කොළොම්තොට මායිමේ පින්බර මහවෙහෙර
පාමංකඩ ශ්‍රී මහා විහාරය
මොරටුව විශ්ව විද්‍යාලයේ
කථිකාචාර්ය
විද්‍යාපති ඉංජිනේරු
දිමුතු පුන්සර කොළඹගේ
කොළඹ නගරයේ දකුණු මායිමක් වූ පාමංකඩ ඇළට සහ කොළඹ හොරණ මහා මාර්ගයට නුදුරින් දෙහිවල
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටි බ්‍රිතාන්‍ය පාලන අවධියේ ඉදි කරන ලද
පුදබිමක් ලෙස පාමංකඩ ශ්‍රී මහාවිහාරය හඳුන්වා දිය හැක.
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ මාතර හිත්තැටියේ රාජමහ විහාරාධිපති
ව වැඩවිසූ ඉන්දසර මාහිමියන්ගේ ශිෂ්‍ය, බෝධිමලුවේ පරිසුද්ධ නාහිමියන්ගේ ශිෂ්‍ය
හිමිනමක වූ පිලානේ ශ්‍රී බුද්ධරක්ඛිත නා හිමියන් සහ තත් ශිෂ්‍ය මලිගස්පේ මංගල
නාහිමියන් 1813 වර්ෂයේ දී වනගත ව පැවති කෝට්ටේ රාජමහා විහාරය නැවත සොයා ගනිමින්
අගනුවර බෞද්ධ පුනරුදයට කටයුතු සම්පාදනය කළහ.
මෙලෙස ශාසන සංග්‍රහයෙහි යෙදුණු පිලානේ නාහිමියන් වෙත පාමංකඩ දායක පිරිසක් විසින්
පූජා කළ ඉඩමෙහි වල්පොළ හිමි නම් හිමි නමක වස් වසමින් පරම රමණීයාරාමය ලෙස නම් තැබූහ.
වරින්වර කෝට්ටේ රාජමහ විහාරයේ හිමිවරුන් මෙහි වස් වසමින් ආගමික කටයුතු සිදු කළ අතර,
පාමංකඩ අන්දිරිස් පීරිස් වෙත්තසිංහ අප්පුහාමි ඇතුළු දායක පිරිසගේ ඇරයුම පරිදි
මලිගස්පේ මංගල නාහිමියන්ගේ පස්වැනි ශිෂ්‍ය වූ බද්දේගම සරණංකර හිමියන් පාමංකඩ
පරමරමණී යාරාමයේ විහාරාධිපතීත්වයට පත්ව ස්වර්ණමය යුගයක් උදා කළහ.
බද්දේගම සරණංකර මාහිමියන් වහන්සේ බෝධිමලුවේ පරිසුද්ධ නාහිමියන්ගේ හා පිලානේ ශ්‍රී
බුද්ධරක්ඛිත නාහිමියන්ගේ තවත් ශිෂ්‍ය හිමිනමක වූ පිලානේ ශ්‍රී මහාවිහාරාධිපති
මැලෑගොඩ සිරිනිවාස නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් පැවිදි බව ලබා මලිගස්පේ මංගල
නාහිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබූ අතර තත්කාලීන
ලංකාවේ සුවිශේෂී උගත් හිමිනමක ලෙස සම්භාවනාවට පත් වූහ.
ලක්දිව සිද්ධස්ථාන වන්දනාවේ පැමිණි බුරුම ජාතික ජාගර මාහිමියන් සහ එරට රජයේ
ඇමතිවරයකු ඇතුළු දූත පිරිසක් ශ්‍රී දළදා මාලිගාවේ දී ලංකාවේ අග්‍රගණ්‍ය පඬිවරයා
හික්කඩුවේ සුමංගල හිමියන් නොවේදැයි විමසූ විට ශ්‍රී සුමංගල නාහිමියන් පිළිතුරු ලබා
දී ඇත්තේ ලක්දිව ප්‍රමුඛතම උගතුන් දෙනම වන්නේ පාමංකඩ විහාරයේ බද්දේගම සරණංකර
මාහිමියන් සහ බෙල්ලන්විල බෝධිසමීපාරාමයේ උඩුගම්පොළ රතනපාල මාහිමියන් බවයි.
පාරුපන වාදයේ දී විද්‍යාලංකාර ගුරුකුලය සමඟ ඒකාංස පාරුපන වාද පිළ නියෝජනය කරමින් ද,
ස්වකීය ආචාර්යයන් වහන්සේ වූ මලිගස්පේ මංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් 1856 වර්ෂයේ දී
ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව ආරම්භ කළ අවස්ථාවේ දී එහි
කර්මවාගාචාර්යයන් වහන්සේ නමක ලෙසින් ද, 1894 වර්ෂයේ දී කෝට්ටේ රාජමහා විහාරයේ
උපසම්පදා කටයුතු ආරම්භ කිරීමේ දී බෙන්තර වනවාස විහාර පාර්ශ්වයේ උපාධ්‍යායයන් වහන්සේ
ලෙස ද බද්දේගම සරණංකර මාහිමියන් වහන්සේ කටයුතු කළහ.
විහාරාධිපති අග්ගමහා පණ්ඩිත
වල්පොළ පියනන්ද නාහිමි |
විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍යය, ධර්ම ශාලාව, සීමාමාලකය ආදිය තනවා මහාවිහාරය ලෙස නම්
කරන ලදි.
වර්ෂ 1899 දී බද්දේගම සරණංකර මාහිමියන්ගෙන් පසු මඩවල සුනන්ද හිමි, වැල්ලම්පිටියේ
සීලානන්ද හිමි සහ කෝදාගොඩ පඤ්ඤානන්ද අනුනාහිමි විහාරාධිපති ධූරය හෙබවූහ. කෝට්ටේ සංඝ
සභාවෙහි අනුනායක පදවියක් හෙබ වූ කෝදාගොඩ නාහිමියන් විහාරාධිපති පදවිය දරන කාලයේ
විහාරස්ථානය ශ්‍රී මහාවිහාරය ලෙසින් නම් කොට විහාරස්ථානයේ සුවිශේෂතම නිර්මාණයක් වන
පෞරාණික ධාතු මන්දිරය තනවන ලදි.
ඉන්පසු 1931 වර්ෂයේ දී කෝඹල මේධානන්ද මා හිමියන් සහ
1974 වර්ෂයේ දී හව්පේ සෝමානන්ද නා හිමියන් විහාරාධිපති පදවියට පත්ව ඒ ඒ යුගයන්හි
සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සහ නවකම් කරමින් සුවිශාල මෙහෙවරක් සිදු කළහ. වර්ෂ 1918
සිට 1972 වර්ෂය දක්වා අඩසිය වසකට වැඩි කාලයක් වාර්ෂික සති පිරිත් දේශනා පින්කමක්
මෙහි පවත්වා ඇත.
පාමංකඩ ශ්‍රී මහාවිහාරයෙහි වැඩසිටි සුවිශේෂී යතිවරයන් වහන්සේ මහාචාර්ය කොටගම
වාචිස්සර මාහිමියන් වහන්සේ ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ
ධර්මාචාර්ය සහ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ බුද්ධ ධර්මය මහාචාර්ය පදවිය හොබවමින් රටේ
ජාතික, සාමාජයීය කර්තව්‍යයන්හි පෙරමුණ ගනිමින් ක්‍රියා කොට හදිසියේ අපවත්වීම එවක
සමාජයේ සුවිශාල ආන්දෝලනයක් ඇති කරවීමට සමත් විය.
හව්පේ ශ්‍රී සෝමානන්ද නාහිමියන් අපවත් වීමෙන් පසු 2019 වර්ෂයේ සිට ඇමෙරිකාවේ
ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නා හිමියෝ පාමංකඩ ශ්‍රී
මහාවිහාරාධිපති පදවිය හොබවති.
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්ම විජය බෞද්ධ විහාරය කේන්ද්‍ර කොට ගනිමින්
විහාරාධිපති නා හිමිපාණන් වහන්සේ ජාතික හා ජාත්‍යන්තර තලයේ ධර්ම ප්‍රචාරක කටයුතු
සිදු කරති. මීරිගම නාලන්දා පිරුවනෙහි ආචාර්ය පිලානේ මහින්ද මා හිමියන්ගේ ද මඟ
පෙන්වීම් අනුව මාලිගාකන්ද විද්‍යොදය පිරුවනේ ආචාර්ය, කොළඹ විශ්වවිද්‍යලයේ ආරාධිත
කථිකාචාර්ය වල්පොළ සිරි පියරතන හිමියන් විහාරාධිකාරී වශයෙන් කටයුතු කරයි.
පාමංකඩ ශ්‍රී මහාවිහාරය මෙරට ශාසන වංශ කතාවේ සුවිශේෂී නාමයක් සනිටුහන් කරන්නේ එම
විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ආරම්භ වූ සංඝ පරපුර නිසාවෙනි.
කළුබෝවිල සුනන්දාරාමය, රිලාවල සුසීමාරාමය, නාරාහේන්පිට අභයාරාමය, බලපොකුණ පුරාණ
විහාරය, රාජගිරියේ සුධර්මාරාමය, කිරුලපන පූර්වාරාමය, බටුවිට ජයසේකරාරාමය ආදී
විහාරස්ථාන පාමංකඩ ශ්‍රී මහාවිහාරය ඇසුරින් බිහි වූවා සේ ම එම එක් එක් විහාරස්ථානය
ඇසුරින් බිහි වූ විහාරස්ථාන ද බොහෝ වෙති.
පාමංකඩ බුද්ධසීහ හිමි, රද්දැල්ලේ පඤ්ඤාලෝක අනුනාහිමි, වතවන ධම්මාරාම හිමි, හල්පේ
නන්දාරාම හිමි, පත්බේරියේ විමලඤාණ නාහිමි, වතවන සිරිසුමන නා හිමි, කණවරැල්ලේ කස්සප
හිමි, උඩගම සිද්ධත්ථ නා හිමි, මෑතගම සෝභිත නා හිමි, වල්හපුතැන්නේ නන්දසුමන හිමි
ඇතුළු සම්භාවනීය යතිවරයාණන් වහන්සේලා පාමංකඩ සඟ පරපුරට අයත් වෙති.
සියම් නිකායේ පහතරට උපසම්පදා පිහිටුවීමේ අවස්ථාවෙහි සිට පාමංකඩ ශ්‍රී මහාවිහාර සඟ
පරපුරෙන් සිදු වූ මෙහෙවරට උපහාර පිණිස වර්ෂ 1934 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි
සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාව විසින් පාමංකඩ ශ්‍රී මහා විහාර ගණේ නායක පදවිය නමින්
නායක පදවියක් සම්මත කරන ලදි.පරාධීන යුගයේ, අගනුවර බෞද්ධ ප්‍රබෝධය ඇති කරවීම පිණිස සුවිශේෂී දායකත්වයක් ලබා දුන්
මහානීය පුදබිමක් ලෙස පාමංකඩ ශ්‍රී මහාවිහාරය සම්භාවනාවට පත් වෙයි. |