කවරයේ කතාව
භාග්‍යවතුන් වහන්සේ
සැවැත්නුවර වැඩ වාසය කරන කල් හි
පුණ්ණ ගෘහපති පැවිද්ද ලබා තෙරුවන්
සරණ ගියේ ය.
සුනාපරන්තයෙහි ම වසන්නට අවසර
ලද පුණ්ණ තෙරුන් සුනාපරන්ත ජනපදය
ට පැමිණ එහි අම්බාටක පර්වතයෙහි වැඩ
වාසය කෙළේ ය.
දිනක් වෙළෙඳ ගමට පිඬු පිණිස වැඩි
පුණ්ණ තෙරුන් හඳුනාගත් සිය බාල
සොහොයුරු කෙළෙඹි පුත්, පුණ්ණ
තෙරණුවන් ට දුර යාමට නොදී එහි ම වස්වා
සිවුපසයෙන් උපස්ථාන කෙළේ ය.
තෙරණුවෝ ඉන් පසු සමුද්‍රගිරි නම්
වෙහෙරකට වැඩියාහ.එහි සමුද්‍ර ඝෝෂය
ඇසෙන බැවින් කමටහන් වැඩීමට බාධාවක්
වූ තැන මාතුලගිරි
නම් වෙහෙරකට
වැඩිය හ.එහි ද
ලිහිණියන්ගේ
අධික ශබ්දය ඇති
බැවින් නො සැප
යැයි සලකා ඉනුත්
නික්ම සිය වෙළෙඳ
ගමට නුදුරු
මකුලාරාම නම්
වෙහෙරකට
පැමිණ එහි වස්
විසූහ.
එහිදි පුණ්ණ තෙරණුවෝ රහත්
භාවයට පත් වූහ.
දිනක් පුණ්ණ තෙරුන්ගේ බාල
සොහොයුරු වූ වෙළෙඳ තෙම
අතවැසි පන්සියයක් පමණ
වෙළෙඳුන් හා වෙළෙඳාම් පිණිස
පුණ්ණ තෙරුන් වැඳ පන්සිල්
ගෙන නැව් නැඟ පිටත් ව ගියහ.
ඔවුහු එසේ යාත්‍රා කරමින්
එක් දිවයිනකට ළගා විය.එය
පරික්ෂාකර බලන්නෝ
රත්සඳුන් වනයෙකැ යි දැන
මෙයට වැඩි වටිනා දෙයක්
ඔබ්බෙන් නො ලැබිය හැකි
බැවින් නැව හිස් කරවා රත්
සඳුනෙන් පුරවා,පෙරළා සිය රටට යාත්‍රා
කළහ. ඒ එන අතර මග නැව කුණාටුවකට
අසු විය. ප්‍රධාන වෙළෙඳ තෙම පුණ්ණ
තෙරහු අපට පිහිට වෙත්වා යි
තෙරුන් සිහි කළහ.
තෙරණුවෝ ද සොහොයුරා නැඟී ගිය
නැව අන්තරායකට මූණ පෑ බව දැන එහි
වැඩ ඔවුන් අස්වසා,මොවුන් කැමැති
තෙනකට නැව යේ වා යි අධිෂ්ඨාන කළහ.
මෙසේ සියලු වෙළෙන්දෝ නිරුපද්‍රිත ව
සිය ගමට ආහ.
ඉන්පසු ඔවුහු වඩාත් පැහැදී සිය බිරියන්
හා අවුත් තෙරුන් හමුයෙහි දී තිසරණයෙහි
පිහිටියහ. එම සිදුවීම පාදක කොට ගනිමින්
මෙවර කවරය සිතුවම් කොට ඇත.
වසන්ත |