ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ පොසොන් පුර අටවක පෝදා, 2021 ජුනි 18 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ අඩ්ඩාලචේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි දීඝවාපියට අම්පාර නගරයෙන් අක්කරෙයිපත්තු දක්වා දිවෙන මාර්ගයේ කි.මී. 6ක් පමණ ගමන් කළවිට හමුවන වරිපතන්චේන හන්දියෙන් හැරී කි.මී. 12ක් ගමන් කිරීමෙන් පිවිසිය හැකිය. නැගෙනහිර පළාතේ විශාලතම ස්තූපය හා විශාලත්වයෙන් ලංකාවේ හතරවැනි තැන ගන්නා ස්තූපය ලෙස සැලකෙන්නේ දීඝවාපී දාගැබයි. ඉපැරැණි රෝහණ රාජධානියට අයත්ව පැවැති දීඝවාපිය දිග් වූ වැව, දීඝවාපිය, දිගා වැව ලෙස ජනප්‍රවාදයේ එයි. වංශකතා සාධක ප්‍රමුඛ ලේඛනගත මූලාශ්‍ර සොයා යාමේදී දිගා වැව, දීඝවාපී මණ්ඩල, දීඝවාපිරට්ට, දිගාමඬුලු, දිගාවෑ, දිගාවෑ මඩල, දිගමඩුල්ල යන නාමයන් හඳුනාගත හැකිවේ. දීපවංශයට අනුව බුදුන් වහන්සේ තෙවැනි වර ලක්දිව කැලණි පුරවරයට වැඩම කරන ලද අවස්ථාවේ කැලණිය, සමන්තකූටය හා දිවා ගුහාව යන ස්ථානයන් හි සමවැදී පසුව දිගාවැවට වැඩම කළ බව සඳහන්වේ. මහාවංශයේ ඒ පිළිබඳව සඳහන් වන්නේ “සර්වඥ තෙම එතන්හි ධර්මදේශනා කොට අහසට නැඟී වැඩ සමන්කුළු මතුයෙහි පා සටහන් දැක්වූ සේක. සංඝයා සහිතවූ සේක් ඒ පර්වත පාදයෙහි සැප සේ දිවා විහරණය කොට දිගාවැවට වැඩිසේක. ලෝකස්වාමි තෙම සංඝයා සමඟ වූ සේක. එහි චෛත්‍ය ස්ථානයෙහි වැඩ හිඳ ස්ථානය ගෞරවයට පැමිණීම පිණිස සමාධියට සමවන්සේක.” සද්ධර්මාලංකාරයේ දැක්වෙන්නේ “සර්වඥයන් වහන්සේ භගවා ලෙන සිට.....රුහැණු ජනපදයට වැඩ දීඝනඛ චෛත්‍ය පිහිටවන්නා වූ ස්ථානයේ සපිරිවරින් සමාප්තියට සමවැද මොහොතක් වැඩහුන් සේක” යනුවෙනි.
ජූනි 17 බ්‍රහස් අ.භා 22.00 පුර අටවක ලබා 18 සිකුරා අ.භා 20.39 ගෙවේ සිකුරාදා සිල්
පුර අටවක
ජුනි 18
පසළොස්වක
ජුනි 24
අව අටවක
ජූලි 01
අමාවක
ජූලි 09
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]