ශ්‍රී බුද්ධ වර්ෂ 2565ක් වූ ඇසළ පුර පසළොස්වක පෝය දින, 2021 ජූලි 23 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
* එක් කලෙක මම චන්ද්‍රභාගා නදී තීරයෙහි කිඳුරියක් වීමි. දිනක් නිකෙලෙස් වූ තමන් වහන්සේ විසින් ම සත්‍ය අවබෝධ කරගත් අපරාජිත (සිද්ධාර්ථ) බුදුරජාණන් වහන්සේ දුටුවෙමි.
* පහන් සිතැති එහෙයින් ම සොම්නස් වූ හටගත් පී‍්‍රතිය ඇති මම ඇඳිලි බැඳ උණ මල් දමක් ගෙන බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් යුතුව පිදුවෙමි.
* ඒ කළ යහපත් කර්මයෙන් ද සිතිවිලි හා ප්‍රාර්ථනා හේතුවෙන් ද, කිඳුරු සිරුර අත්හැර තව්තිසා දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
* එහි තිස් හයක් දෙව්රජුන්ට (මම) මෙහෙසි තනතුර දැරුවෙමි. පසුව සක්විති රජුන් දස දෙනෙකුට මෙහෙසි තනතුර දැරුවෙමි. (මේ ජීවිතයෙහි) මාගේ සිත සංවේගයට පමුණුවා අනගාරික බුදුසසුනෙහි පැවිදි වීමි.
* මෙයින් අනු හතර වන කල්පයෙහි මම යම් මල් පූජාවක් කෙළෙම් ද, ඒ පිනෙන් මම දුගතිය නො දනිමි. මේ මල් පූජාවේ ආනිසංසය යි.
* මා විසින් කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. සියලු ආශ්‍රවයෝ ගෙවී ගියහ. දැන් මට නැවත උපතක් නැත.
ජුලි 23 සිකුරාදා පූර්වභාග 10.43 පසළොස්වක ලබා 24 සෙනසුරාදා පූර්වභාග 08.06 ගෙවේ. සිකුරාදා සිල්.
පසළොස්වක
ජූලි 23
අව අටවක
ජූලි 31
අමාවක
අගෝස්තු 08
පුර අටවක
අගෝස්තු 15
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]