අංගුත්තර
නිකායෙන් 11:
ඒකක නිපාතය
සූත්‍ර අංක 46
අනාවිල චිත්ත සූත්‍රය
මහණෙනි, පිරිසුදු වූ, මනාව පැහැදිලි, නොකැළැඹුණු, මඩ නොවූ ජලය ඇති යම් දිය විලක් වේ
ද, ඇස් පෙනෙන පුරුෂයකු එහි ඉවුරෙහි සිට බලනුයේ, විලෙහි ඔබ මොඹ හැසිරෙන්නා වූ ද,
නැවැතී සිටින්නා වූ ද සිප්පි බෙල්ලන් ද, සක් බෙල්ලන් ද, කැට කැබිලිති මත්ස්‍ය
සමූහයා ද හොඳින් දක්නේ ය. ඊට හේතු කවරේ ද? ජලය පැහැදුනු බව ය.
මහණෙනි, එපරිද්දෙන් ම ඒකාන්තයෙන් යම් මහණෙක් පැහැදුනු ප්‍රසන්න සිතින් යුක්තව
ආත්මාර්ථය හෝ දැන ගන්නේ ය. පරාර්ථය හෝ දැන ගන්නේ ය. උභයාර්ථය හෝ දැන ගන්නේ ය.
මනුෂ්‍ය ධර්ම (පවින් වැළැකී පිනෙහි කුසලයෙහි හැසිරීම) හෝ දැන ගන්නේ ය. ඉන් මත්තෙහි
වූ ආර්ය භාවය (අර්හත්බව සැලසීමට) සිදුකර ගැනීමට සමත් වූ ඥාන දර්ශන විශේෂයක්
ප්‍රත්‍යක්ෂ කරන්නේ යැයි යන මේ කාරණය විද්‍යාමාන වේ. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහුගේ
සිත පැහැදුනු (පඤ්ච නීවරණරහිත) බවය.
අටුවාව - මෙහි ආත්මාර්ථය (අත්තථං) නම් තමාගේ මේ ජීවිතයෙහි (ඉහාත්මයෙහි) වූ ලෞකික
ලෝකෝත්තර මිශි‍්‍රත වූ හිතෛෂි වැඩ කටයුතු ය.
පරාර්ථය නම්, අනෙකා කෙරෙහි ද වූ හිත වැඩ ය.
උභයාර්ථය නම්, තමා සහ අනෙකාට යන දෙපසට ම හිත වැඩ ය. මනුෂ්‍ය ධර්ම නම් සියලු පවින්
වැළකී ම දස පුණ්‍ය, දස කුසල ධර්මයන්හි ක්‍රියා කාරීවීම ය. මනුෂ්‍ය ධර්ම මත්තෙහි වූ
ආර්ය භාවය නම් ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵලවලට නමෙකි.
ආර්ය භාවය සිදුකර ගැනීමට සමත් වූ ඥාන දර්ශන විශේෂය යනු ධර්මය දැනීම් අර්ථයෙන් ඤාණ
නමින් ද, ධර්මය දැකීම් අර්ථයෙන් දස්සන නමින් ද දක්වයි.
එනම්, ධම්ම චක්ඛු ඤාණය විපස්සනා ඤාණ, මග්ග ඤාණ, ඵලඤාණ පච්චවෙක්ඛන ඤාණ නම් වේ.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්රන්ථ පරිවර්තන
මණ්ඩලයේ ලේකම්
කේ.කේ.සුගතපාල |