සිත
අසාර වූ මරු කතරේ මහ ගිරිකුළු පසුකර ගෙන
මඟතොට හරිහැටි නොදැනා ඇවිදින ගිජිදෙකු විලසින
ගෙවනා මේ සසර පුරා නිරතුරු කෙලෙසුන් වඩම්න
සසර පුරා පිහිනන්නේ නොපෙනෙන ගොඩබිම නොමදැන
සිතට කිසිම අරුතක් නෑ දුවමින් පනිමින් හැම තැන
සමීපයට ගන්නට බෑ රහසින් යනවා තැන තැන
කෙරුමට නම් කිසිවක් නෑ බලන් ඉන්නවා හැර වෙන
කවදා දැකුමට හැකිවෙ ද මේ සිත එක්තැන් වනදින
ගාල්ල කාලිංගවත්තේ
ජී. පියදාස
****
මෙවර ජයග්‍රාහී කවිය
තුති පුද
දහම් පඬුරින් පුදා
කවි කලාව නංවනා
කවියන් දිරිමත් කළා
දහම් හඬ ඔපවත් කළා
විමල ජෝති නා හිමි
වඳිමි බැති හද පාමිනි
සතර පෝයට වෙන්වෙනා
තිළිණ සතරක් බෙදනවා
ඔබට සමිඳුනි දහම් ආසිරි
මෙතින් තුති මල් පුබුදුවා
මිරිජ්ජවිල
සිරිදන්තනාරායන
****
පිහිට ලැබේවා
තෙරුවන් ගුණ දසතම පැතිරේවා
දළදා සමිඳුගෙ පිහිට ලැබේවා
ජයසිරි මහ බෝ පිහිට ලැබේවා
තුනුරුවනේ ආසිරි මට වේවා
ආගම දහමට හිත යොමු වේවා
මෙත් කරුණා ගුණ ලොව පැතිරේවා
ලෙඩ රෝ දුක් සැම දුරුවී යත්වා
ජය සිරි මහ බෝ පිහිට ලැබේවා
මහකන්දේ ධම්මරතන හිමි
ශ්‍රී සුදර්ශනාරාමය, මහකන්ද
****
සංඝරත්නය වඳිමි
රටවට බැඳි රන්වැට සේ සුරකින සම්බුදු සසුනේ
සැමහට දම් රසගෙන දී සුරකින මේ ලක් දෙරණේ
රන් සිවුරේ බල මහිමෙන් නිති රැකවරණය සැදුණේ
සාධු සාධු මම නමදිමි මහ සඟ රත්නය බැතිනේ
ලලිත් ජනක කුමාර
හිරිපිටිය, පන්නිපිටිය
****
අනියත
උදේ පිපුණ රෝස මලේ
උදේම මම දුටුවා නුඹේ රුව
කහ පාටට දිලිසි දිලිසි
වත පුරාම පිනි ඉහගෙන
ප්‍රබෝධයෙන්
හවස් වෙද්දි නිතැතින්ම
ඇස ගියා නුඹ වෙතට
පිනි වියැළිලා
ප්‍රබෝධය නැතිවෙලා
තත්පරයෙන් තත්පරයට
නුඹේ රුව වියැකිලා
සැම දෙයම අනියත බව
බුදු පියාණන් දෙසූ ඒ සත්‍ය
පුංචිවට ඉඳන් නුඹ
පෙන්නුවා ලෝකයට
ආර්.එම්. වයලට් රත්නායක
රනවන
****
සාමය
ඉසිකෝ මද මාන මනසින් දුරුවේවා
මෙත් මුදිතා ගුණ සුවඳින් ඉතිරේවා
ලක්බිම ගොඩ ගන්නට වෙර ඇතිවේවා
එකමුතු බව සාමය සමගිය ද රැකේවා
මෙත් කරුණා දිය හැම තැන ඉසිමු
සාමයේ මල් හැම හදකම පුබුදමු
දහම් මඟට නිරතුරුවම යොමු වෙමු
පිනැති ලොවක් හැම කල්හිම සදාගමු
ජයන්ත කුමාර මාරසිංහ
ශ්‍රී සුමනසාර දහම් පාසල
ඉළුක්තැන්න - සිරිමල්ගොඩ, බදුල්ල |