෙනි) |