ඛල්ලාටනාග රජු විසින් කරවන ලද
කුරුඳු රටේ කුරුන්දි රාජමහා විහාරය
ජගත් සුමතිපාල |
මුලතිව් නගරයේ සිට කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කිලෝමීටර් 13 ක් පමණ ගමන් කරන
විට හමුවන තන්නිමුරුප්පු රක්ෂිතය තුළ කුරුදුමලේ හා තන්නිමුරුප්පු වැව් දෙකට මැදිව
ඇති උස් භූමියක පිහිටා ඇති කුරුන්දි රාජමහා විහාරය වර්තමානයේ කතා බහට ලක්වෙන පූජනීය
ස්ථානයකි. ඒ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ඓතිහාසික ආගමික සිද්ධස්ථානයක් වන
නිසා ය.
1890 වර්ෂයේ දී පමණ බෙල් මහතා මෙම කුරුන්දි විහාර සංකීර්ණය සම්බන්ධ ව විස්තර වාර්තා
කර තිබෙනවා.ඊට පසු කාලයක දී රජය විසින් 1933 දී පමණ මෙහි අක්කර 78 ක පමණ භූමි
ප්‍රමාණයක කුරුන්දි විහාර සංකීර්ණය පැතිර පවතිනවා කියන කරුණ සඳහන් කරනු ලැබ
තිබෙනවා. එහෙත් එහි කිසිම ආකාරයක කැණීම් කටයුත්තක් සිදුව තිබුණේ නැහැ.
මෙම ස්ථානය ඛල්ලාට නාග රජතුමා විසින් ක්‍රි. ව. 101-103 අතර කාලයේ දී කරවන ලද්දක්
බව සඳහන් වෙනවා. කුරුන්දාවශෝක, කුරුන්දපාසක යන නාමයන්ගෙන් හඳුන්වන ලද්දේ ද කුරුන්දි
රාජමහා විහාරයයි..
1 වැනි අග්බෝ රජතුමා විසින් ක්‍රි. ව. 571 – 600 ත් අතර කාලයේ දී ත් 1 වැනි
විජයබාහු රජු විසින් 1055 – 1110 ත් අතර කාලයේ දී ත් විහාරය ප්‍රතිසංස්කරණය කරන ලද
බව ද සඳහන්.
මෙම සියලු මූලාශ්‍රයන්ගෙන් පැවසෙන්නේ අද වනගත ව පැවතිය ද මෙම විහාරය එකල බොදු
ජනතාවගේ වන්දනීයත්වයට පත් පුදබික් වශයෙන් පැවති බවයි. මෙම ප්‍රදේශය ආශි‍්‍රතව
අවුරුදු දහසක් පමණ ජනපදයක් ව දියුණුව පැවති බවත්, සිංහල බෞද්ධයන් විසූ බවත් සඳහන්
වෙනවා. ඒ වගේ ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් වැඩ සිටි බවට ද සාධක හමු වී ඇති
බව පැවසෙනවා.
කුරුඳුරට සහ පදී රට අතර ඉපැරණි සිංහල ජනාවාස රාශියක් පැවතී ඇති බවට ද පැවසෙනවා.
කුරුඳුරටේ කුරුන්දි විහාරය හා කුරුන්දි ගම්මානය, කුරුදුමලේ, කුරුන්ද, කුරුන්දුවේලි
ආදී නම්වලින් ද හඳුන්වා තිබෙනවා. කුරුඳු රට විශාල සශී‍්‍රක භූමියක් ද වේ. මුහුදු
ප්‍රදේශයෙන් පැමිණි විට ආසන්න ම නගරය ලෙසයි කුරුන්දිය හඳුන්වන්නේ.
සිංහල අට්ඨ කතා රචනා කරන ලද යුගයේ සිට ම කුරුන්දාගම හා එම විහාරය පැවත ඇතැයි සඳහන්.
සිංහල අටුවා සාහිත්‍යයට අනුව මෙම විහාරයේ දී ද එක් අටුවාවක් ලියැවී ඇති බව සඳහන්. ඒ
පාලි අට්ඨ කතා අතර කුරුන්දි අට්ඨකතාවයි. ඒ වගේ ම මෙහි වාසය කළ එක් තෙර නමක්
කුරුන්දකවාසී යනුවෙන් විශේෂ කොට සඳහන් කර ඇති බව පැවසෙනවා. මේ අනුව ද පෙනී යන්නේ
අවුරුදු දහසකට වැඩි කාලයක් විහාරස්ථානයක්, පුදබිමක් ලෙස පැවතුණු බවයි. ඉන් අනතුරුව
2වන පැරකුම්බා රජු විසින් 1236 – 1270 අතර කාලයේ දී විනාශ කරන ලද කාලිංඝ මාඝ ගේ එක්
බලකොටුවක් කුරුඳු වෙහෙර ආසන්නයේ පැවති බව ද ඉතිහාස විමර්ශනයෙන් පෙනී යනවා. මෙම
කාලයෙන් පසු මාඝ පරපුරේ තවත් පුරුකක් ජාවක චන්ද්‍රභානු ලංකාව ආක්‍රමණය කළ අතර ඔහුගේ
කඳවුරක් ද මෙහි පිහිටුවාගත් බවත් සඳහන්.
මෙම ආක්‍රමණවලින් පසු දුබල වූ මෙහි සිංහල ජනතාව විවිධ වසංගත රෝගයන්ට ගොදුරුවීමත්
සමඟ මෙම පළාත් අතහැර යෑම හේතුවෙන් ජනශුන්‍ය ප්‍රදේශයක් බවට ක්‍රමයෙන් පත්වන්නට
ඇතැයි සඳහන් වෙනවා.
ඒ වගේ ම මේ ආකාරයෙන් වල් බිහිවීමත් සමඟ පසුකාලීනව ලංකාවේ ඇති වූ තිස් වසරක
ත්‍රස්තවාදී යුද සමයේ මෙවැනි ස්ථාන ත්‍රස්ත බංකර බැඳ තිබූ බවට අදටත් සාක්ෂි ඇතැයි
පැවසෙනවා. ත්‍රස්වාදී අවසාන යුද්ධයෙන් පසුව 2018 නොවැම්බර් මාසයේ පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මෙහි කැණීම් කටයුතු ආරම්භ කිරීමට ගොස් තිබෙනවා. එම ආරම්භක අවස්ථාවට
ගල්ගමුවේ ශාන්තබෝධි ස්වාමීන් වහන්සේ ද වැඩම කළා. ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
කැණීම් කටයුතු ආරම්භ කිරීමේ දී පිරිත් සජ්ඣායනා කොට ආගමික වතාවත් සිදුකිරීමටයි.
ශාන්තබෝධි ස්වාමින් වහන්සේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් අතේ රැගෙන ගොස් ඇති බව
කියැවෙනවා. එම අවස්ථාවේ දී විහාරයක් සෑදීමට ගන්නා උත්සාහයක් යැයි පවසමින් එම
ප්‍රදේශයේ කණ්ඩායමක්, මෙම ස්ථානය ඔවුන්ගේ පූජනීය ස්ථානයක් යැයි පවසා ප්‍රශ්නයක් කර
ඇති බව කියැවෙනවා. එම අවස්ථාවේ දී ත් බෞද්ධයන් ඉතාමත් සංයමයෙන් ඉවසීමෙන් ක්‍රියා
කළා.
අවසානයේ මේ පිරිසගේ ක්‍රියා කලාපය නිසා මෙම පුද බිම රැක ගැනීමට උසාවිය දක්වා යෑමටයි
සිදුවුණේ. එම අවස්ථාවේ දී බෞද්ධ මහා සම්මේලනයේ සභාපති වශයෙන් මගෙන් ශාන්තිබෝධි
ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළා මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට මැදිහත්වන ලෙස.
අවසානයේ තීරණය වූයේ නැවත කැණීම් කටයුතු සිදු කිරීමටයි. එතැන දී අපි පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවෙන්, බුද්ධශාසන අමාත්‍යාංශය මෙන් ම අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කළා හැකි
ඉක්මනින් මෙහි කටයුතු ආරම්භ කරන ලෙස. අගමැතිතුමා ඒ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු
කළා. මෙහි කටයුතු ආරම්භ කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට යම් මූල්‍යමය
ප්‍රශ්නයක් ඇතිව තිබුණා. එතැන දී මම පෞද්ගලිකව ම මෙහි සම්පූර්ණ ම මූල්‍ය අනුග්‍රහය
දක්වන්නට ඉදිරිපත් වුණා.
ශ්‍රී ලංකාවේ ඓතිහාසික වටිනාකමකින් යුත් උරුමයක් වූ කුරුන්දි විහාරය යළි ස්ථාපනය
වීම පිළිබඳව අපට සතුටු විය හැකියි. අපේ ජාතික සම්පතක්, ඒ වගේ ම ලෝකයාට පෙන්විය
හැකි අපේ උරුමයක්, පුරාවස්තුවක්. නැවත ප්‍රතිසංස්කරණය කිරීමට, කැණීම් සිදුකිරීමත්
ලැබුණු භාග්‍යයක්. ඒ වගේ ම නඩුවකින් නිරාකරණය කරගෙන මෙතරම් ඉක්මනට ආරවුල් විසඳ
ගැනීමට ලැබීමත් සතුටක්.
කුරුන්දි විහාරය පිහිටා තිබෙන්නේ කඳු මුදුනක. දැනට එම කදු මුදුනේ මීටර් 100 – 120
ක් පමණ හතරැස් කොටුවක් වට බැම්මක් බැඳ වෙන්ව පවතිනවා. එහි ආරාම පද්ධතිය පිහිටා
තිබෙනවා. නටබුන් වූ ස්තූපයක්, පිළිමගේ, බෝධිඝරය සහ උපෝසථාගාරය යන සතර ස්ථානය ම
පිහිටා තිබෙනවා. ඒ වගේ ම ඊසාන දිශාවට වෙන්නට ස්තූපය පිහිටා තිබෙන අතර රමණීය ලෙස
සැලසුම් කළ සැලැස්මකට ගොඩනඟා තිබෙනවා.
මෙම ස්තූපය සුවිශේෂ වන්නේ කබොක් ගලින් ම පමණක් නිම වීම නිසයි. ඒ වගේම පේසා වළලු
මහල් තුනකින් පිහිටා තිබෙනවා. පහළ මාලයත් , වැලිමලුවත් වෙනම ම කොටුවක්, එයට නැඟීමට
පියගැට පෙළක් තිබෙනවා. බස්නාහිර දිසාවෙන් පිය ගැටපෙළ දෙකක්.
පියගැට පෙළ නැඟ බෝධීන් වහන්සේ වටා ගොස් නැගෙනහිර දිසාවේ ඇති එක ම මල් ආසනයට මල් තබා
වන්දනා කොට බටහිර දිසාවේ වන අනෙක් පියගැටපෙළින් පහළට බැසිය හැකි ආකාරයටයි ගොඩනඟා
ඇත්තේ. දැනට මෙහි මතුවෙලා තිබෙන ඇත්පවුරෙහිත් කබොක් ගලෙන් ම කැපූ හැඩතල තිබෙනවා. ඒ
හැඩ දෙස බැලූ විට ඉතාම ඉහළ මූර්ති ශිල්පයක් පැවති බව දක්නට ලැබෙනවා.
ඒ වගේ ම ඉතා ම රමණීය මීටර් තුන හමාරක් පමණ උස ස්තූපයක් ද වනවා. එතැනින් පහළට මේ වන
විට පියගැට පේළි, මුරගල්, පිළිමගෙය කැණීම් ද ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙනවා. එයටත්
මූල්‍යමය දායකත්වය දීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මුළු සංකීර්ණයට ම දායකත්වය
ලබා දෙනවා.
එතැනදීත් ඉතාමත් ලස්සන පිළිමගෙයක් තිබෙන බව දකින්න ලැබෙනවා. ඒ වගේ ම ඉතා චාම්
පැරැණි සඳකඩ පහනක් හමුවෙනවා. ඒ වගේ ම එදා පැවැති මූර්ති ශිල්ප සහ ගෘහ නිර්මාණ ශිල්ප
හැකියාව මැනවින් විදහාපානවා. ඒ වගේ ම අවුරුදු 2000කටත් ප්‍රථම අපේ රටේ තිබූ බවට
සාක්ෂි කරන කබොක් ගලින් කළ පළමු ස්තූපය මෙයයි.
මේ මාසයේ මෙහි කැණීම් කටයුතු අවසන් කර, එතැන් පටන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු
කිරීමත්, වෙසක් පෝය දින සිට ජනතාවට දකින්න, වැඳපුදා ගන්න පුළුවන් ආකාරයට මෙම
රාජමහා විහාරස්ථානය ගොඩනැඟීමටයි අප බලාපොරොත්තු වෙන්නේ. |