[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙනටත් බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර

සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ


මාතර මිගදාය සිරි රතනපාල පිරිවෙන

මාතර මහා මන්තින්ද පිරිවෙනේ ශිෂ්‍ය සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවති නිසා තම ඥාති සහෝදර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති ව වැඩ විසූ කඹුරුපිටියේ ධර්මකීර්ති ශ්‍රී බෝධිගුප්ත නාහිමිපාණන් සමඟ සාකච්ඡා කොට එතුමිය මිගදාය වලව්ව මහා මන්තින්ද පිරුවනෙහි මූලික පන්ති පවත්වාගෙන යාමට පූජා කිරීමට කල්පනා කළා ය.

ඓතිහාසික මාතර නගරයේ කොටුව ප්‍රදේශයේ ධර්මාරාම මාවත දක්වා විහිදුණු ප්‍රෞඪ පෙනුමක් ඇති සුවිසල් දෙමහල් ධර්ම මන්දිරය මිගදාය නමින් ප්‍රකට විය. දෙනියාය පල්ලේගම නැන්සි හෙන්රියේටා ඩයස් රත්නායක මැතිණිය හා ටී.සී.ඩී අබේගුණවර්ධන මිනින්දෝරු මහතා යන දෙපළගේ වාසභූමිය වූ මෙම මිගදාය වලව්ව නිතර මහා සංඝරත්නයට විවෘත තැනක් විය.

සිය ස්වාමිපුරුෂයාගේ වියෝගයෙන් පසු ආගමට වඩාත් නැඹුරු වූ එතුමිය මහා සංඝරත්නයේ අවවාද නිතර පිළිපැදී ය. මාතර මහා මන්තින්ද පිරිවෙනේ ශිෂ්‍ය සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පැවති නිසා තම ඥාති සහෝදර මහා මන්තින්ද පිරිවෙන් විහාරාධිපති ව වැඩ විසූ කඹුරුපිටියේ ධර්මකීර්ති ශ්‍රී බෝධිගුප්ත නාහිමිපාණන් සමග සාකච්ඡා කොට එතුමිය මිගදාය වලව්ව මහා මන්තින්ද පිරුවනෙහි මූලික පන්ති පවත්වාගෙන යාමට පූජා කිරීමට කල්පනා කළා ය. ඒ අනුව මහා මන්තින්ද පිරිවෙන වෙනුවෙන් නීතිගත මහා මන්තින්ද විද්‍යාරක්ෂක දායක සභාවට මිගදායේ නීත්‍යානුකූල අයිතිය පවරා සාංඝිකව පූජා කළාය.

එම කාල වකවානුව වන විට මහා මන්තින්ද මූලික පිරිවෙන් නමින් නව පිරිවෙනක් ආරම්භ කිරීමට කටයුතු සිදු කළ ද, පැවැති නීති රීති අනුව මහා මන්තින්ද නමින් තවත් පිරිවෙනක් ආරම්භ කිරීමට නොහැකියාව නිසාවෙන් මහා මන්තින්ද පිරිවෙනේ ආදි කර්තෘ වාදීභසිංහ බැදිගම ශ්‍රී රතනපාල නාහිමියන් අනුස්මරණය කරනු පිණිස බැදිගම රතනපාල මූලික පිරිවෙන නමින් එක්දහස් නමසිය අසූ එකේ ජුනි මස තුන්වන දින ගිරුවාපත්තුව ඇතුළු ගාල්ල මාතර දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී කඹුරුපිටියේ බෝධිගුප්ත නාහිමිපාණන් විසින් ප්‍රථම ශිෂ්‍ය සාමණේර නමට අකුරු කියවා පිරිවෙන ආරම්භ කරන ලදී.

පිරුවන ආරම්භයේදී නිල වශයෙන් පරිවේණාධිපති ධූරයට නාවල පේමසිරි හිමියන් පත් වූ අතර කඹුරුපිටියේ ශ්‍රී බෝධිගුප්ත නාහිමියන් සහ ශිෂ්‍ය, බඹරැන්දේ ධම්මතිලක හිමි මිගදායේ රැඳී සිටිමින් එහි අභිවෘද්ධිය පිණිස කටයුතු කළේය. නාවල පේමසිරි හිමිගේ විශ්‍රාම යෑමෙන් පරිවේණාධිපති ධුරයට පත්වූයේ තලහගම ඥානරතන හිමියන් ය. උන්වහන්සේ මහාමන්තින්ද පිරිවෙනේ ආචාර්යයන් වහන්සේ නමක් ලෙස සේවය කරමින් ස්ථාන මාරුවක් ලබා මිගදාය සිරි රතනපාල පිරිවෙනෙහි වැඩ බාර ගත්හ.

මාතර මහා මන්තින්ද පරිවේණාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමියන්ගේ යුගයේදී පිරුවන සුවිශාල දියුණුවක් අත්කර ගන්නා ලදි. පිරිවෙන 5 ශ්‍රේණිය දක්වා කටයුතු ඉගැන්වීම් කෙරෙද්දී එවකට අධ්‍යාපන ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් පැවත්වුණි. මිගදාය උපාධි පීඨය නමින් බාහිර උපාධි පීඨයක් ද ආරම්භ කෙරුණු අතර පසුකලෙක 2004 සිදු වූ සුනාමි තත්වයෙන් බොහෝ ගොඩනැගිලි විනාශ විය.

1997 තලහගම ඥානරතන හිමියන් විශ්‍රාම ගිය හෙයින් බඹරැන්දේ ධම්මතිලක හිමියෝ පරිවේණාධිපති ලෙස වැඩ බැලූහ. ඉන්පසු මහා මන්තින්ද පිරිවෙන් ආදිශිෂ්‍ය අධ්‍යාපනවේදි අත්තුඩාවේ හේමරතන හිමියන් එම තනතුරට පත්විය. 2011.01.01 රතනපාල මහ පිරිවෙන නමින් මහා පිරිවෙනක් ලෙස උසස් කර 2013 වසරේ ප්‍රථම ප්‍රාචීන පණ්ඩිත උපාධිධාරීන් බිහි කරවීමට සමත් විය.

වත්මන් මන්තින්ද පරිවේණාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමියන්ගේ ආශිර්වාදයෙන් පරිවේණාධිපති හිමියන් ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේත් ශිෂ්‍ය පිරිසගේත් කැපවීමෙන් අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලියේ අඛණ්ඩ ව ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් වාර්ෂිකව ලබා ගන්නා දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාරිවේණික විද්‍යාස්ථානයක් ලෙස මිගදාය සිරි රතනපාල පිරිවෙන හඳුන්වා දිය හැකි ය.

  ඉල්
අව අටවක 

දෙසැම්බර් 07 සඳුදා අ.භා 06.47 න් අව අටවක ලබා 08 අඟහරුවාදා අ.භා 05.17 න් ගෙවේ.

අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

Full Moonඅමාවක

දෙසැම්බර් 14

First Quarterපුර අටවක

දෙසැම්බර් 21

Full Moonපසළොස්වක

දෙසැම්බර් 29

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]