ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වෙසක් පුර පසළොස්වක පෝදා, 2021 මැයි 26 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දකුණු දළදාව භාරතයෙන් වැඩිය තැන්පත් කෙරුව දාගැබ සෝමා වතිය පිහිටා තිබෙන අසබඩ මහවැලි නදිය බුදු රැස් විහිදෙමින් වෙයි පදෙසම එළිය
රුහුණු රටෙන් සු පැමිණි සෝමා දේවී අභය කුමරු සමගින් පිනටම පේවී මහා නාග වන තම සීයා සීවී ඉදිකළ දාගැබට දෙවියොත් එති පාවී
ආවත් සතුරු උවදුරු යුගයෙන් යුගය පෙන්වා දකුණු දළදා සමිඳුගෙ බලය රැකගෙන මහා ගස්වැල් සමඟින් කැලය අදටත් යෙහෙන් වැජඹෙති සෝමා වතිය
පර සතුරනට විපතක් කරනට බැරිව දාගැබ් වහන්සේ මහ කැලයක තනිව වැඩ වසනා අයුරු සංවේගෙන් දුටුව නාහිමි සුමංගල යති පිරිසක් කැටුව
වන මැද තිබෙන පුදබිම දවසෙන් දවස බුදුහිමි ජීවමානව වැඩ සිටි විලස මේලෙස දියුණු වේ අගටම යන රහස වෙන කිසිවක් නොවේ නාහිමි නගෙ පහස
මැදියම් රැයක පායා එන සුපුන් සඳ සෝමාවතිය පුදබිම තුළ සිටින සඳ මනරම් පෙරහරක නැඟෙනා මිහිරි නද තවමත් ඇසෙනවා රජකළ වයන ලද
මහබඹු ශ්‍රී විෂ්ණු දෙවිවරු වඩින තැනයි සිරිලක පුරා බුදු රැස් විහිදුවන බිමයි පින්බිම තුළ සිටින විට තුන් සිතම නිවයි නිවනට යන්න නුදුරු ම තැන මෙතැන තමයි
කෝලිත ජයවර්ධන අලුත්ගම
මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්
පසළොස්වක
මැයි 26
අව අටවක
ජුනි 02
අමාවක
ජුනි 09
පුර අටවක
ජුනි 17
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]