ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ නවම් පුර පසළොස්වක පෝදා, 2021 පෙබරවාරි 26 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය පිණිස අරමුදල් රැස් කිරීමේ “දීඝවාපිය අරුණ” වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී ඇරඹිණ. දීඝවාපිය විහාරාධිපති මහඔය සෝභිත හිමියන්ගේ ඉල්ලීමකට අනුව, නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කාර්යය ලෙස දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සංරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිණ. ව්‍යාපෘතිය තෙවසරක දී අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් වැය නොකිරීම විශේෂත්වයකි. දෙස් විදෙස් අනුග්‍රාහකයන්ට ඊට මූල්‍ය මෙන්ම ශ්‍රම දායකත්වය දිය හැකිය.සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක අතිපූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර මෙම අවස්ථාවේදී ජනාධිපතිතුමාට සෙත් ප්‍රාර්ථනා කළහ.
පෙබරවාරි 26 සිකුරාදා අපරභාග 15.50 පසළොස්වක ලබා 27 සෙනසුරාදා අපරභාග 13.47 ගෙවේ. සිකුරාදා සිල්
පසළොස්වක
පෙබරවාරි 26
අව අටවක
මාර්තු 06
අමාවක
මාර්තු 12
පුර අටවක
මාර්තු 21
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]