කවරයේ කතාව
භාග්‍යවතුන් වහන්සේ කොසැඹෑ නුවර ට වඩිනු පිණිස මහා භික්ෂු සංඝයා සහිත ව පිටත් වූ
සේක.එහි වඩිනා භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය නම් බමුණකු රහත් වීමට හේතු සම්පත් ඇති
බව දැක අතර මගදී කුරු රට කල්මාෂදම්‍ය නම් නිගමයට වැඩ පසුදා උදයෙහි පිඬු පිණිස වැඩම
කළ සේක. එහිදි පිඬු සිඟා වඩින බුදුරජාණන් වහන්සේ දුටු මාගන්දිය බමුණා මේ නම් තම දුව
ට සුදුසු රූප ලක්ෂණයෙන් යුත් පුරුෂයෙක් යැයි සිතුවේ ය.
එලෙස මෙම පුවත සැලකර සතුටු සිතින් තම දුව සරසවා සිය බිරියද කැටුව භාග්‍යවතුන්
වහන්සේ අභිමුවට පැමිණියහ.එසේ පැමිණ තම දියණිය බිරින් දෑ කොට ගත මැනවැයි දැන් වුයේ
ය.එවිට කාම සම්පත්තියෙහි තමන් වහන්සේ නො ඇලෙන බවත්, මළ මූත්‍ර පිරුණු මේ ශරීරය
ස්පර්ෂයටවත් නොකැමැති බවත් වදාළ සේක.
එය අසා තමන්ට අවමන් කළේ යැයි මාගන්දිය බමුණාගේ දියණිය බුදුරජාණන් වහන්සේ කෙරේ වෛර
බැඳගත්තා ය.
බුදුන් වහන්සේ එය නොසලකා ඇගේ මාපිය දෙදෙනාට දහම් දේශනා කලසේක.දේශනාව අවසානයේදී ඒ
දෙදෙනා අනාගාමි වූහ. මාගන්දිය බැමිණිය ඇගේ සුලු පියාට බාර කොට දී පැවිදි ව රහත් බව
ලැබුහ.
තරුණ මාගන්දිය දියණිය නොබෝ කලකින්ම ඇගේ රූපශ්‍රියෙහි ඇලුණු උදේනි රජු විසින් ගෙන්වා
අග මෙහෙසිය කරගන්නා ලදී.
ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේ මාගන්දිය බමුණු, බැමිණි දෙදෙනාට අනුග්‍රහ කොට කොසඹෑ
පුරයට වැඩම කරන්නට වූ සේක. උදේන රජුගේ භාර්‍යාව වී සිටිනා මාගන්දිය බිසව බුදුරජාණන්
වහන්සේ එහි වැඩි බව අසා නුවර සිටි නොහික්මුණු මැරවරයන්ට අල්ලස් දී බුදු
රජාණන්වහන්සේට නොයෙක් අපවාද නින්දා සහගත බැණුම් දෙඩුම් කළ හ.
ඒ දුටු ආනන්ද ස්ථවීර තෙර මේ නගරය හැර යම් හයි බුදුරජාණන් වහන්සේට සැළ කළේ ය.”ආනන්ද
තථාගතවරු ලාභ අලාභ අයස යස ආදි අෂ්ට ලෝක ධර්මයෙන් චංචල නොවෙත් යැයි ද මේ නින්දා
අපහාස කිරීම සතියකට වඩා නොපවත්නේ යැයි වදාරා බුදුරජාණන් වහන්සේ එහිම විසූ සේක.මෙම
සිදුවීම පාදකකොට ගනිමින් මෙවර බුදුසරණ කවරය සිතුවම් කොට ඇත. |