හේතුව සහ
පලය
මහාචාර්ය
ඉත්තදෙමළියේ ඉන්දසර හිමි
තම කුඹුරෙහි අවුරුදු ගණනාවක් වැඩ කළ මහලු ගොවියෙක් වාසය කෙළේ ය. එක් දිනක් ඔහුගේ
අශ්වයා හදිසියේ පැන ගියේ ය. ඔහුගේ අසල්වාසීහු විසින් මෙම පුවත අසා ඔහු කෙරෙහි
කරුණාවෙන් ‘භයානක අවාසනාවක මහත‘ යනුවෙන් ඔවුන්ගේ ද කනගාටුව ගොවියා වෙත ප‍්‍රකාශ
කරන ලදී. මහලු ගොවියා ‘අපි බලමු‘ යනුවෙන් පමණක් කියා පිළිතුරු දුන්නේ ය.
පසු දින උදෑසන සියලුම දෙනා පුදුමයට පත් කරවමින් අශ්වයා තවත් කැලෑ අශ්වයින් තිදෙනෙකු
සමඟ ගොවියා වෙත පැමිණියේ ය.
‘ඒක කොපමණ පුදුමයක් ද?‘ අසල්වාසීහු කෑ ගසා උද්වේගයෙන් පැවසූහ. මහලු ගොවියා ‘අපි
බලමු‘ යනුවෙන් පිළිතුරු දුන්නේ ය.
පසු දින මහලු ගොවියාගේ එකම පුතු කැලෑ අසු පිට නැඟීමට උත්සාහ කෙළේ ය. කැලෑ අසු ඔහුව
බිම දමන ලදි. එයින් පුතුගේ කකුල කැඩුණි.
පසුව අසල්වාසීහු එහි පැමිණ ඔවුන්ට උදා වූ අවාසනාවන්ත තත්වය පිළිබඳ ඔවුන්ගේ කනගාටුව
ප‍්‍රකාශ කරන ලදී. මහලු ගොවියා ඔවුන්ට ආචාර සම්පන්න ව එවරද ‘අපි බලමු‘ යනුවෙන්
පමණක් පිළිතුරු දුන්නේ ය.
ඊළඟ දිනයේ යුද හමුදා නිලධාරීහු එම ගමට පැමිණියහ. ඔවුන් එලෙස එම ගමට පැමිණියේ
තරුණයන් යුද හමුදාවට බඳවා ගැනීමට සැලසුම් කිරීම පිණිස ය. ගෙයක් ගෙයක් පාසා යන ඔවුහු
මහලු ගොවියාගේ ගෙදරට ද පැමිණියහ. ගොවියාගේ පුතුගේ කකුල කැඩී තිබූ බැවින් ඔහු
හමුදාවට බඳවා නොගැනිණි.
අසල්වාසීහු ගොවියාගේ පිටට අතින් තට්ටු කරමින් ‘ඔබ හරි වාසනාවන්තයි නේද?‘ ඔබගේ පුතු
කකුල කැඩී සිටි බැවින් හමුදාවට බඳවා ගත්තේ නෑ නේද?‘ යනුවෙන් කීහ.
එහි දී ද මහලු ගොවියාගේ පිළිතුර වූයේ ‘අපි බලමු‘ යනුවෙන් පමණි‘
ආදර්ශය : කවර භාග්‍යයක් හෝ අභාග්‍යයක් උදා වුවද සම සිතින් ප‍්‍රතිචාර දැක්විය යුතු
ය. එය සැනසිල්ලට හේතුවෙයි. |