ශාසනයේ පැවැත්ම රඳාපවතින්නේ
විනය මතයි
උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ
දෙල්ලව ශී‍්‍ර නාථාරාමය,පරදුව ශී‍්‍ර වර්ධනාරාමය,පොල්ගම්පොළ ධර්මරාජ විහාරය,
දේවාලේගම ශී‍්‍ර සුගත මහා විහාරය යන සිව්මහා විහාරාධිකාරී ස්‍යාමෝපාලි වංශික මහා
නිකායේ ශී‍්‍ර රෝහණ මහා සංඝ සභාවේ උපසම්පදා කාරක සභික හා ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය
ශී‍්‍ර රෝහණ තරුණ භික්ෂූ සංවිධානයේ සභාපති පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ දෙල්ලව
ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.
අපේ හාමුදුරුවනේ, පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන්
කටයුතු කරන ඔබ වහන්සේ කුඩා අවධියේදී ගරු හාමුදුරුවන් වහන්සේලාගේ ආභාසය ලබා ගනිමින්
පැවිදි ජීවිතය ආලෝකවත් කරගැනීමට කටයුතු කළේ කුමන ආකාරයෙන් ද?
ගාල්ල දිස්ති‍්‍රක්කයේ මොරවක ප්‍රදේශයේ දෙල්ලව කියන බොහොම සුන්දර ග්‍රාමීය පරිසරයක
1977 වර්ෂයේ ජූලි 17 වෙනි දින ගාමිණී ගුණතුංග යන ගිහි නාමයෙන් උප්පත්තිය ලැබුවා.
මගේ ආදරණීය මෑණියන් එම් . එස් . හින්නිනෝනා මාතාවත්, ඒවගේම පියාණන් වුණ සිරිසේන
ගුණතුංග මහතාත් බොහොම ශ්‍රද්ධාවන්ත ගුණවත් මව්පිය දෙපළක් බවත් සිහිපත් කළ යුතුයි.
මා ඇතුළුව දරුවන් 8ක් අපේ පවුලේ සිටියා. කුඩා අවධියේ සිටම පැවිදිවීමට බොහොම ආසාවක්
තිබුණා. ගා/ දෙල්ලව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබාගනිමින් සිටි අවධියේදී
මව්පිය ආශිර්වාදය ඇතිව දෙල්ලව ශී‍්‍ර නාථාරාම විහාරය, පරදුව ශී‍්‍ර වර්ධනාරාම
විහාරය,පොල්ගම්පොළ ධර්මරාජ විහාරය,දේවාලේගම ශී‍්‍ර සුගත විහාරය යන සිව් මහා
විහාරාධිපති ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ ශී‍්‍ර රෝහණ මහා සංඝ සභාවේ කාරක සභික හා
උපාධ්‍යාය ධූරන්දර ගාලු මාතර දෙදිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්තී
ශී‍්‍ර ති‍්‍රපිටක විශාරද දෙල්ලව ජිනරතන නායක හාමුදුරුවන්ගේ හා බණ්ඩාරගම ධර්මාලෝක
විහාරාධිපති බඹරැන්දේ උපරතන මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, අලපලාදෙණිය
ශී‍්‍ර විජිතාරාමාධිපති බෙන්ගමුවේ උපාලි මා හිමිපාණන් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන්1994 ජනවාරි මස 14 වෙනි දින දෙල්ලව ධම්මරතන යන ශාසනික නාමයෙන්
දෙල්ලව ශී‍්‍ර නාථාරාම විහාරස්ථානයේදී උත්තරීතර පැවිදි බව ලබා ගැනීමට සංසාරගත
පුණ්‍ය ශක්තිය හේතු වුණා.
ගුරු හාමුදුරුවන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි කීකරු ශිෂ්‍යයකු ලෙස අප්‍රමාණ
ගුරු ගෞරවයක් සහිතව පැවිදි ජීවිතයට ඇවැසි බණ දහම් ඉගෙන ගත්තා. පොඩි හාමුදුරුවන්
වහන්සේ නමක් වශයෙන් පැවිදි ජීවිතයට අවශ්‍ය කරන ශක්තිමත් පදනමක් ගොඩනඟා ගැනීමට එම
ගුරුදේවෝත්තමයන් වහන්සේලාගේ මඟ පෙන්වීම අතිශයින් වැදගත් වුණ බව මේ අවස්ථාවේදී ගෞරව
පූර්වකව සිහිපත් කළ යුතුයි. සැම අවස්ථාවකදීම උන්වහන්සේලාගේ අනුශාසනාවට
ඇහුම්කම්දෙමින් කටයුතු කිරීමට වගබලා ගත්තා.
පැවිදි වීමෙන් පසුව ගාල්ල දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙන,මාතර ශී‍්‍ර සුදර්ශී
විද්‍යායතන පිරිවෙන යන පරිවේණාස්ථානයන් තුළින් වර්ග පටිපාටියෙන්
ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය සිදුකළා. විශ්ව විද්‍යාල වරම් ලබාගනිමින් රුහුණු විශ්ව
විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්,ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන්
ශාස්ත්‍රපති උපාධියත්,ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් බුද්ධ ධර්මය ඩිප්ලෝමාවත්,ජාතික
අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන ඩිප්ලෝමාවත්, කොළඹ විශ්ව විද්‍යාලයෙන් පුස්තකාල
විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්තා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ කාල පරිච්ඡේදයේදී සුදුසු වයස් සම්පූර්ණ වූ නිසා 1998
වර්ෂයේ අප්‍රේල් 26 වෙනි දා දෙල්ලව විද්‍යාවර්ධන පිරිවෙන් විහාරාධිපති දෙල්ලව
ජිනරතන නා හිමිපාණන් වහන්සේගේත් ,පරදුව ශී‍්‍ර වර්ධනාරාමාධිකාරී පරදුව ජිනානන්ද
හිමිපාණන් වහන්සේගේත් ආචාර්ය උපාධ්‍යායත්වයෙන් රෝහණ සංඝ සභා මූලස්ථාන උපෝෂථාගාරයේදී
අධිශීල සංඛ්‍යාත උතුම් උපසම්පදා සීලයට පත්වුණා.
ඔබ වහන්සේගේ ජාතික,ආගමික, ශාසනික ,අධ්‍යාපනික සේවය පිළිබඳව සඳහන් කරනවා නම්
හාමුදුරුවනේ,
විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ ගා/ ශී‍්‍ර
විද්‍යාවර්ධන පිරිවනේ ආචාර්යවරයකු වශයෙන් 2001 වර්ෂයේ ජනවාරි 01 වෙනි දා ගුරු සේවය
ආරම්භ කළා. 2004 වර්ෂයේ මැයි 05 වෙනි දින එම පිරිවනේම පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන්
කටයුතු කිරීමට සිදුවුණා. දෙල්ලව ශී‍්‍ර නාථාරාම විහාරස්ථානය, අකුරැස්ස පරදුව ශී‍්‍ර
වර්ධනාරාම විහාරස්ථානය, සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරමින් සියලු
විහාරාරාංගයන්ගෙන් සම්පූර්ණ විහාරස්ථාන බවට පත් කළා.පොල්ගම්පොළ ධර්මරාජ
විහාරස්ථානය,දේවාලේගම ශී‍්‍ර සුගත විහාරස්ථානය නව විහාර කර්මාන්තයක් වශයෙන් ඉදිකළා.
දෙල්ලව සිරි පුඤ්ඤානන්ද දහම් පාසලේ උප ප්‍රධානාචාර්යවරයකු වශයෙන් ප්‍රදේශයේ දරු
දැරියන්ගේ දහම් අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කළා. ඒ අතරතුර මහා විහාර
වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශී‍්‍ර රෝහණ මහා සංඝ සභාවේ උපසම්පදා කාරක සභික,ගරු
කර්මවාගාචාර්ය,ශී‍්‍ර රෝහණ තරුණ භික්ෂු සංවිධානයේ භාණ්ඩාගාරික, ලේඛකාධිකාරී, සභාපති
ස්වාමීන් වහන්සේ වශයෙනුත්,නෙළුව සමථ මූල මණ්ඩලයේ සමථකාරවරයකු, උපසභාපතිවරයකු, නෙළුව
ප්‍රදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, දෙල්ලව දේවාලේගම ශී‍්‍ර සුගත
විහාරස්ථානයේ විහාරාධිකාරී, ගාල්ල පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ස්වාමීන්
වහන්සේ නමක වශයෙනුත් විශාල ආගමික,ශාසනික කාර්යභාරයක නිරත වෙනවා. ශ්‍රී ලංකා
ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය හා රුහුණු සේවය මගින් ධර්ම දේශනා පැවැත්වීමත්
බෞද්ධ පුවත්පත්වලට ධර්ම ශාස්තී‍්‍රය ලිපි සපයමින් ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා
දායකත්වයත් ලබාදෙනවා. රූපවාහිනී සංස්ථාවේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ
බවත් සිහිපත් කළ යුතුයි.
පිරිවෙන් අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් ලබාගත් අත්දැකීම් අනුසාරයෙන්
පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලාට ලබාදෙන අවවාද අනුශාසනා මොනවගේද?
හාමුදුරුවනේ.
සම්බුද්ධ ශාසනයට ගැලපෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ගොඩනැඟීම පිරිවෙන තුළින්
සිදුකරනවා. පොඩි හාමුදුරුනමක් ගොඩනඟනවා කියන්නේ ගමක් සකස් කිරීමක්,ගමක නායකත්වය
ගොඩනැඟීමක් වැනි කාරණාවක්. ශාසනයට ගැළපෙන ආකාරයට සෑම අංශයකින්ම දක්ෂ සංවරශීලී
වැදගත් භික්ෂුවක් සකස්කිරීම පිරිවෙන් අධ්‍යාපනයේ මූලික අරමුණයි. ඒ සඳහා ශිෂ්‍ය පොඩි
හාමුදුරුවන් වහන්සේලාට අවශ්‍ය කරන විවිධ වැඩ සටහන් අපි දිවා රාතී‍්‍ර කි‍්‍රයාත්මක
කරනවා. පිරිවෙන් ගුරුවරයකු, පරිවේණාධිපති, ගුරු උපදේශක,සම්බන්ධීකරණ නිලධාරී ආදී
වශයෙන් වසර ගණනාවක් කටයුතු කළ කාල පරිච්ජේදය තුළත්, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක
ස්වාමීන් වහන්සේ නමක් වශයෙනුත් පොඩි හාමුදුරුවන් වහන්සේලා දහස් ගණනකගේ පැවිදි
ජීවිතය ආලෝකමත් කරගන්නට යන ගමන තුළ උන්වහන්සේලා ශාසනයට ඔබින ආකාරයට සකස්කිරීමට
අවශ්‍ය නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබිම පිළිබඳව මම සතුටු වෙනවා.
බුද්ධ දේශනාවට අනුව මේ ශාසනයේ පැවැත්ම රඳා පවතින්නේ විනය මතයි. ගිහියාට වඩා වෙනස්
උත්තරීතර බවක් තිබෙනවා යන හැඟීම,අවබෝධය සැම විටම පොඩිහාමුදුරුනමක් තුළ තිබීම
අවශ්‍යයි. උන්වහන්සේලාගේ ජීවිතය ආලෝකවත් කරගැනීම සඳහා දසධම්ම සූත්‍රය පොඩි
හාමුදුරුවන් වහන්සේලා නිරන්තරයෙන්ම පරිශීලනය කළ යුතුයි. ඒ තුළ තමන්ගේ ජීවිතය
හැඩගස්වාගත යුතු ආකාරය පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. වත් පිළිවෙත් පුංචි
හාමුදුරුවන් වහන්සේලාගේ ජීවිතය හැඩගස්වාගැනීමට ඉතාම වටින දෙයක්. වත් 14ක්
බුදුරජාණන් වහන්සේ වත්තක්ඛන්ධකයේ පැහැදිලි කර තිබෙනවා.තමන්ට සාර්ථක ගමනක් යාම සඳහා
එම වත් පිළිවෙත් පුහුණුකිරීම හා ඒවා අනුගමනය කිරීම, විනයානුකූලව කටයුතු කිරීම ඉතාම
වැදගත්. බුද්ධ දේශනාවේ ඇතුළත් සේඛියා 75 තුළින් සඳහන් කරනු ලබන්නේත් සංවරසශීලී
භික්ෂුන් වහන්සේ නමක් වීමට අවශ්‍ය කාරණායි.ඒවා අනුගමනය කිරීමෙන් භික්ෂූ ජීවිතය
ආලෝකවත් වීමත්, පැහැදුණ අයගේ පැහැදීම තවදුරට වර්ධනය වීමත්, අපැහැදුණ අයගේ පැහැදීම
ඇතිවීමත් සිදුවෙනවා. යම් යම් කරුණු කාරණාවලදී තිබෙන ශ්‍රද්ධාවත් නැතිවන ආකාරයේ
කටයුතු මාධ්‍ය තුළින් ඇතැම් අවස්ථාවල දකින්න ලැබිල තිබෙනවා. එනිසා අපි අපේ
පොඩිහාමුදුරුවන් වහන්සේලාට හැමදාම අවවාද,අනුශාසනා ලබා දෙමින් පුහුණු කරන්නේ සේඛියා
ආදිය තමන්ගේ ජීවිතයට ආලෝකය පිණිස තබාගෙන ඒ අනුව හික්මීම, සංවරකම ඇතිකරගෙන කටයුතු කළ
යුතුබවයි.
ගිහියකුට වඩා වෙනස් වූ ස්වරූපයක් ඇති උත්තරීතර උදාර චරිතයක් බවට පත්වෙන්නට
අවශ්‍යයයි යන උදාර අරමුණු ලබාදෙමින් එය පෙරදැරිව පුංචි හාමුදුරුවන් වහන්සේලා සකස්
කිරීමට කටයුතු කරනවා.
හේමමාලා රන්දුනු |