ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බක් පුර පසළොස්වක පෝය දින, 2021 අප්‍රේල් 26 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
එක් කුරුමිණියෙක් ගමනක් යන විට ගොම ගොඩක් දැක්කා. ඉන්පසුව තව කුරුමිණියෝ ගොඩක් එකතු කරගෙන මේ ගොම ගොඩේ මාළිගාවක් හැදුවා. සියලු කුරුමිණියෝ එකතු වෙලා ගොම ගොඩට මුලින්ම ආපු කුරුමිනියා මෙහි රජු බවට පත් කළා. රජු නිකන් ම රාජ මාළිගාවට නොඑන නිසා ඔහු පිළිගන්නට ආචාර පෙළපාලියක් පැවැත්වූවා. රජු බවට පත් වූ කුරුමිණියා මහත් උජාරුවෙන් ආචාර පෙළපාලිය පිළිගත්තා.
මේ අතර ගමනක් යන ඇතකු ගොම ගොඩට උඩින් අඩිය උස්සන් හිටියා. මේක දැකපු උඩඟු කුරුමිණි රජු කෑගහල ඇතාට මෙහෙම බැන්නා.
කුරුමිණියා - එම්බල හස්තිය, තමා දන්නේ නැද්ද මෙතෙන රජෙක් ඉන්නේ. රජුට නිසි ගෞරවය කරනු.
ඇතා - නොදැන කළ වරදට මට සමාවෙන්න.
සමාව ගත් ඇතා ගෞරව කිරීම, සඳහා ගොම ගොඩ උඩ දණ ගැහුවා. ඇතාගේ ගෞරවය නිසා ගොම ගොඩේ මාළිගාවේ කුරුමිණි රජු අනෙක් කුරුමිණියො වගේම රජ කුරුමිණියගේ රජකම විතරක් නොව, ජීවිතය ද විනාශ වුණා.
එන කල සතුන් හට සිරි සැපත මන කල කසපල තුළෙහි දිය ලොඳ මෙන් වෙයි විපුල යන කල එසිරි සමිපත් වැනසී සියල ගජගල ඇතුළ මදසුන් දිවුල පල තුළ
සිත් සතුටු කරවන සැප සම්පත් ඇති වන විට කුරුම්බා ගෙඩිය තුළ ඇති ජලය හා ලොඳ මෙන් මහත් වෙයි. ඒ යස ඉසුරු විනාශයට පත් වන විට ඇතා ගිලපු දිවුල් ගෙඩියේ මදය මෙන් නැතිව යයි.
සියඹලාගොඩ ධම්මින්ද හිමි
අප්‍රේල් 26 සඳුදා අපර භාග 12.44 පුර පසළොස්වක ලබා 27 අඟහරුවාදා පූර්ව භාග 09.01 ගෙවේ. සඳුදා සිල්.
පසළොස්වක
අප්‍රේල් 26
අව අටවක
මැයි 03
අමාවක
මැයි 10
පුර අටවක
මැයි 19
| PRINTABLE VIEW |
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]