දුටුගැමුණු
මහ රජතුමා
15:
පිය රජුගේ කතාවෙන් කෝපයටපත්
ගැමුණු කුමරු පිටව යයි
රාත්‍රී නවය වන විට සියලු දෙනාම සභා ශාලාවේ රාජකීය අමුත්තන්ගේ කුටියට එක් රැස් වුහ.
දසමහා යෝධයන් , සෙනෙවිවරු සහ සේනා සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාත් කැඳවා තිබෙනු දැක
පුදුමයට පත් වුහ. පෙර දැනුම් දීමකින් තොරව මේ හදිසි කැඳවීම කුමක් නිසාද? යුද්ධය
ආරම්භ කරන බව දැනුම් දීමටද? නන්දිමිත්‍රගේ සේනා සංවිධානයේ වාර්තාවේ කරුණු ඉදිරිපත්
කිරීමට ද ?
නොයෙක් ආකාර සිතිවිලි අතර පසු වූ ගැමුණු කුමාරයා සෙනෙවිවරු දෙස බැලුහ. ඔවුහු ද
වික්ෂිප්තභාවයෙන් සිටිනු දැකිය හැකි විය. කාවන්තිස්ස රජු හා විහාර මහා දේවිය පැමිණ
රාජ සභාවේ අසුන් ගත්හ. කවුරුත් තම අසුන්වලින් නැගිට ගෞරව දැක්වුහ. රජුගේ අණින්
සියල්ලෝ ම හිඳ ගත්හ. නන්දිමිත්‍ර නැගී සිටියේ ය.
“මහරජතුමනි, මේ හදිසි රැස්වීම කැඳවන්නට හේතුවුණේ දීඝාභය කුමරුගේ පැමිණීම නිසයි. මගේ
සතුරු සේනා පිළිබඳ විස්තර, යුද්ධාරම්භ කිරීමේ වාර්තා මා ඉදිරිපත් කළේ දීඝාභය
කුමාරයාගේ අවසරයකින් තොරවයි.” දීඝාභය කුමාරයා රජතුමාට ඉදිරිපත් කර ඇති සැලැස්ම අනුව
මගේ යෝජනා කිහිපයක් වෙනස් කරන්නට සිදුවන බව මා මහරජතුමාට පැවසුවා.
“රණවිරුවන්ගේ යුධ ශක්ති සංදර්ශනය, සේනා වාහන පරික්ෂාව, ආධුනික භටයන් පුහුණු කිරීම
ඉදිරි මාසය ඇතුළත සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඉන්පසුව යුද්ධය ආරම්භ කිරීමටත් මා
යෝජනා කරනවා. ගැමුණු කුමාරයාගේ අදහස් ගැන මා මෙහිදී විශේෂ අවධානයක් යොමු කරනවා.
මුළු සභාවේ ම අනුමැතිය ඒ සඳහා ලැබෙන බව හැඟී ගිය ද කාවන්තිස්ස රජතුමාගේ හිස
සැලීමෙන් පෙනී ගියේ එම තීරණයේ යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය බවයි.
“නන්දිමිත්‍රගේ වාර්තාවට මම එකඟයි. එහෙත් යුද්ධය හය මාසයක් ඇතුළත ආරම්භ කළ හැකි
දැයි නැවතත් හොඳීන් සිතා බැලිය යුතුයි. ඒ සඳහා අපේ සම්පත් ප්‍රමාණවත් ද? යුද සේනාංක
සංඛ්‍යාව ගැන සතුටු විය හැකි ද ? යුද්ධායුධ ප්‍රමාණවත් ද ? ආහාර පාන ඇති තරම් ගබඩා
කර තියෙනව ද? දෙලක්ෂ පනස් දහසකට අවුරුදු දෙකකට ප්‍රමාණවත් ආහාර ගබඩා කළ යුතු බව මගේ
අදහස වුවත් ඒ ඉලක්කය සම්පුර්ණ වී ඇති බවක් මට තවම වාර්තා වී නැහැ. ආහාර නිෂ්පාදනය,
ගබඩා කිරිම, බෙදා හැරීම ගැන සාර්ථක වැඩපිළිවෙළක් ඉක්මනින් සැකසිය යුතුයි”.
“යුධ සේනා ඉදිරියට ගමන් කිරීමේ දී දවසින් දවස කඳවුරු බැඳ ගන්න ස්ථාන, ඒ ඒ ස්ථානවල
ආරක්ෂක තත්වය, නවාතැන් පහසුකම් , ආහාර සහ ජල සැපයුම ආදිය ගැන සොයා බලා තියෙනවාද? ඒ
වගේම ඒ වාදක කණ්ඩායම් ඇත්, අස්, රිය, පාබල චතුරංගනී සේනාව ගැන සිතාබලා තිබෙනවාද? ඒ
ඒ ප්‍රදේශවල ජනතාව දනුවත් කිරීමට මහා සංඝ රත්නය ප්‍රමුඛ පිරිසක් සුදානම් කර තැබිය
යුතුයි. “
“මේ සියලු කටයුතු හය මාසයකින් සම්පුර්ණ කර ගත හැකිවේයැයි සිතන්නට අපහසුයි. අප
යුද්ධය ආරම්භ කරන්නේ පරාජය වීමට නොවෙයි. ජයග්‍රහණය ලැබීමටයි. එළාර රජු විසින් විශාල
බල හමුදාවක් ගෙන්වාගෙන අනුරාධපුරයත්, විජිතපුරයත් අතර බලකොටු දෙකක් ඉදිකරලා. මෙය
එතරම් හොඳ තත්වයක් නොවෙයි. “
රජතුමා වක්‍රාකාරයෙන් මේ පවසන්නට යන්නේ යුද්ධය තවත් අවුරුදු ගණනකින් කල් දැමීමට බව
හැඟී ගිය ගැමුණු කුමාරයා තුළ ඇතිවුයේ ඉහවහා ගිය කෝපයකි. ඇති වූ ආවේගශීලි බව යටපත්
කරගැනීමට අපහසු වූ කුමාරයා අසුනෙන් නැඟිට හීයක වේගයෙන් සභා ශාලාවෙන් පිටව ගියේ ය.
කිසිවකුත් නොසිතු මේ සිදුවීමෙන් සභා ශාලාවේ සිටි සැවොම තුෂ්නිම්භූත වුහ. විහාරමහා
දේවියගේ සිත තුළද ඇති වුයේ කනගාටුවකි. සුරනිමල, වේළුසුමන ප්‍රමුඛ සෙනෙවිවරුන් තුළ
ඇතිවූයේ කෝපය මුසු කළකිරීමකි.
රජතුමා මේ සුදානම් වන්නේ යුද්ධය කල් දැමීමට නම් එයින් යුධ භටයන් තුළ ඇතිවන
උදාසීනත්වය, හානිදායක බව ඔවුන්ට හැඟිණි. ඇති වූ තත්ත්වය නිසා සභා ශාලාව තුළ දැඩි
නිශ්ශබ්දතාවයක් පැවතිණි.
“අප හැමෝටම උවමනා පිරිහෙමින් පවතින අපේ බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමයි. ආරක්ෂා
කරගැනීමයි. රට එක්සේසත් කරගැනීමට යි. ඒ උවමනාව අන් කිසිවකුටත් වඩා තිබෙන්නේ මටයි.
“එහෙත් මාගමින් අනුරාධපුරය බලා යන ගමන හොඳීන් සැලසුම් වී ඇතැයි මට සිතෙන තුරු මේ
ගමන යාමට ඉඩදෙන්න බැහැ’යි කෝපයෙන් යුතුව පැවසු කාවන්තිස්ස රජතුමා සභා ගැබෙන් පිටව
ගියේ ය. සියලු දෙනාගේම අවධානය යොමු වුයේ විහාර මහා දේවිය වෙත ය.
“මම මේ ගැන රජතුමාත්, ගැමුණු කුමාරයාත් සමඟ කතා කරන්නම්. අප භේද භින්න වීම මේ
අවස්ථාවේ කිසිසේත් සුදුසු නැහැ. රටේ වැඩි පිරිසක් ගැමුණු කුමාරයාගේ අදහස අනුමත කරන
බව මම දන්නවා. යුද්ධය දිගින් දිගටම කල් දැමීම කිසිසේත් සුදුසු නොවන බව මං දන්නවා.
නමුත් අපට මහරජතුමාගේ අදහස් ප්‍රතික්ෂේප කරන්න බැහැ. යුද්ධය ආරම්භ කළ යුත්තේ
එතුමාගේ ආශිර්වාදය ඇතිවයි. රට එක්සේසත් කිරීමේ උවමනාව අපටත් වඩා තිබෙන්නේ
රජතුමාටයි. ගැමුණු කුමාරයා උපදින්නටත් පෙර සිටමයි සේනා සංවිධානය ආරම්භ කළේ. දස මහා
යෝධයන් කිහිප දෙනෙකු ම ඒ බව දන්නවා. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණු කිහිපයක් ම
තිබෙනවා. අපේ යුද පුහුණු කටයුතු විශිෂ්ටයි. තොරතුරු එක්රැස් කිරීම ඇතුළු යුද
සංවිධාන මට්ටම ඉතා හොඳයි.
යුද්ධය අද ආරම්භ කළත් ජයග්‍රහණය නිසැකයි. රජතුමාගේ දුර දක්නා නුවණ, අත්දැකීම්
මෙහිදී ඉතා වැදගත්. මේ නිසා රජතුමා පෙන්වා දුන් අඩුපාඩු සකසා ගෙන අපේ ඉදිරි ගමන
කඩිනම් කර ගනිමු. මෙහිදී පිය පුතු භේදයක් ඇති නොවන පරිදි කටයුතු කිරීම වැදගත්. මම ඒ
පිලිබඳ වග බලා ගන්නම්.” විහාර මහා දේවිය කතා කළේ කාගේත් ප්‍රසාදය දිනා ගනිමිනි .
සභාවේ සිටි සියලු දෙනාම විසිර ගියේ සතුටිනි .
අයන්ති විතාන |