මනස රෝගී වන්නේ ඇයි?
මහාචාර්ය
සාගර කරුණාතිලක
මනස සිතිවිලිවලට පෙරටුව පවතී. මනස පුර්වාංගම වේ. මනස
ශ්‍රේෂ්ඨ වේ. කිසිවෙක් ප්‍රසන්න වූ මනසකින් යුතුව යමක් කියයි ද? කරයි ද එය තමා
අත්නොහැර එන සෙවණැල්ල මෙන් තමන් පසුපස පැමිණේ. බෞද්ධ සම්ප්‍රදාය තුළ පුද්ගල
මානසිකත්වයට ලබාදෙනුයේ ප්‍රමුඛ ස්ථානයකි. උසස්, දියුණු කරගත හැකි මනසක් පවතින නිසා
මනුෂ්‍යයා ලෙස හඳුන්වන බව ධර්මයේ දැක්වේ.
මේ මනස මුල් වී හැදෙන රෝග තත්ත්වයන් පිළිබඳ සමස්ත ලංකා දහම් සුවඳ පදනමේ
ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සාගර කරුණාතිලක මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් සැකසූ
ලිපියකි.
ලෝකයේ ඇති සෞන්දර්යාත්මක මෙන්ම ශ්‍රේෂ්ඨතම වස්තුව
මිනිස් මනස වේ.
මනස මුල් කරගෙන භෞතික ලෝකයේ තාක්ෂණික මෙවලම්, අහස උසට ගොඩනඟන ලද යෝධ ගොඩනැඟිලි ,
අභ්‍යවකාශ තරණය ආදී ක්‍රමෝපායන්, තාරකා විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයන් , පුරා
විද්‍යාඥයන් ආදී සමාජයේ අප දකින සෑම තලයක ම දියුණුව මිනිස් චින්තනයේ ප්‍රතිඵලයන් ය.
ඒ අනුව නිවැරැදි ව මනස මෙහෙයවීමෙන් දස්කම්, විස්කම්, හාස්කම් දැක්වීමට හැකි සේ ම,
මනස දුර්වල වූ විට මානසික ගැටලු, ප්‍රශ්නවලට මුහුණ දීමෙන් කායික මානසික රෝග ගණනාවක්
ඇතිවිය හැක. මනසේ තිබෙන ප්‍රබලත්වය, අධි මානසිකත්වය ලබාගැනීමේ හැකියාව පවතින බව
නොදන්නාකම, එසේ නැතහොත් අවිද්‍යාව නිසා මේ තත්ත්වයන් හට ගනී.
ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මුල්කරගනෙ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, පළිගැනීම වැනි
තත්ත්වයන් ඇතිවේ. එය උග්‍ර සර්ප විසටත් වඩා භයානක විය හැකි ය. මේ තුළින් ඇතැම් විට
විශාදය වැනි මානසික රෝගයන් ද ඇතිවේ. මේ අනුව මිනිස් මනසේ යම් ව්‍යාකූලතාවයන් ඇතිවී
මානසික ආබාධ හටගනී. මානසික රෝගයක් කායික රෝගයක් බවටත්, කායික රෝගයක් මානසික රෝගයක්
බවටත් පත්විය හැකි ය. ලෝක සෞඛ්‍යය සංවිධානය සඳහන් කරන පරිදි අනාගතයේදී සෑම
පුද්ගලයන් සතර දෙනෙකුගෙන් එක් අයෙක් මානසික සෞඛ්‍යය පිරිහුණුූ තත්ත්වයක පසුවිය හැකි
ය.
මානසික රෝග සඳහා බලපාන හේතු ගණනාවකි. ප්‍රවේණිය, ආහාර රටාව, ව්‍යායාම නොමැතිවීම,
පරිසර දූෂණය, මානසික ආතතිය, ස්නායු ආබාධ, හදිසි අනතුරු නිසා මොළයට හානි සිදුවීම ,
මත්ද්‍රව්‍ය භාවිතය, විවිධ සමාජ ගැටලු, බියට පත්වීම, සැකය, දින චර්යාව, විහරණය,
ඉවසීම නොමැතිවීම, විනය නොමැතිවීම, කරුණාව නොමැතිවීම, බලාපොරාත්තු කඩවීම, අභියෝගවලට
මුහුණදීමේ නොහැකියාව, අධ්‍යාපන අරමුණූ ඉටුනොවීම, ඇබ්බැහිවීම් ආදී විවිධ හේතු බලපෑ
හැක. මානසික රෝග සඳහා මීට දශක පහකට පමණ පෙර විධිමත් ප්‍රතිකාර නොතිබූ අතර,
බලිතොවිල්, යාතු කර්ම , සමඟ පාරම්පරික වෛද්‍ය කර්ම ද ප්‍රතිකාර ක්‍රම සඳහා යොදා
ගැනුණි.
මානසික රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිකාර ගණනාවකි. ශාරීරික හේතුන් මත ඇතිවන මානසික රෝග
සම්බන්ධයෙන් ශාරීරික ප්‍රතිකාර සිදුකරයි.
විදුලි කම්පන ප්‍රතිකාරය (E.C.T)
මනෝ ශල්‍යකර්ම
ඖෂධීය ප්‍රතිකාර ආදිය ඒ යටතට ගැනේ.
මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රමයන්ද ගණනාවකි
මනෝ ප්‍රතිකාරය –
සුළු මානසික රෝග සඳහා,
මනෝ විශ්ලේෂණය –
සිග්මන් ප්‍රොයිඩ් විසින් හඳුන්වා දී ඇත,
චර්යා ප්‍රතිකාරය –
හැසිරීමේ රටාව පාලනය, වෙනස් කිරීම,
ප්‍රජනන ප්‍රතිකාරය –
සිතන ආකාරය වෙනස් කිරීම,
ප්‍රජනන චර්යා ප්‍රතිකාරය හා
මෝහන චිකිත්සා ප්‍රතිකාරය යනුවෙනි
මෙහි දැක්වෙන මෝහන චිකිත්සා ප්‍රතිකාරයන් මගින් සුවකරගත හැකි රෝග තත්ත්වයන්
ගණනාවකි. මානසික පීඩනය හෙවත් ක්ලමථය, කාන්සාව, විශාදය හෙවත් මානසික අවපාතය, භීතිකා
රෝග, මනෝ කායික ආබාධ, අධික රුධිර පීඩනය, ඉරුවාරදය, ඇදුම, පිලිකා, ගොත ගැසීම, ආත්ම
ශක්තිය හීනවීම, ස්වයං අවතක්සේරුව, නින්ද නො යෑම, පුරුදු සහ ඇබ්බැහිවීම් සඳහා සාර්ථක
ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවිතයට ගැනේ.
වර්තමානයේ බහුලව දක්නට ලැබෙන විවිධ ඇබ්බැහිවීම් තුළින් මානසික ව්‍යාකූලතාවයන්
ඇතිවේ. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නැ කියලා කියමනක් අන්තර්ජාලය, පරිගණක ක්‍රීඩා,
සමාජ ජාල වෙබ් අඩවි ආදියට බොහෝ පිරිසක් නැඹුරුවී සිටී. අන්තර්ජාලය නරක දෙයක් නොවේ.
එය භාවිතයේ දී බොහොම පරිස්සම් විය යුතු ය.
ඔන්ලයින් අධ්‍යාපනය ආදිය තුළින් විශාල වැඩ කොටසක් කරගත හැක. නමුත් අනවශ්‍ය දේට
යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් ද අන්තර්ජාල පරිශීලනයේ දී පෙන්නුම් කෙරේ. එහි සීමාව දැන
ගෙන කටයුතු කළ යුතු ය. සීමාවෙන් එහාට ගිය පසු ඕනෑම දෙයක් ප්‍රශ්නයකි. සීමාවෙන් එහාට
නො ගොස් යම්කිසි පාලනයන් ඇති කරගත යුතු ය. මේ දේ ඇති කියා සිතීමෙන්, ජීවිතේ ඉතිරි
දේ වලට කාලය යොදා ගත යුතුය.
රාත්‍රී කාලයේ මිනිසාට නින්ද අවශ්‍ය දෙයකි. මිනිස් සිරුරේ හෝමෝනවල සක්‍රියතාවය
රාත්‍රියට වඩා වර්ධනය වේ. නිදිවරාගෙන ඒ දේවල්වලට යොමුවීමෙන් ශරීර සෞඛ්‍යය,
මානසිකත්වය, සම්පුර්ණයෙන්ම කඩා වැටේ. ප්‍රතිශක්තිය දුර්වල වේ. එවිට ප්‍රතිජීවක
භාවිතය පවා සිදුවේ. එම නිසා රාත්‍රිකාලයේ නින්දේ තිබෙන සුවය, සහනය නිශ්ඵල දෙයක්
තුළින්, තාවකාලික වින්දනයක් තුළින් නැතිකර ගත යුතු නොවේ.
බුද්ධ දේශනයට අනුව මෙවැනි ඇබ්බැහිවීම් අනුමත කෙරෙන්නේ නැත. විවිධ සංස්කාරයන්
ඇතිවන්න පටන් ගන්නවා. විඤ්ඤාණය තුළ ඒවා පිරී ඉතිරී ගොස් සිරවී ගබඩාවෙනවා. එවිට
නැවුම්, පිරිසුදු සිතිවිලිවලට අවස්ථාවක් නො වී අනවශ්‍ය දේ මිනිස් මනසේ පිරෙනවා. රෝග
හැදුණාට පසු ප්‍රතිකාර කරනවට වඩා, රෝග කාරකයෙක් නොවීමට වගබලාගත යුතු ය. හැම දෙයකම
හොඳ, නරක දෙපැත්තක් ඇත. සියල්ල සිදුවන්නේ හේතුඵල දහම අනුව ය. හේතුව නැතිකිරීමෙන්
ඵලය නැතිකර ගත හැක. එමනිසා සීමාව හඳුනා ගැනීමට තමාට හොඳ අධිෂ්ඨානයක්, ඍජු
ප්‍රතිපත්තියක් පැවතිය යුතු ය.
තමාට වන හානිය පිළිබඳ දැනීමක් හා ඊළඟ ක්‍රියාකාරිත්වයට සිහිය පිහිටුවා ගැනීම, ආත්ම
විශ්වාසයක්, ආත්ම අභිමානයක් පැවතීම තුළින් මෙකී ඇබ්බැහිවීම් නතර කරගත හැක.
සෑම මනුෂ්‍යයෙකු ම භව රෝගය නැතිකර ගන්නා තෙක් උන්මත්තක ස්වභාවයකින් පසුවේ. “සත්හට
වන බව දුකට වෙදාණන්” සත්ත්වයාගේ සංසාර භව දුකට වෛද්‍යවරයාණන් වූ බුදුපියාණන්
වහන්සේගේ දේශනයට අනුව “සබ්බේ පෘතග්ජනා උන්මත්තකා” සියලු පෘථග්ජනයන් උමතු වූවන් වේ.
මෙම පෘථග්ජන භාවයෙන් මිදෙන තෙක් රෝගීන් ලෙස සියල්ලන් සිටියි. එකී රෝගී තාවයන්ගෙන්
මිදීමට සෑම විටම සමබරතාවය, මධ්‍යම ප්‍රතිපදාව කියන දේ, නිවැරැදි දෘෂ්ඨිය, නිවැරැදි
සංකල්පය, නිවැරැදි ක්‍රියා, නිවැරැදි දිවි පැවැත්ම, නිවරැදි උත්සාහය, නිවරැදි
සිහිය, නිවරැදි සමාධිය ඇතිකර ගැනීම ඉතාම ප්‍රයෝජනවත් වේ.
රජෙකු වුණත්, රෝගියකු නම්, යාචක මට්ටමට පත්වේ. එම නිසා ‘ආරෝග්‍ය පරමා ලාභා’ යන
උතුම් බුද්ධ දේශනය නිතර සිහියේ තබාගෙන කායික, මානසික සුව, සහනය සඳහා ඔබේ සිත,
සිතුවිලි මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, ආදරයෙන් පුරවාගත යුතුය. එවිට ඔබේ මනස
නිදුක්, නිරෝගි වනු ඇත.
රවිශාන්ත කුමාර |