ධම්ම චක්කප්පවත්තන සූත්‍රය
(සූත්‍ර පිටකය - සංයුක්ත නිකාය -12 වන සච්ච සංයුත්තය 2 වන ධම්මචක්කප්පවත්තන වර්ගයේ
1 වන සූත්‍රය)
ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජ්‍ය සභාපති
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
පත්බේරියේ
ශ්‍රී විමලඤාණ නා හිමි
එදා' අදින් වර්ෂ 2610 කට පෙර එනම් කලියුගය වර්ෂයෙන් 2513 වැන්නෙහි ඇසළ මස පුර
පසළොස්වක පොහෝ දිනය යි.
ස්ථානය - බරණැස් නුවර ඉසිපතනාරාම මිගදාය
සහභාගි වූවෝ - කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම අස්සජි යන පස්වග තවුසන් සහ අටළොස්
කෝටියක් පමණ දිව්‍ය බ්‍රහ්ම, යක්ෂ සමූහයා ප්‍රථම මහා සමාගම යි.
භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් බ්‍රහ්ම, ස්වරය විහිදුවා පස්වග තවුසන් ඇමතූ සේක.
ප්‍රථම දේශනාව
මහණෙනි, පැවිද්දා විසින් නොසෙවිය යුතු අන්ත දෙකකි.
පළමු වැන්න ළාමක වූ, ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන් විසින් ඇලුණු ගැලුණු ආර්ය උතුමන්
විසින් සේවනය නොකරන අවැඩ පිණිස ම පවතින්නා වූ කාමසුඛල්ලිකානු යෝගය යි. එනම් කාම
සුවයේ ඇලී ගැලීම යි.
දෙවැන්න දුක් උපදවන, ආර්ය උතුමන් විසින් සේවනය නොකරන අවැඩ පිණිස ම පවතින්නා වූ
අත්තකිලමථානු යෝගය යි. එනම් ශරීරයට දුක් පීඩා දීමයි.
මධ්‍යම ප්‍රතිපදාව
මහණෙනි, මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන
ලදී. ඒ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුස (පැණැස) ඇති කිරීම පිණිස, නුවණ ඇති කිරීම
පිණිස, කෙලෙසුන් සංසිඳවීම පිණිස, සත්‍යය අවබෝධ කිරීම පිණිස නිර්වාණය සාක්ෂාත් කිරීම
පිණිස පවතින්නේ ය.
මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද මධ්‍යම ප්‍රතිපදාව කවරේ ද?
ඒ මේ ආර්ය අෂ්ටාංගික ම යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා
කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙය යි.
මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ඒ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා චක්ෂුස
ඇති කරන්නේ ය. නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස පවත්නේ ය.
දුක්ඛ ආර්ය සත්‍යය
මහණෙනි, මේ දුක්ඛ ආර්ය සත්‍යය යි. ඉපදීම දුකකි. මහලු වීම දුකකි. රෝග පීඩා වැළඳීම ද
දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රයයන් හා එක්වීම ද දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ද
දුකකි. කැමති යමක් නොලැබීම ද දුකකි. සංක්ෂෙපයෙන් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි.
සමුදය ආර්ය සත්‍යය
මහණෙනි, මේ දුකම සමුදයාර්ය සත්‍යය යි. යම් තෘෂ්ණාවක් පුනර්භවය ඇති කෙරේද, නන්දි
රාගය හෙවත් ඒ ඒ දෙයෙහි ඇලීමෙන්, බැඳීමෙන් යුක්ත ද? ඒ ඒ භවයන්හි විශේෂයෙන් සතුට ඇති
කරන්නේ ද එය කවරේ ද? කාම වස්තූන් කෙරෙහි තෘෂ්ණා භව තෘෂ්ණාව ශාස්වත දෘෂ්ටිය හා එක්ව
යෙදෙන තෘෂ්ණාව, විභව තෘෂ්ණා උච්ඡේද දෘෂ්ටිය හා එක්ව යෙදෙන තෘෂ්ණාව ය.
නිරෝධ ආර්ය සත්‍යය
මහණෙනි, මේ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය යි. ඒ තෘෂ්ණාවේ ම මුළුමනින් නොඇලීමක් වේ ද, අසේස
විරාග නිරෝධෝ) දුරලීමෙක් (චාගෝ) අත්හැරීමෙක් (පටිනිස්සග්ගෝ) තෘෂ්ණාවෙන් මිදීමෙක්
(මුත්ති) නො ඇලීමෙක් (අනාලයෝ) වේද එයයි.
නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය
මහණෙනි, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍යය යි. එනම් සම්මා දිට්ඨි, සම්මා
සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා
සමාධි යන මෙයයි.
දුක්ඛ සත්‍යයෙහි සත්‍ය ඥානය - මහණෙනි, මේ දුක්ඛාර්ය සත්‍යය කියා මා හට පෙර නො ඇසූ
විරූ ධර්මයන්හි දහම් ඇස පහළවිය. නුවණ පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය.
ආලෝකය පහළ විය.
දුක්ඛ සත්‍යයෙහි කෘත්‍ය ඥානය - මහණෙනි, මේ දුක්ඛාර්ය සත්‍යය පිරිසිඳ දත යුතු ය කියා
මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. නුවණ පහළ විය, ප්‍රඥාව පහළ විය.
විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
දුක්ඛ සත්‍යයෙහි කෘත ඥානය - මහණෙනි, ඒ දුක්ඛාර්යය සත්‍යය පිරිසිඳ දන්නා ලදුයේ යැයි
කියා මා හට (පරිඤ්ඤාතං) පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස නුවණ, ප්‍රඥාව,
විද්‍යාව, ආලෝකය පහළ විය.
සමුදය සත්‍යයෙහි සත්‍ය ඥානය - මහණෙනි, ඒ මේ දුක්ඛ සමුදයාර්ය සත්‍යය (දුක ඇතිවීම)
යයි කියා මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය
පහළ විය.
සමුදය සත්‍යයෙහි කෘත්‍ය ඥානය - මහණෙනි, ඒ දුක්ඛ සමුදයාර්ය සත්‍යය ප්‍රහාණය කළ යුතු
යැයි කියා මා හට (පහාතබ්බං) පෙර නැසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව,
විද්‍යාව, ආලෝකය පහළ විය.
සමුදය සත්‍යයෙහි කෘත ඥානය -
මහණෙනි, ඒ දුක්ඛ සමුදයාර්ය සත්‍ය ඥානය ප්‍රහාණය වූයේ යයි කියා මා හට (පහීණං) පෙර නො
ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.
නිරෝධ සත්‍යයෙහි සත්‍ය ඥානය - මහණෙනි, ඒ මේ දුක්ඛ නිරෝධාර්ය (දුක නැතිවීම) සිත කියා
මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥා විද්‍යාව, ආලෝකය පහළ විය.
නිරෝධ සත්‍යයෙහි කෘත්‍ය ඥානය -
මහණෙනි, ඒ දුක නැතිවීම නම් වූ දුක්ඛ නිරෝධාර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතු යැයි කියා
(සච්ඡිකාතබ්බං) මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යා,
ආලෝකය පහළ විය.
නිරෝධ සත්‍යයෙහි කෘත ඥානය - මහණෙනි, ඒ දුක නැති වීම නම් වූ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය
සාක්ෂාත් කරන ලදැයි මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව,
විද්‍යාව, ආලෝකය පහළ විය.
මාර්ග සත්‍යයෙහි සත්‍ය ඥානය - මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය
(එනම් දුක නැතිවීම පිණිස පවතින පිළිවෙත) යයි කියා මා හට පෙර නො ඇසූ විරූ ධර්මයන්හි
දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව ආලෝකය පහළ විය.
මාර්ග සත්‍යයෙහි කෘත්‍ය ඥානය - මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පතිපදාර්ය සත්‍යය
එනම් දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව වැඩිය යුතු ය යයි කියා මා හට පෙර නො ඇසූ
විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය. වැඩිය යුතු ය.
(භාවේතබ්බං)
මාර්ග සත්‍යයෙහි කෘත ඥානය - මහණෙනි, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතපදාර්ය සත්‍යය එනම්
දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව වඩන ලදී. (භාවිතං) යයි කියා මා හට පෙර නො ඇසු
විරූ ධර්මයන්හි දහම් ඇස, නුවණ, ප්‍රඥාව, විද්‍යාව, ආලෝකය පහළ විය.
යථාභූත ඥාන දර්ශනය පහළවිය
මහණෙනි, මට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව සත්‍යය ඥානය, කෘත්‍ය ඥාන, කෘත ඥාන
යයි වටතුනකින් (තිපරිවට්ට) යුත් ඒ ඒ සත්‍යයක් පාසා තුන් ආකාරවීමෙන් සතර සත්‍යයෙහි
දොළොස් ආකාර වූ තත් වූ පරිදි ඥාන දර්ශනය (යථා භූතං ඤාණ දස්සනං) සුපිරිසිදු ලෙස
යම්තාක් මට අවබෝධ නොවී මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බ්‍රහ්මයන්
සහිත, ලෝකයෙහි මහණ බමුණන් සහිත ප්‍රජාව අතරෙහි මම අනුත්තර සම්බෝධිය අවබෝධ කළෙමි යයි
ප්‍රතිඥා නොකෙළෙමි.
පුනර්භවයක් නැත
මහණෙනි, යම් කලෙක මට චතුරාර්ය සත්‍යය මනාව පිරිසුදුව අවබෝධ වී ද එකල්හි මම දෙවියන්
සහිත ලෝකයෙහි අනුත්තර සම්බෝධිය අවබොීධ කළෙමි යැයි ප්‍රතිඥා කළෙමි. මට ඥාන දර්ශනය
පහළ විය. අර්හත් ඵල නම් වූ චිත්ත සමාධිය, නැවත නොසෙල්වෙන පරිදි ස්ථිරව පිහිටියේ ය.
මේ අන්තිම උපත යි. දැන් මට පුනර්භවයක් නැතැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සේක.
සතුටු සිත් ඇති පස්වග භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන් වෙයි.
මෙම ධම්මචක්ක දේශනාව වදාළ කල්හි හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ යම් දෙයක් ඇද්ද.
හේතූන් නිරුද්ධවීමෙන් ඒ සියල්ලම නිරුද්ධ වී යන ස්වභාවයකින් යුක්ත ය. (යං කිංචි
සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං) යයි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ තෙරුන්ට පහවූ කෙලෙස් රජස්
ඇති (චිරවිං) පහවූ කෙලෙස් මල (වීත මලං) දහම් ඇස (ධම්ම චක්ඛුං) හෙවත් සෝවාන් මඟ නුවණ
පහළ විය.
දේවතා උද්ඝෝෂණය
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවැත් වූ කල්හි මහණකු විසින් හෝ බමුණෙකු
විසින් හෝ දෙවියකු විසින් හෝ මාරයකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයේ අන්
කිසිවකු විසින් හෝ (තමන් වහන්සේ හා සමාන ලෙස) නොපැවැත්විය හැකි මේ අනුත්තර ධර්ම
චක්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැයි
භූමිය ඇසුරු කළ (බූමාටු) දෙවියෝ පී‍්‍රති ඝෝෂා පුරස්සරව සාධු නාද දුන්හ. බූමාටු
දෙවියන්ගේ සාධු නාද අසා චාතුම්මහාරාජික දෙවියෝ ද පිළිවෙලින් අකනිට්ඨක බඹලොව තෙක්
දේව බ්‍රහ්මාදීහු සාධුනාද පැවැත්වූහ.
මෙසේ එකෙණෙහි, ඒ මොහොතෙහි බ්‍රහ්ම ලෝකය තෙක් සාධු නාද ශබ්දය උස්ව පැන නැග්ගේ ය. මේ
දස දහසක් ලෝක ධාතූන් කම්පනය විය. මහත් සේ කම්පනය විය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා
අප්‍රමාණ වූ උදාර වූ ආලෝකයක් ලොව පහළ විය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘පින්වත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් චතුරාර්ය සත්‍යය
අවබෝධ කරගත් යනුවෙන් (අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ) උදන් ඇනූ
සේක. මෙසේ එතැන් පටන් ආයුෂ්මන් කොණ්ඩඤ්ඤ ස්ථවිරයන් ‘අඤ්ඤා කොණ්ඩඤ්ඤ’ යන නම ඇති විය. |