[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

පහන් සිතක කවි

සමනොළ ගිරිමුදුනෙ සිරිපා වඳින්න ට
ආගම් භේද දුරලා හැම දනන් හට
කාලය උදාවිය උඳුවප් පොහොය සිට
උඳුවප් පොහොය එනිසා වැදගත් අපට

****

රතන සුතුරෙ බල මහිමය

විශාල නුවරට තුන්බිය එන්නේ
බුදු හිමි මහ සඟරුවන වඩින්නේ
රතන සුතුර දෙසමින් වඩි මින්නේ
වසංගතය ඉන් දුරු වී යන්නේ

කොරෝනාව සිරිලකටයි එන්නේ
බුදු හිමි ගුණ කඳ පැතිරී යන්නේ
රතන සුතුර හැම තැනම දෙසන්නේ
කොරෝනාව ඉන් දුරු වී යන්නේ

****

කොරෝනාව දුරුවේවා

මුළු ලෝකෙම බිය ගන්වා
මරණය දායාද කරන
හිත් පිත් නැති කොරෝනාව
ලොව පුරාම රජ කරනවා

බියෙන් සැකෙන් පීඩිත වූ
සැලෙන හදවත් සනසා ලා
සහනය සැනසුම ලබන්න
කොරෝනාව දුරුවේවා

****

සිරිපා නමඳිමු

සැදෑහැ සිතින් හදවත් පුබුදාලා
බුදු ගුණ සුවඳ දස දෙස පතුරාලා
නව අරහාදි ගුණ මතු කරලා
සිරිපා නමඳිමු සිත් පුබුදාලා

පැතිරෙන අමා දම් සිසිලේ
පුදනෙමි මල් බුදු පාමුල සිතුසේ
කෙලෙසුන් නසා සිත් මල් පිබිදේ
සිරිපා නමිදිමි බුදු සමිඳේ

****

මෙවර ජයග්‍රාහී කවිය

කඨිනයේ අනුසස්

මේ මහ පොළොව කම්පා නොවෙනා සේම
පර්වතයක් සුළඟ නොසැලෙන සේම
දියමන්තියක් කිසිදා නොබිදෙන සේම
කඨිනය ආනිසංසය ඉහළයි බොහොම

සංසාරේ කළ පව් දුරු කර ගන්න
වස් තුන් මසම සිවු පසයෙන් සලකන්න
සතුටින් කඨිනයක් සඟසතු කරවන්න
එ පින් බලෙන් හැක පින් රැස් කර ගන්න

****

බුදුසරණ වාසනා

දහම් කරුණු ඇතුළත්කර සකසන මහ විස්තරේ
සති පතාම පොහොය දාට අපගෙ අතට ළං කෙරේ
මෙම වැදගත් සේවාවට සදා කල්හි පින් පිරේ
ලේක්හවුස් සමග දිලේ ‘බුදුසරණ’ය පත්තරේ

****

සුබ නව වසරක් වේවා

ඔබ සැම හට..
වේවා සිත් සතුට වැඩෙන
නව වසරක් වාසනා
තිසරණ සරණින් ලැබේවා
සුබ වසරක් වාසනා

ශීල සමාධි ප්‍රඥා ගුණ වඩනට වාසනා
දස කුසලෙන් කල් ගෙවනට සැම හට නිති වාසනා
නිදුක් නීරෝගි දීඝායු ලබනට නිති වාසනා

වාසනා වාසනා සැමහට නිති වාසනා
වේවා සිත් සතුට වැඩෙන පින් කරනට වාසනා
වේවා සිත් සතුට වැඩෙන නව වසරක් වාසනා

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස ඉල් පුර පසළොස්වක පෝදා සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.

  දුරුතු පුර පසළොස්වක 

ජනවාරි 28 බ්‍රහස්පතින්දා පූර්ව භාග 01.17 න් පසළොස්වක ලබා 29 සිකුරාදා පූර්ව භාග 00.46 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

First Quarterපුර අටවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]