රද්දොළුවේ අමරවංශ නා හිමිපාණන් වහන්සේ
ගම්පහ දිස්ත්‍රික්කයේ උතුරු අලුත්කූරු කෝරළයේ සීදූව රද්දොඵව ගම් පියසේ දැහැමෙන්
දිවි ගෙවු ප්‍රභූ පවුලක් වූ වතු පාලක කේ. විල්සන් රොවෙල් මහතා හා කේ. පුංචිනෝනා
මහත්මිය යන දම්පතීන් වෙත පුත් රුවනක් ලැබිණි.
1933 ජනවාරි මස 19 වැනිදා උපත ලද ඒ කුමරුවාට රෝලන්ඩ් රොවෙල් යන නම තැබිණි. රද්දොඵව
මෙතෝදිස්ත පාසලෙන් හා රද්දොඵව ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ
මේ කුල කුමරුවෝ වයස අවුරුදු 11 දී රද්දොළුව සුබෝධාරාම මහා විහාරාධිපති ව වැඩවිසූ
කොටුගොඩ ශ්‍රී ධම්මානන්ද මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1944 දී රද්දොළුවේ අමරවංශ නමින්
පැවිදි දිවියට ඇතුළත් වූහ.
නිසි වයස් සම්පූර්ණ වීමෙන් පසු අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍යාය, අතිපූජ්‍ය බේරුවල
සිරිනිවාස මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අධිශීල උපසම්පදාව ද
ලබාගත් උන්වහන්සේ විද්‍යෝදය විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයෙන් සමත් වී විද්‍යෝදය
විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදානම් වන අවස්ථාවේ දී තම ගුරු දේවයන් හා පැවිදි සහෝදර
රද්දොළුවේ අරියවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම නිසා ගුරු දේවයාණන් අතින් ඉටු වූ සියලු
ආගමික සහ සාමාජීය කටයුතු උන්වහන්සේ වෙත පැවරීම හේතුවෙන් අධ්‍යාපන කටයුතු අවසන්
කිරීමට සිදුවිය.
තම ගුරු දේවයාණන් අපවත්වීමෙන් පසු රද්දොළුව සුබෝධාරාම මහා විහාරය, රද්දොළුව
අභිනවාරාමය යන විහාරස්ථානවල උභය විහාරාධිපති ධූරයට අමරවංශ නාහිමියෝ පත්වූහ.
උන්වහන්සේ විහාරාධිපති ධූරයට පත්වීමෙන් පසුව විහාරස්ථානවල දහම් පාසල් ආරම්භ කර
ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් දැනුම දියුණු කිරීමටත්, විහාරස්ථානය කේන්ද්‍රකොටගත්
ළදරු පාසල ආරම්භ කිරීමටත් ක්‍රියා කළහ. රද්දොළුව ප්‍රාථමික විද්‍යාලය සඳහා ඊට අදාළ
භූමිය පරිත්‍යාග කිරීමටත්, ළදරු පාසල් ගොඩනැඟිල්ල සඳහා ප්‍රාදේශීය සභාවට එම භූමිය
ලබාදීමත් උන්වහන්සේ විසින් සිය උපන් ගම් ප්‍රදේශයට සිදුකරන ලද සුවිශේෂී කටයුත්තක්
විය.
තමන් වහන්සේ යටතේ පාලනය වන විහාරස්ථාන දෙකෙහි දියුණුවට විශාල සේවයක් අමරවංශ
නාහිමියන් අතින් සිදුවූ අතර, ප්‍රදේශයේ කිතුනු දේවස්ථානය සමඟ ද සමීපව කටයුතු කරමින්
ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මෙන්ම අන්‍ය භක්තිකයන්ගේ ද දහම් දැනුම හා ජන ජීවිතය නඟා
සිටුවීමට ක්‍රියාකරවීම ද උන්වහන්සේ අතින් සිදුවූ මහඟු සේවාවකි.
ප්‍රදේශයේ සියලු ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙමින් ශාසනික හා සමාජ සේවයක් ඉටුකිරීම
වෙනුවෙන් අමරපුර මහානිකායේ අමරපුර පාර්ශවයේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව විසින්
උන්වහන්සේට ගෞරවනාම සම්මුතියෙන් නායක පදවියක් ද ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභා සභික ධූරයක්
ද පිරිනැමීමට ක්‍රියා කළහ. 2016 ජූලි මාසයේ දී උන්වහන්සේට සම්මාන අනුනායක ධූරයක් ද
පිරිනැමුණි.
සිය ශාසනික මෙහෙවර ශ්‍රී ලංකාවට පමණක් සීමා නොකළ උන්වහන්සේ සිව් වතාවක් ඉන්දියාවට
ද, දෙවතාවක් ජර්මනියට ද, තායිලන්තය හා ප්‍රංශයට ද වැඩමකර සිය ධර්ම සේවාව ඉටුකරනු
ලැබූහ. උපන් බිමට දැඩි ලෙස ගෞරව දැක්වූ උන්වහන්සේ රටට ව්‍යසනයක් වූ සෑම අවස්ථාවකම
ධර්ම විජය තරුණ සංගමය සහ අන්‍යාගමික පූජක ප්‍රසාදීන් සමඟ එක්ව වීර්යයෙන් යුතුව
කටයුතු කළහ.
රද්දොළුවේ අමරවංශ යතීන්ද්‍රයාණෝ අමරපුර මහානිකායේ අමරපුර පාර්ශවයේ අනුනායක
රද්දොළුවේ විමලවංශ අනුනායක ස්වාමීන් වහනසේ සහ කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක
මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ගෞරව ශාස්ත්‍රවේදී
පණ්ඩිත සීදූවේ සුමනවංශ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන උගත් පැවිදි ශිෂ්‍ය පිරිසක් ද
ශාසනයට දායාද කොට ඇත.
කෙටි කලක් රෝගාතුරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ උන්වහන්සේ 2017 ජනවාරි
මස 29 වෙනි දින අපවත්වී වදාළහ. අපවත්වන විට උන්වහන්සේ 84 වන වියෙහි පසුවූහ.
අතිපූජ්‍ය කොටුගොඩ
ධම්මාවාස මහ නා හිමි
****
ශාස්ත්‍රපති කිඹුල්ලෑවේ රතනසාර හිමි
බදුල්ල දිස්ත්‍රික්කයේ, සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කිඹුල්ලෑව ග්‍රාමයේ
ගැමි ජනයාගේ ගෞරව බහුමානයට පාත්‍ර වූ සම්භාවනීය පවුලකට උරුමකම් කියමින් උපත ලද මේ
කුල කුමරු පැවිදි දිවියට බොහෝ ඇලුම් කළේ ය.
ඒ පැතුම ඉටුකරමින් මව්පියන් විසින් හාලිඇල ලුනුගල්ල ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන්
විහාරස්ථානයේ දී පැවිදි දිවියට ඇතුළත් කිරීමටත් පියවර ගනු ලැබූහ. එම පිරිවෙන තුළම
පිරිවෙන් අවසන් විභාගය දක්වා අධ්‍යාපනය ලැබීමට ද කිඹුල්ලෑවේ රතනසාර සාමණේර හිමියෝ
කටයුතු කළහ.
ඉන් අනතුරුව, හාලිඇල උඩුනුවර ශ්‍රී සුධර්මාවාස මහ පිරිවෙනට ඇතුළත් වූ රතනසාර හිමි,
අ.පො.ස උ/ පෙළ අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථක ලෙසින් නිමා කරමින් උසස් අධ්‍යාපනය
උදෙසා කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව ශාස්ත්‍රවේදී ගෞරව සාමාර්ථයක් ද ලබා ගත්හ.
ඒ හා සමඟම කුරුණෑගල, මැල්සිරිපුර මඩහාපොළ ජයන්ති පිරිවෙනේ ආචාර්ය ධූරයකට පත්ව ගුරු
සේවය අරඹමින් නොනැවතී එම පිරිවෙන් අධිපති ධූරයට ද පත්වීමේ වරම් ලැබූහ.
මේ අතර 2010 වර්ෂයේ අග භාගයේ දී
මාකොළ කළ්‍යාණි වංශිකාරාමය මහා විහාරස්ථානයේ වැඩ වාසය කිරීම උන්වහන්සේ ආරම්භ කළහ.
මාකොළ ප්‍රදේශයේ පුරෝගාමී කුල පරපුරක් වූ ලොකුපිටුම්පෙ අප්පුහාමිලාගේ විජයතුංග
පෙළපතේ සුපතළ ‘සුදුහාමිනේ’ උපාසිකා මාතාව සසුනට පූජා කළ සිය නිවහන ඇතුළු භූමිය පාදක
කොටගෙන අංග සම්පූර්ණ විහාරස්ථානයක් ගොඩ නැඟීමේ ‘අභියෝගය’ අප රතනසාර නාහිමිපාණන්ට
භාර කිරීමට මාකොළ කල්‍යාණි වංශිකාරාමාධිපති මෙන්ම, මාකොළ විජය තුංගාරාමාධිපති මාකොළ
රතනවංශ නාහිමිපාණන් කටයුතු කළේ මෙම පසුබිම තුළ ය.
‘මාකොළ විජයතුංගාරාම විහාරස්ථානය’ අවට බෞද්ධ ජනයා එක්රැස් කරමින් දායක සභාවක් ගොඩ
නැඟීමට පියවර ගත් රතනසාර හිමියන් තාවකාලික සංඝාවාසයක් ඉදිකරගෙන, විහාරස්ථානයට බෝධි
අංකුරයක් හා බෝධි ඝරයක් ඇතුළු අටවිසි බුද්ධ වන්දනාවට ඇවැසි නිර්මාණ සැකසීමටත්,
බෞද්ධ උපාසිකා මාතාවකගේ දායකත්වයෙන්
හිඳිපිළිම වහන්සේ නමක් වන්දනාමානය උදෙසා ස්ථාපිත කිරීමත් ඉතාමත් කෙටි කාලයක් තුළ
සිදු කිරීම ඇරඹූහ.
කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ශ්‍රී ලංකා විවෘත
විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, කැලණිය විශ්වවිද්‍යාලයීය
පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයෙන් බෞද්ධවේදී උපදේශන උපාධිය ලබා ගැනීමට
සමත් වූහ. හෙයියන්තුඩුව මහින්ද මහා විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබ එහිම නියෝජ්‍ය
විදුහල්පති ධූරයටද පත් වූහ. විහාරස්ථ දහම් පාසලේ කටයුතු වඩවඩාත් සාර්ථකව සිදු කළහ.
ධර්ම ශාලාව, දාන ශාලාව, සංඝාවාසය ස්ථිරව ගොඩනැඟීම උදෙසා ඇප කැප වූහ.
එම ශාසනික මෙහෙවර සිදු කෙරෙන අතරතුර වාර්ෂික කඨින පින්කම්, දහම් පාසල් දරු දැරියන්
පාදක කරගෙන අවුරුදු උළෙල ඇතුළු ජාතික ආගමික උත්සව පවත්වමින් ගම හා සබැඳි සමාජයීය
මෙහෙවරට ද නායකත්වය දීම සිදු කෙරේ. පළාතේ සුපතළ විචිත්‍ර භානක ස්වාමීන් වහන්සේ
නමකි.
විහාරස්ථානයටඅලංකාර
ඝණ්ඨාර කුළුණ, චෛත්‍ය ද, ගොඩනඟමින් ප්‍රදේශයේ බොදු ජනතාවගේ සියලුම ආගමික කටයුතු
ඉටුකර ගැනීමට හැකි පරිපූර්ණ විහාරස්ථානයක් ගොඩනැඟීමේ අභියෝගය ඉතා කෙටි කලකින් අතිශය
අලංකාරවත් අයුරින් ජය ගැනීමට අප නාහිමියන් සමත් වූයේ, සිය ශාසනික මෙහෙවර අඛණ්ඩව ම
පවත්වාගෙන යෑම උදෙසා සාමණේර හිමිවරුන් ද ශාසනයට එක්කර ගනිමිනි.
කලාශිල්පි මාකොළ බණ්ඩාර |