ජීවිතයටත් කළමනාකරණයක් ඕනෑ
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ
ධම්මින්ද හිමි
බුදුරජාණන් වහන්සේ මානව සම්පත සේ ම අනෙක් සියල්ල මනාව කි‍්‍රයාවේ යෙද වූ උත්තරීතර
නායකයෙකි. අවු 45 වැනි සීමිත කාල සීමාවක දී ගොඩනැගූ ශාසනය නිරුපද්‍රිත ව වසර 2600
ගතවන මෙහොතේදීත් නොවෙනස් ව පවතී. නායකයෙක් ලෙස උන්වහන්සේ තුළ පැවති කළමනාකාරීත්වයට
මීට වඩා නිදසුන් අවශ්‍ය නොවේ.
සත් සතිය ආරම්භයේ සිට ම අවසාන බුද්ධ වචනය දක්වා උන්වහන්සේගේ කි‍්‍රයාකාරීත්වය
අධ්‍යයනය කිරීමෙන් එය පැහැදිලි කරගත හැකි ය. සුජාතාව ලබාදුන් කිරිපිඬු දානය බත්
පිඬු 49 ක් සකසා වැළඳීමේ ශක්තිය සති හතක් දක්වා ම ප්‍රමාණවත් වුණි. සත්සතිය යනු
හුදෙක් කළගුණ සැලකිම පමණක් නොවූ අතර අනාගත ධර්ම ප්‍රචාරය සැලසුම් කළ කාලසීමාවයි.
ආයතනයක් හෝ පුද්ගල කණ්ඩායමක් මනාව මෙහෙයවා අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමට නම්
නිවැරැදි පූර්ව සැලසුමක් අවශ්‍යය. එසේ නොමැති වූ විට අතරමඟ සියල්ල නතර විය හැකිය.
සත්සතිය පුරාවට ම උන්වහන්සේ සැලසුම් කළේ මේ සියල්ලයි. තමාට උපකාර කළ සොබා දහමට
මුලින් ම කෘතගුණ සැලකූ උන්වහන්සේ මානවයාට නොමැකෙන පාඩමක් කියා දුන්හ. මගදී හමුවන
උපකට ධර්මය නොදෙසා තමන් වහන්සේ අරමුණු කරගත් පස්වග මහණුන්ම ඉලක්ක කොට ගැනීම පැසසිය
යුත්තකි. නායකයකු නම් එවැනි දැක්මක් අත්‍යවශ්‍ය ය.
පස්වග මහණුන්ට ධර්මය දේශනා කිරීමේ දී ද කළමනාකරණ මූලධර්ම රැකි අයුරු උන්වහන්සේගේ
දේශනාව තුළින් ම පැහැදිලිය. එනම් මෙහි දී වැදගත් ම ආදර්ශය වන්නේ කාල අරපිරිමැස් ම
හා ආහාර සම්පත් අරපිරිමැස්මයි. පිණ්ඩපාතය සඳහා පස්නම එක් අවස්ථාවේ නොයවා තුන්නමකට
ධර්මය දේශනා කරන අතර දෙනමක් පිණ්ඩපාතයේ වැඩියහ.
තවත් විටෙක දෙනමකට ධර්මය දෙසා ඇති අතර තුන්නමක් පිණ්ඩපාතයට යැවූහ. එම ආහාර දානය
සියලු දෙනාම වැළඳූහ. ඉන් උන්වහන්සේ කාලය උපරිම ප්‍රයෝජනයෙහි යෙද වූ ආකාරයත්
තෘෂ්ණාවෙන් අනවශ්‍ය ලෙස පරිභෝජන රටාව හැඩගස්වා නොගත් බවත් පැහැදිලිවේ. අවශ්‍යතාවය
මත මිස තිබෙන සියල්ල අනවශ්‍ය ලෙස යොදා ගැනීම බුදුරදුන්ගේ ලක්ෂණය නොවූහ. එසේ
උන්වහන්සේ සම්පත් හා කාලය මනාව යෙදවීම තුළ සසුන ශක්තිමත් ව ඇරඹීමට ශක්තිය ඇති
කරගත්හ.
පළමු රහත් හැට නම අමතා සඳහන් කරන බුද්ධ අවවාදය සැලකිල්ලට ගැනීමේ දී පවා බුදුරදුන්ගේ
ඉහත ගුණය මනාව හඳුනාගත හැකි ය. විශේෂයෙන් ම එහි දී පැහැදිලි වන්නේ මානව සම්පත්
කළමනාකරණයයි.
දෙදෙනකු එක මග නොයෙන ලෙසත් බොහේ දෙනෙකුට හිතසුව පිණිස ගම් දනව්වල ගොස් ධර්මය
ප්‍රචාරය කරන ලෙසත් හිතුමතේ ධර්මය නොදෙසා මුල මැද අග පැහැදිලිව කරුණු දේශනා කරන
ලෙසත් පෙන්වා දුන්හ.
හැටනමකින් යුත් කණ්ඩායමක් තුළින් ඉතා කෙටිකාලයක දී උතුම් ධර්මය බොහෝ පිරිසකට
ළඟාවූයේ මෙම කි‍්‍රයාමාර්ග නිසාවෙනි. අඩු ශ්‍රමයකින් වැඩි ඵලදායීතාවක් ඇති
කිරීමෙහිලා බුද්ධ චරිතය මහඟු පූර්වාදර්ශයකි.
එසේ ම ඇතැම්විට කාර්යක්ෂම වූව ද ඒ තරමට ඵලදායීනොවන අවස්ථා සාමාන්‍ය ජීවිත තුළ දැකිය
හැක. බුදුරදුන්ගේ ධර්ම ප්‍රචාරය එසේ නොවේ. මුල මැද අග අර්ථ සම්පන්න ව ප්‍රයෝජනවත්
ලෙස එම කාර්ය ඉටු කිරීමට උන්වහන්සේ මාර්ගෝපදේශකත්වය ලබා දුනි.
අවවාදයෙන් පමණක් නොනැවතී එය කි‍්‍රයාවෙන් පවා උන්වහන්සේ ඔප්පු කර පෙන්වීය. බොහෝ
නායකත්වයන් තුළ මෙය දැකිය නොහැකි දුර්ලභ කාරණයකි. තම ශිෂ්‍යයන් චාරිකාවෙහි යොදවා
තමන් වහන්සේ ද උරුවේලාවට වැඩම කළ හ. ඉහළින් ආදර්ශය ලැබෙන වටපිටාවක පහළ ස්තර ඒ සඳහා
නිරායාසයෙන් ම පෙළඹේ.
බුදුරදුන්ගේ දින චරියාව ගෙන බලන විට ද කාල කළමනාකරණය ඉතා හොඳීන් හඳුනාගත හැකිය.
තමන්ගේ වටිනා කාලය ඒ ඒ ජනවර්ග හා ජිව කොටස්හි සුඛ විහරණය සඳහා යෙදවූ අයුරු ඉතා
ප්‍රශස්ත ය.
බුදුරදුන්ගේ දින චරියාව කොටස් 05 කින් සමන්විත ය. තම දවස අන්‍යයන්ට උපකාරිවීමේ
පහසුව තකා කාලය මෙලෙස බෙදා ගත්හ. එය මෙසේ ය.
පෙරවරු කිස - උදයවරුව මධ්‍යහ්න දක්වා උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය සඳහා යෙදවීම.
පස්වරු කිස - තම ශ්‍රාවකයන්ට දහම් දෙසීම කමටහන් දීම තම කුටියට වී සමවත් සුවයෙන්
සිටීම
පෙරයම් කිස - රාති‍්‍රයෙහි ප්‍රථම කාල සීමාව 6 සිට 10 දක්වා භික්ෂූන්ට ධර්ම දේශනා
කිරීම සඳහා යෙදවීම.
මැදියම් කිස - රාතී‍්‍ර 10 සිට අලුයම 02 දක්වා දෙවි බඹුන් සඳහා ධර්ම දේශනා කිරීම.
පැසුළුයම් කිස - අලුයම 2 සිට 06 දක්වා කාලය මෙය ද කොටස් 04 කින් යුතුවේ.
මෙලෙස බොහෝ පිරිසකට වැඩි සෙතක් සැලසෙන අයුරින් කාලය බෙදා වෙන් කරගත්හ. ආත්මාර්ථය
වෙනුවට පරාර්ථය වෙනුවෙන් උන්වහන්සේ තම කාලය කැප කළහ.
තම උදාරතර අරමුණු සාධනය කිරීමෙහිලා සසුන්ගත වූ භික්ෂුන් වහන්සේ නිසි අවස්ථාවන්හි දී
ඇගයීමට ලක් කිරීමට කටයුතු කළහ. එසේ ම ඔවුන් දිරිගැන්වීම් ලෙස තනතුරු ප්‍රදානය කළහ.
දක්ෂ මානව සම්පත් කළමනාකරුවකු තුළ තිබිය යුතු එවන් ලක්ෂණ බුදුරදුන් තුළ නොඅඩුව
තිබුණි. පුද්ගල ශක්තිය අගය කළා පමණක් නොව එයට වටිනාකමක් එකතු කළහ. තනතුරු යනු
වගකීම් ලෙසත් එය ඉටුකළ හැකි පිරිස් තෝරා බේරා ගැනීමට උන්වහන්සේ අතිශයින් සමත් වූහ.
ඒ තුළින් සංඝ නැමති සංස්ථාව බාධක ජයගනිමින් පවත්වා ගෙන යාමට උන්වහන්සේ සමත් වූහ.
අග්‍රඋපස්ථායක තනතුරට පත්කිරීම ම කෙතරම් ප්‍රයෝජනවත් ද යන්න පළමු ධර්ම සංගායනාවේ
උන්වහන්සේ ඉටු කළ කාර්යභාරයෙන් ම වඩා පැහැදිලිය.
තනතුරු පිදීමේ දී හැකියාව පිළිබඳ මිස ඥාතීත්වය හිතවත්කම් සැලකිල්ලට නොගත්හ. උපාලි
හිමියන්ට විනයධර භික්ෂූන් අතර අග්‍රස්ථානය ලබාදීම මීට කදිම නිදසුනකි.
තනතුරට සුදුස්සකු නැතිනම් නුසුදුසු අය පත්කරනවාට වඩා පුටුව හිස්ව තැබීම වඩා
සුදුසුයැයි පැවසීම ඉතා අගනේ ය. බුදුරදුන් කිසිවිටෙකත් සුදුසු නොවන කෙනෙකුට තනතුරු
පිරිනැමුවේ නැත.
අන්‍ය මතයන්ට ඇහුම්කන් දෙමින් වඩා නිවැරැදි ලෙස තම සංස්ථාව පවත්වාගෙන යාමට
උන්වහන්සේ වගබලා ගත්හ. ඕනෑම ආයතනයක යල්පැනගිය සංකල්ප හෝ නීති කාලයට අනුරූපව
වෙනස්විය යුතු ය. එහි දී විශේෂඥ දැනුම පමණක් ප්‍රමාණවත් නොවන අතර දේශගුණික හා
කාලගුණික සාධකයන් පවා සැලකිල්ලට ගත යුතු ය. ඊට අයත්වන කුඩා සහ අනු කුඩා කණ්ඩායම්වල
සහය උපදෙස් ගරු කිරීම වැදගත් ය. බුද්ධ චරිතය පුරාවට ම මෙම ලක්ෂණය පැවතුණි.
එසේ ම මව්පියන්ගෙන් නො අසා දරුවන් පැවිදි නොකිරීමට සුද්ධෝදන රජුගේ ඉල්ලීම
පිළිගැනීම, නානකඩය අනුදැන වැදෑරීමට විශාඛාවගේ ඉල්ලීම, එසේ ම කොසොල් රජුගේ හා
බිම්බිසාර රජුගේ ඇතැම් ඉල්ලීම් පිළිගැනීම මත ශික්ෂා පැනවීම තුළින් බුදුරදුන්ගේ
අන්‍යමතයන්ට ඇහුම්කන්දීම මොනවට පැහැදිලිය. වස් ශිික්ෂාව සමාදන්වීමට භික්ෂූන්ට
අනුදැන වදාළේ ද අන්‍ය ආගමික කණ්ඩායම් කළ චෝදනාවකට පිළිතුරු ලෙස ය. කණ්ඩායමක්,
පිරිසක්, ආයතනයක් ලෙස ඉදිරි ගමනක් ඇතිවන්නේ එවිටය.
වර්ග, පාට, පක්ෂ, භේද නොතකා බුදුරදුන් යහපත් දෑ තම සංඝ සමාජයේ මෙන් ම පොදු ජනතාව
උදෙසා යොදා ගැනීමට කටයුතු කළහ. ජෛනයන්ගේ පංච විරතිය පඤ්චශීලය ලෙස යොදා ගනිමින්
මිනිස් කි‍්‍රයාවන් පාලනය කිරීමට අවස්ථාව උදා කර ගත්හ. පාලනය, සංයමය, ඉවසීම සෑම
කාර්යකදීම විපුල ඵල ලැබීමට වැදගත් හේතුවකි. ඒ අරුතින් ගත්විට පඤ්චශීලයේ ප්‍රයෝජන
අතිමහත් ය.
බුද්ධ පරිනිර්වාණය මෙන් ම ඒ මඟ තුළ සිදුවන සෑම කි‍්‍රයාකාරකමක් ම මනාව කළමනාකරණය වී
ඇති ආකාරය ද ප්‍රශංසනීය ය. ඒ තුළින් ද නායකත්ව ලක්ෂණ මනාව පිළිබිඹු වේ. තමාගෙන්
සසුන අවසන් නොවීමටත් අනාගත පරපුරට එය දායාද කරදීම සඳහා ධර්මය ගුරු තනතුරෙහි තබා
ගැනීමට උපදෙස් දීම අගය කටයුතු ය.
අවසාන බුද්ධ වචනයෙන් පවා කියැවෙනුයේ කිසිවක් සදාකාලික නොවන නිසා සීමිත කාලය තුළ
කි‍්‍රයාකාරකම් මනාව පාලනය කර යහපත් දේ හෙවත් කුසල් සම්පාදනය කළ යුතු බව ය. අකුසල්
යනු ජිවිතයේ නොහැකියාවන් ය.
පුද්ගලයෙකුට නොහැකියාවන් තිබිය යුතු නැත. ඒ සඳහා පැහැදිලි දර්ශනයක් හා වැඩපිළිවෙලක්
ඇත්නම් මනසින් එය කළමනාකරණය කරගනිමින් කළ හැකි විය යුතු ය. එපා, අයහපත් යැයි සඳහන්
සියල්ලෙන් ඉවත්විය හැකිනම් එය මහත් පිනකි. ඒ සඳහා තමන්ට ලැබෙන සම්පත්, පහසුකම් හා
දැනුම කාලයත් සමඟ සසඳා පවත්වා ගැනීම වැදගත් ය. සමස්ත බුද්ධ චරිතයෙන් පමණක් නොව
බෝසත් චරිතයෙන් ගත හැකි පරම ආදර්ශය එයයි. |