මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය
උපසම්පදාවේ අතීත කථාව - 05
වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මා හිමියන්ගේ 323 වන ජන්ම සංවත්සරය, 243 වන
අනුස්මරණය හා මහා විහාරවංශික ස්‍යාමෝපසම්පදාවට වසර 268ක් සම්පූර්ණ වීම නිමිත්තෙනි.
සෝමවති රජමහා විහාරාධිපති
මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ
මල්වතු මහා විහාර පාර්ශ්වයේ
වැඩබලන ලේඛකාධිකාරි
ආචාර්ය
පහමුණේ සුමංගල හිමි
රාජ්‍ය වර්ෂ 1762 දී තිබ්බටුවාවේ බුද්ධරක්‍ඛිත නාහිමියන් මල්වතු විහාරයේ ද,
උරුලෑවත්තේ ධම්මසිද්ධි හිමියන් අස්ගිරි විහාරයේ මහානායක පදවියට පත්කොට අස්ගිරි
ගෙඩිගේ විහාරයේ පොහොය සීමාව ද සම්මත කිරීමෙන් අනතුරුව. 1765 දී වැලිවිට ශ්‍රී
සරණංකර හිමියන්ට උපාධ්‍යාය ධුරයට පත් කළහ. සිංහල භික්‍ෂූන්ගේ ප්‍රධානත්වයෙන් මල්වතු
අස්ගිරි උපසම්පදාව වාර්ෂිකව පැවැත් වීමටත් අනතුරුව, මල්වතු අස්ගිරි උභය මහා
විහාරයේම අනුනායක පදිවිය හා කාරක පදවි පත්කොට ලක්දිව විහාරස්ථාන 2400 බැගින් උභය
විහාරයටම පිරිනමා යම් කිසි දවසක මල්වතු අස්ගිරි විහාර දෙකෙන් එකක උපසම්පදාව නැති
උවහොත් අනික් විහාරයෙන් ගෙන්වා උපසම්දාව පිහිටුවමින් සම්බුද්ධ ශාසනය පැවැත්වීමට
කටයුතු සැලැස්වීම නිසාම වසර 268 ක් මුළුල්ලේ අද දක්වාම මල්වතු අස්ගිරි උභය මහා
විහාර මගින් උපසම්පදාව සහිත ශාසනික කටයුතු පවත්වාගෙන ඒම සකල ලෝක ජනතාවගේම අපමණ
සතුටට හේතු වූ වකි.
එතැන්පටන් උඩ පහත දෙරටම සිය ගණන් සාමණේරවරුන් ඇති වූ අතර, ඒ සියලු දෙනාම මල්වතු මහා
විහාරයට පැමිණ උපසම්පදාව ලබා ස්වකීය විහාරස්ථාන මුල්කොට සුවිශාල අධ්‍යාපන, ආගමික,
ජාතික සේවාවන් සිදු කිරීමට පටන් ගත්හ.
මල්වතු මහා විහාරයේ අනාගත පැවැත්ම සඳහා අඛණ්ඩව කටයුතු කරගෙන යාමට සංඝරාජ
මාහිමියන්ගේ ශිෂ්‍යයන් අතුරින් තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්‍ඛිත මහා නාහිමි,
දරමිටිපොල ධම්මරක්‍ඛිත මහානාහිමි, ගිණිගත්පිටියේ සංඝරක්‍ඛිත හිමි, වැරසර
රඹුක්වැල්ලේ ධම්මරක්‍ඛිත අනුනාහිමි, මොරතොට ධම්මක්‍ඛන්ධ මහානාහිමි, පොල්පිතිගම
ශ්‍රී සිද්ධාර්ථ නාහිමි, හුරීකඩුවේ ශ්‍රී සෝභිත නාහිමි, කොටිකාපොල ශ්‍රී රතනජෝති
අනුනාහිමි, කඩුවෙල සෝභිත හිමි, ගම්පහේ සුමංගල හිමි, ඊරිමින්නේ විපස්සි නාහිමි,
ඈගල්ලේ ඉන්දජෝති හිමි, කොබ්බෑකඩුවේ ශ්‍රී නිවාස කුඩා හිමි, වැලිවිට සරණංකර කුඩා
හිමි ඇතුළු ශිෂ්‍ය පිරිස මුල්කොට මල්වතු මහා විහාරයානුබද්ධව ද, මැදවල ආනන්‍ද හිමි
මැදවල ආදී විහාර ද, දෙහිගස්පේ අත්ත්‍ථදස්සිහිමි අනුරාධපුරයේ රුවන්වැලි සෑය,
මිහින්තලය හා කුරුණෑගල සත්කෝරළයේ කළුන්දෑව, මුතුගල, ආදී විහාරත්, කැලණිය ආදී විහාර
ද ප්‍රතිසංස්කරණය කරමින් වැඩිදියණූ කළ හ.
ඒ අයුරින්ම දියසුන්නත හිමි, ඇත්නෝරුවේ අත්‍ථදස්සිහිමි, බඩබාවිට හිමි, කඹුරුගොඩ
හිමි, කරිදියපල හිමි, වීරගොඩ හිමි, කොහොබන් කුලමේ හිමි, කිතලව හිමි, ලෙන්දරමුල්ලේ
හිමි ආදී හිමිවරුද එකී විහාරස්ථාන දියුණු කරමින් ධර්‍මශාස්ත්‍රය බෙදා දීමට කටයුතු
කළහ.
සඟරජ හිමියන්ගේ උපදෙස් අනුව ලෙන්දරමුල්ලේ අත්‍ථදස්සි හිමියන්ට බෙලිගල රජමහ
විහාරයත්, මැද්දේපොල විහරයත්, බිංගිරි විහාරයේ මීනෑවේ සුමන, පාදෙනි විහාරයේ පහමුණේ
ඉන්දජෝති යන හිමිවරුන්ට පහළදොළොස්පත්තුවේ විසිරීගිය ශිෂ්‍යයන් භාර කරමින් අධ්‍යාපනය
ආදිය වැඩිදියුණු කිරීමටත් සැලැස්වූහ.
සතරකෝරළයේ, සත්කෝරළයේ, උතුරු පළාත, මධ්‍යම පළාත ආදී විහාරස්ථාන දියුණු කරලමින් ධර්ම
ශාස්ත්‍රාලෝකය වැඩදියුණු කිරීමට ද සැලැස්වීය.
අස්ගිරි විහාරයේ නාවින්නේ ධම්මදස්සි මහනාහිමි, උරුලෑවත්තේ ධම්මදස්සි මහ නාහිමි,
ඉඳුවල්ගොඩ මහනාහිමි, දඹව, රඹුක්වැල්ලේ, පොතුහැර, කණූමලේ, වඳවල, කඩුවෙල, මාවතගම ආදී
හිමිවරුන්ගෙන් අස්ගිරි විහාරය මෙන්ම ලක්දිව විවිධ පළාත්වල විහාරස්ථාන වැඩිදියුණු
කරමින් ශාස්ත්‍රාලෝකය ලබාදීමට සැලැස් වූහ. |